සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP Finnfund Global Impact Fund I හි දිගු කාලීන ආයෝජන සමඟින් මෙහෙයුම් ශක්තිමත් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට අදහස් කරයි. විශේෂයෙන් නව තාක්ෂණය තුලින් සේවා වැඩි දියුණු කිරීම, වඩා වැඩි සේවාවක් ලබා දීම සඳහා AI හැකියාවන් ඉහළ නැංවීම වැනි අංශයන්හි දියුණුව වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුළ තමන් ලැබූ විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය තව දුරටත් ඉහළ නංවමිනි.

සිය විශිෂ්ට ප්‍රාග්ධන කළමනාකරණ ප්‍රවේශය සහ එහි ලාභය ඉහළ නැංවීම, ජාතික වශයෙන් වැඩි සේවාවක් ලබා දීම, ඩිජිටල් අවකාශය භාවිතය වැඩි දියුණු කිරීම හා රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් වන සේවාව තුලින් සංවර්ධනය වේගවත් කිරීමේ සොෆ්ට්ලොජික් ලයිෆ් උපාය මාර්ගයන්ට අනුව මෙම ආයෝජනය සිදු කර ඇත. සමාගමේ මූල්‍ය පදනම හා ස්ථාවර මෙහෙයුම් හි සුරක්ෂිතතාව පිළිබිඹු කරන මේ තුලින් සාර්ව ආර්ථික තත්වයන් යටතේ වුවද සිය වර්ධන ප්‍රමුඛතාවයන් විශ්වාසයෙන් ඉදිරියට ගෙන යාමට සමාගමට හැකි වේ. තවද සියලු අංශ හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට කැපවී කටයුතු කරන සමාගමක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ්හි කීර්තිය තවදුරටත් ඉහළ යාමටද මෙය හේතුවක් වනු ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් මාස 9ක කාලය සඳහා රුපියල් බිලියන 28.2ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සමත් වූයේ 29%ක වාර්ෂික වර්ධනයක් සනිටුහන් කරමිනි. රක්ෂණ කර්මාන්තයේ ඉහළම දළ ලිඛිත වාරික වර්ධනය රුපියල් බිලියන 6.28කි. සමාගම බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 3.3ක ලාභයක් වාර්තා කළ අතර සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 59ක් විය. මුළු කොටස් වටිනාකම රුපියල් බිලියන 11.6කි. ප්‍රාග්ධන හැකියාවෙන් වෙළෙඳපොල තුල පෙරමුණ ගෙන ගනිමින් 24%ක කොටස් මත ප්‍රතිලාභයක් සහ 298%ක ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් පවත්වාගෙන යාමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව ඇත්තේ එහි නියාමන අගය වන 120%ක අගය බෙහෙවින් අභිබවා යමිනි.

සොෆ්ට්ලොජික් ලයිෆ් සතු රක්ෂණ හිමිකම් කළමනාකරණයේ කාර්යසාධනය එහි විශිෂ්ටත්වය තවදුරටත් ප්‍රදර්ශනය කරයි. මේ වන විට රුපියල් බිලියන 13.5ක හිමිකම් සහ ප්‍රතිලාභ හිමිකර දීමට සමත්ව ඇත. එම මුදලින් රුපියල් බිලියන 9.5ක් ලබා දී ඇත්තේ සෞඛ්‍යය හා අනෙකුත් රක්ෂණ ආවරණ වෙනුවෙනි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම හිමිකම්වලින් 98%කට වැඩි ප්‍රමාණයක් එක් දිනක් තුල පියවීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව තිබීමයි. මිලියන 1.3කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම ආරක්ෂා කරමින් වේගවත් හා සාධාරණ සේවාවක් ඔවුන් වෙත ලබා දීම සඳහා සමාගමේ කැපවීම ඒ තුලින් මනාව පිළිබිඹු වේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් කලාපය තුළ තාක්ෂණයෙන් දියුණු හා පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ සේවාවක් පාරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. එහිදී සෑම විටම සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා ඔවුන්ට පහසුවෙන් ප්‍රතිචාර දැක්විය හැකි හා පාරිභෝගිකයින්ට ඉහළ ප්‍රතිලාභ අත්පත් කරදෙන AI පහසුකම්, විශ්ලේෂණයන් සහ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් වැනි හොඳම නව්‍යකරණ සේවාවන් ලබා දීමට ද සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි විශිෂ්ට සේවාව පිළිබඳ අදහස් දක්වමින් Norfund හි ආසියානු කලාපීය අධ්‍යක්ෂ Fay Chetnakarnkul සඳහන් කර සිටියේ “සොෆ්ට්ලොජික් ලයිෆ් තිරසාර වර්ධනයක්, මනා ප්‍රාග්ධන කළමනාකරණයක් මෙන්ම ක්ෂුද්‍ර රක්ෂණ සේවාවන් සමඟින් ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. රට පුරා සෑම පවුලකම මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ආයෝජනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සොෆ්ට්ලොජික් ලයිෆ් හි උපාය මාර්ගයන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව පෙනෙන්නට ඇති අතර ඒ නිසාම ඔවුන්ගේ ඉදිරි වර්ධනය වෙනුවෙන් ඔවුන් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතා සතුටුයි.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Finnfund හි ජ්‍යෙෂ්ඨ ආයෝජන කළමනාකාර Ulla-Maija Rantapuska “මූල්‍ය කාර්්‍ය සාධනයකට එහා ගිය ධනාත්මක බලපෑමක් අරමුණු කර ගනිමින් OP Finnfund Global Impact Fund I ක්‍රියාත්මක වනවා. එහි සමතුලිතභාවයට කදිම උදාහරණයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් පෙන්වා දිය හැකියි. ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ සුවිශේෂී කොටස්කරුවකු ලෙස ඩිජිටල් නවෝත්පාදනය, සෞඛ්‍ය ආරක්ෂාව හා කඩිනම් හිමිකම් පියවීම වැනි සේවාවන් හිදී ඔවුන් පෙරමුණ ගෙන තිබෙනවා. මෙම අඛණ්ඩ වර්ධනය සමඟින් රට පුරා ජනතාවට ඉහළම තත්වයේ ආරක්ෂණ විසඳුම් ලබා දීම සඳහා වන ඔවුන්ගේ උත්සාහයට ශක්තියක් වීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

