විභාගය හා අනාගතය වෙනුවෙන් TikTok භාවිත කරන අයුරු

Share

Share

Share

Share

වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ මාධ්‍ය හුදු විනෝදාස්වාදයේ මාවතක් ලෙස හැඳින්වුවද අද වන විට ඒ තුලින් තමන්ගේ ගැටලුවලට පිළිතුරු සොයන තරුණයින් ලොව පුරා සිටිති. තමන්ට දැනෙන හෝ තමන් මුහුණ දෙන හෝ තමන්ට අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු TikTok තුලින් සොයා ගැනීමට බොහෝ දෙනා උනන්දු වන්නේ එහෙයිනි.

විභාගයට සූදානම් වීම සඳහා TikTok හි තොරතුරු
විභාගයක් සඳහා සූදානම් වීමේදී පෙළ පොතේ ඇති අන්තර්ගතයන් පමණක් පාඩම් කිරීම ප්‍රමාණවත් නැව. ඒ සඳහා අමතර බොහෝ කරුණු සොයා ගත යුතුය. තරඟකාරී පාසල් අධ්‍යාපනයේ වැදගත් අංගයක් වන විභාගය නිසි පරිසි සම්පූර්ණ කිරීමට අවකාශ උදා වන්නේ එවිටය. අමතර තොරතුරු කොතෙකුත් අවශ්‍ය වුවද ඒවා නිසි ආකාරයෙන් සපයා ගැනීමට මාර්ගයක් නොමැති වීම දරුවන් මුහුණ දෙන ගැටලුවකි. තොරතුරු සෙවීමට තැනින් තැන යා යුතු වීම හා නිවැරදි තොරතුරු දැයි සැකයක් පැවතීම නිසා එය තවදුරටත් දුෂ්කර වනු ඇත. TikTok සමඟින් කටයුතු කරන දරුවන් හට එය තව දුරටත් දුෂ්කර කරුණක් නොවන්නේ තමන්ට අවශ්‍ය විෂයය ක්ෂේත්‍රයට අදාළ පාඩම්, තොරතුරු හා විභාගයට අදාළ තවත් බොහෝ මඟ පෙන්වීම් එහි අන්තර්ගත වන බැවිනි.

ඊට අමතරව සියලු තොරතුරු පහසුවෙන් සොයා ගැනීමට හැකියාව සහිත TikTok දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ධ ඉතා ඉහළ වගකීමක් දරන බැවින් තරුණ දරුවන් මේ වෙත යොමු වීම අවධානම අවම කරුණක් වනු ඇත. ඒකම අන්තර්ගතයන් විවිධ පුද්ගලයින්ගේ වීඩියෝ, පාඩම් හා උපදෙස් අනුව තමන් ගැලපෙන ආකෘයෙන් තෝරා ගැනීමේ අවකාශයද මෙහිදී දරුවන්ට උදා වේ. කෙසේ වුවද අවසානයේ තමන්ගේ විභාගයට අවශ්‍ය පෙල පොතෙන් සොයා ගත නොහැකි බොහෝ දේ සොයා දෙන TikTok සියලු විෂයයන් පිළිබඳ මනා දැනුමක් මෙන්ම විභාගයෙන් ඉහළ ජයග්‍රහණයක් අත් කර දෙනු නිසැකය. මේ හරහා සිසුන්ගේ වටිනා කාලය අපතේ නොයාමද මෙහි ඇති විශේෂත්වයකි.

වෙනස් වන ලෝකයට අවශ්‍ය විෂයයන් තෝරා ගැනීම, අධ්‍යයන මාර්ග හා වෘත්තීය මඟ පෙන්වීම
ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යන විට වෙනස් වන ලෝකයට අදාලව දරුවන්ගේ අධ්‍යාපනයද වෙනස් විය යුතුය. එහෙයින් දරුවන්ට උගන්වනු ලබන විෂයයන්ද වෙනස් විය යුතුය. එනම් අනාගතයට ගැලපෙන විෂයයන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් විය යුතුය. තාක්ෂණය, ඩිජිටල් සේවා, දත්ත, තිරසාරභාවය සහ දුරස්ථ රාජකාරී යන ක්ෂේත්‍රයන් සමාජය තුළ වැඩි කතා බහට ලක්ව ඇති බැවින් ඒවාට අදාල විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳව වැඩි වැඩියෙන් හැදැරීමේ අවස්ථාව දරුවන්ට උදා කර දිය යුතුය. අද වන විට දරුවන්ද මෙම ක්ෂේත්‍රයන් පිළිබඳව හැදැරීමට කටයුතු කර ඇත්තේ ඒ තුලින් තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමේ මහඟු අවස්ථාව ඔවුන්ට උදා වන බැවිනි.

මෙම විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම දරුවන් අතරට ගෙන යාමේදී නව සමාජ මාධ්‍යයක් ලෙස සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීමට TikTok කටයුතු කර ඇත්තේ දරුවන්ට වඩා හොඳින් අවබෝධ වන පරිදි සකස් කළ අන්තර්ගතයන් නිර්මාණාත්මක ඉදිරිපත් කරමිනි.

තවද විෂයන් තෝරා ගැනීමේදී අනාගතයට සරිලන ආකාරයෙන් ඒවා තෝරා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමද TikTok සිදු කරයි. එහිදී ඒ විෂයයන්හි වැදගත්කම, ඒවා තෝරා ගැනීම තුලින් ලැබෙන අවස්ථා, උපාධි අවස්ථා වැනි බොහෝ දේ පිළිබඳව අන්තර්ගතයන් තුලින් තාරුණයය දැනුවත් කිරීමට කටයුතු කර ඇති TikTok ඒ සියලු දේ තම වේදිකාව තුලින් මනාව ඉගෙන ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

#LearnonTikTok හරහා මේ යටතේ ඉංජිනේරුවන්, රසායනාගාර පර්යේෂකයින්, තාරකා විද්‍යා සිසුන්, නිර්මාණාත්මක හා තාක්ෂනික විෂයන්හි මුල් කාලීන වෘත්තීය වෘත්තිකයින් සහ තවමත් පුහුණුව ලබන අයගෙන් එක් එක් විෂය දැනුම සහිත අන්තර්ගතයන් ලබා ගත හැකි වේ. වෘත්තීය මරාගෝපදේශය තුලින් අධ්‍යාපනයෙන් පසු නිත්‍ය රැකියාවක හිමිකම ලබා ගැනීමේ සුවිසල් අවස්ථාව මේ හරහා තරුණයින්ට උදා වේ.

කුසලතා ගොඩනගා ගැනීම
අනාගය වෙනුවෙන් වෘත්තීය හා වෙනත් කුසලතා ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍යය වේ. විශේෂයෙන් වෘත්තීයක් වෙනුවෙන් ඇති විවිධ පාඨමාලා, වැඩසටහන් වැනි දේ ඒ සඳහා කදිම මඟ පෙන්වීමක් සිදු කරයි. තමන් කැමති විෂයය කෂේත්‍රට අදාල පාඨමාලා, උපාධි හෝ ඩිප්ලෝමා වැඩසටහන්, වැඩමුලු වැනි සියලු දේ පිළිබඳ තොරතුරුද TikTok තුලින් දැනගත හැකිය.

එසේම ඒ ඒ ක්ෂේත්‍රයන්හි පිළිගත් වැඩසටහන් වැනි දේ හැදැරිමට හැකි ස්ථාන ඒවා සඳහා දැරිය යුතු මිල ගණන් ද මේ තුලින් දැන ගත හැකිය.

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...