කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම එක්ව බියගම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි

Share

Share

Share

Share

කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. බොහෝ දෙනෙකුට මේ වන විට සුරක්ෂිත පානීය ජලය ලබා ගැනීමේදී දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇත. එබැවින් ගංවතුර හේතුවෙන් අපවිත්‍ර වූ ළිං සහ නල ළිං පිරිසිදු කිරීම සහ නැවත ස්ථාපිත කිරීමට මෙමගින් ප්‍රමුඛත්වය ලබා දෙයි. තවද මෙම වැඩසටහන මඟින් පාසල් සහ ග්‍රාම නිලධාරී කාර්යාල වැනි අත්‍යවශ්‍ය මහජන සේවා ස්ථාන පිරිසිදු කර නැවත විවෘත කරනු ඇත. එවිට සිසුන්ට, නිලධාරීන්ට සහ ජනතාවට ඔවුන්ගේ දෛනික කටයුතු ආරක්ෂිතව නැවත ආරම්භ කිරීමට හැකිය. මෙම ව්‍යසනයෙන් පසුව සිදු කරනු ලබන මූලික ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස කඩිනමින් අපවිත්‍ර ජලය ඉවත් කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතුවලට සහාය වීම සඳහා සේවාලංකා පදනම සහ TCCF ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ජල පොම්ප පරිත්‍යාග කර ඇත.

මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ (MOH) මග පෙන්වීම යටතේ හදිසි සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා නැවත ආරම්භ කිරීමට හැකි වන පරිදි MOH විසින් කළමනාකරණය කරනු ලබන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලට සහාය ලබා දෙයි. මෙයට පිරිසිදු කිරීමේ කටයුතු, සුන්බුන් ඉවත් කිරීම, අවදානම් සහිත ඕනෑම දෙයක් නැවත ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි හදිසි වෛද්‍ය ද්‍රව්‍ය සැපයීම ආදිය ඇතුළත් වේ. මීට අමතරව MOH කාර්යාල හරහා තෝරාගත් පුද්ගල කණ්ඩායම්වලට සෞඛ්‍ය, පෝෂණය සහ සනීපාරක්ෂාව ආශ්‍රිත සහාය ලබා දීම සඳහා වෛද්‍යවරුන් සහ පළපුරුදු හෙදියන්ගෙන් සමන්විත වෛද්‍ය කඳවුරු ද පවත්වනු ලබයි.

දරුවන්, ගැබිනි සහ කිරි දෙන මව්වරුන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළුව මෙම ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ පුද්ගල කණ්ඩායම්වලට ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව මෙම සහන පැකේජ ලබා දීමට නියමිතය. මෙම පැකේජවලට සනීපාරක්ෂක ද්‍රව්‍ය, වියළි ආහාර, ළදරු නිෂ්පාදනවලට අමතරව තුවා, පැදුරු සහ බ්ලැන්කට් වැනි මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් වේ. නැවුම් පළතුරු සහ එළවළු ඇතුළත් විශේෂ පෝෂණ පැකේජයක් ද සුදුසුකම්ලත් පුද්ගලයින්ට ලබා දෙනු අතර මෙම ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ග්‍රාම නිලධාරී කාර්යාල හරහා සිදු කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා පදනමේ සභාපති Carlos Pagoaga මහතා පැවසුවේ “‍ගංවතුරෙන් පසු ජනතාවට සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය ඉතා වැදගත්. සේවාලංකා පදනම සහ පළාත් පාලන ආයතන සමඟ එක්ව සමීපව කටයුතු කිරීමෙන් බියගම ප්‍රදේශයේ පවුල්වලට කඩිනමින් සහන සැලසීමටත් සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමටත් උපකාර කිරීම අපගේ අරමුණයි.”‍ යනුවෙනි.
“ගංවතුර හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට ලක් වුණා. කොකා-කෝලා පදනමේ සහාය ඇතිව අපට මෙම ජනතාවට ඉක්මනින් උපකාර කිරීමටත් හදිසි අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන අතරම ජනතාවට ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් වීමට සහාය වීමටත් හැකියි.” යනුවෙන් සේවාලංකා පදනමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කෞෂල්‍යා නවරත්න මහත්මිය පැවසුවාය.

මෙම වැඩසටහන මගින් ස්වභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා කොකා-කෝලා පදනමේ කැපවීම මැනවින් පෙන්නුම් කරයි. මෙවැනි හදිසි ආපදා අවස්ථාවලින් පසු ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහන ලබා දීම සඳහා කොකා-කෝලා පදනම දේශීය හවුල්කරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරයි.

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...