OP Pohjola Asset Management හි ප්‍රධාන විධායක නිලධාරී Tuomas Virtala මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ධනාත්මක සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා අවධානය යොමු කර ඇති OP Finnfund Global Impact Fund I අඩු හා මධ්‍යම ආදායම්ලාභී ජනතාවට රක්ෂණ සේවාවන් සලසා ගැනීමේ හැකියාව උදා කර දීමට බලාපොරොත්තු වන බවයි. ඒ වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ්හි ආයෝජනය කළ බවද ඔහු සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා පවසා සිටියේ මෙසේයි.
“අපගේ වර්ධනීය ගමනේ සුවිශේෂී අවස්ථාවක හිමි වූ මෙම පහසුකම අපගේ දෙවන පෙළ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට හේතු වනවා. අප සතු තිරසාර මූල්‍ය කාර්ය සාධනය, මනා ප්‍රාග්ධන කළමනාකරණය සහ වෙළෙඳපොල ප්‍රමුඛතාව දිගු කාලීන ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට අපට අවස්ථාව උදා කර දී තිබෙනවා. ඒ අනුව Norfund සහ OP Finnfund Global Impact Fund I සමඟ වන හවුල්කාරීත්වය තුලින් අපගේ ප්‍රතිපත්තිවල ශක්තිය හා වගකීමෙන් යුතු වර්ධනය අත්කර ගැනීමේ හැකියාව පිළිබඳව පවතින විශ්වාසය මනාව තහවුරු වනවා. එය අපගේ සේවා පුලුල් කිරීමට මෙන්ම සියලු ශ්‍රී ලාංකික පවුල් වෙත දිගු කාලීන වටිනාකමක් ගෙන දෙන ආරක්ෂණ විසඳුම් ලබා දීම සඳහා අපගේ හැකියාව ඉහළ නංවනවා. ”

පසුගියදා අවසන් වූ 29 වන ආසියානු රක්ෂණ කර්මාන්ත සම්මාන උළෙලේදී (AIIA) සොෆ්ට්ලොජික් ලයිෆ් 2025 වසර සඳහා ‘AI Initiative of the Year’ සම්මානයෙන් පිදුම් ලැබූවේය. එමෙන්ම මෙම වසරේ කලාපීය වේදිකාවකදී පිළිගැනීමට ලක් වූ එකම ශ්‍රී ලාංකේය රක්ෂණකරු බවටද පත් වූයේ ද සොෆ්ට්ලොජික් ලයිෆ්ය. Asia Insurance Review හි සත්කාරකත්වය යටතේ පවත්වනු ලබන AIIA ආසියානු රක්ෂණ කර්මාන්ත සම්මාන උළෙලේදී රක්ෂණකරුවන්, ප්‍රතිරක්ෂණකරුවන්, තැරැව්කරුවන් සහ සේවා සපයන්නන් ඇගයීමට ලක් කරනු ලබන අතර එය කලාපයේ ගෞරවනීය සම්මාන උළෙලක් ලෙස පිළිගැනේ. මෙහි 2025 සම්මාන සඳහා ආසියානු කලාපයේ ඉහළම රක්ෂණ හා ප්‍රතිරක්ෂණ ආයතනයන්ගෙන් අයදුම්පත් ඉදිරිපත් වී තිබුණි. AIA Group, Prudential Vietnam, Allianz Malaysia, Nan Shan Life Taiwan සහ New China Life Insurance යනාදී ලොව ප්‍රකට ආයතන රැසක් කාණ්ඩ 17ක් ඔස්සේ මෙම අයදුම්පත් ඉදිරිපත් කර තිබිණු අතර ගෞරවණීය විනිශ්චය මණ්ඩලයක් විසින් සියලු අයදුම්පත් පරීක්ෂා කිරීම සිදු කරන ලදී.

මෙම සම්මානය තුලින් රක්ෂණයේ සියලු සේවාවන් මනාව ඉටු කිරීම හා පාරිභෝගිකයින් වෙත සුවපහසු සේවාවක් ලබා දීම සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි. රක්ෂණ කර්මාන්තයේ නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව ඇති මෙම සුවිශේෂී නව්‍යකරණ සංවර්ධනය සොෆ්ට්ලොජික් ලයිෆ්හි දැක්ම තව දුරටත් ශක්තිමත් කිරීමට සමත් වනු නිසැකය.

අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර්...
2025 மூன்றாம் காலாண்டில் 20 கோடிக்கும்...
கொழும்பில் நடைபெற்ற விசேட மாநாட்டில், தனது...
CINEC Celebrates 1,800 Graduates and...
Sunshine Holdings to Acquire 75%...
සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP...
Sri Lanka Chamber of the...
Felix Fernando elected Chairman of...
සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP...
Sri Lanka Chamber of the...
Felix Fernando elected Chairman of...
அட்டாலே எஸ்டேட்: இலங்கையின் மிகப்பெரிய ரப்பர்...