1880 දී ස්ථාපනය කල කැනවරෙල්ලා වතුයාය මෙරට වතුයායන් අතර ෙඑතිහාසික වටිනාකමක් සහිත වතුයායක් ලෙස හැඳින්විය හැක. ඒමෙන්ම මේ හා බැඳුනු , කෘෂි උරුමය සහ බ්‍රිතන්‍ය පාලන කාලයේ සිට වර්තමානය දක්වා පැවති සංක්‍රාන්තිය ද ඉහළ වටිනාකමක් උසුලයි. මෙම වතුයායේ ආරම්භය කොපි වගාව අසාර්ථක වීමත් මැලේරියාව දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් වූ ක්වීනින් ඖෂධය නිපදවීම සඳහා අවශ්‍ය සින්කොනා වගා කිරීමත් සමග බැඳී පවතී.

මර්සසස් මැක්ෆාලන් සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින කැනවරෙල්ලා වතුයාය සින්කෝනා වගාව නිසා ඉහල කීර්තියක් අත් කර ගත් අතර මෙම වගාව සඳහා වඩාත් සුදුසු අඩි 4000ත් 5000ත් අතර උසකින් මෙම වතුයාය පිහිටා ඇත. මෙම කාලවකවානුව වන විට සමස්ත වතුයාය අක්කර 750ක භූමියක් පුරා පැතිර තිබු අතර 19 වන සියවස අග භාගයේ කෝපි වගාව අසාර්ථක වීමත් සමග විකල්ප වැවිලි භෝගයන් සඳහා යොමු විය හැකි බව පෙන්නුම් කල ප්‍රශස්තම අවස්ථාව මෙය විය.
මෙම වතු යායේ පරිවර්තීය සමය ඇරඹෙන්නේ බ්‍රිතන්‍ය ජාතික ක්‍රිස්ටොපර් බී. ස්මිත් මහතා මෙම වතුයාය මිලදී ගැනීමත් සමගය. ඒ සමගම ඔහු මෙම වතුයාය ආසන්නයේ පැවති වතුයායන් වූ මවුස්සාගොල්ල, කැනවරෙල්ලා, නැගෙනහිර ගවරකැලේ සහ නමිනාකූලි යන වතුයායන් ඒකතු කර කැනවරෙල්ලා සමූහය බිහි කරන ලදි. මෙම ඈඳා ගැනීම සමග සමස්ත වතුයායේ භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 1800ක් පමණ විය. 1915 වන විට මින් අක්කර 1512ක තේ වගාව ද, සිදු කල අතර මෙම සංක්‍රාන්තික කාලය තුල මීට පෙර සින්කෝනා වගා කල වතුයාය ක්‍රමයෙන් තේ වගාව වෙත සංක්‍රමණය වීමත් සමග මෙහි අනන්‍යතාව පරපුරෙන් පරපුරට මේ දක්වා රැගෙන එනු ලබයි. මෙම සමූහය 1915 සිට 1964 දක්වා ඊස්ටන් ප්‍රඩියුස් ඇන්ඩ් එස්ටේට් සමාගම යටතේ පැවති අතර පසු කාලීනව මෙම වතුයායේ භාරකාරීත්වය වෝකර්ස් සහ පුත්‍ර සමාගමට හිමි වීමත් ඉන් අනතුරුව 1969 දී ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට මෙහි අයිතිය හිමි වීමත් සිදු විය.
මෙහි වඩාත් තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් වන්නේ 1971 දී මෙම වතුයාය ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර වරයකු වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා අත්පත් කර ගැනීමත් සමගය. ඔහුගේ හිමිකාරීත්වය යටතේ මෙම වතුයායේ කළමනාකාරීත්වය ලන්ඩනය පාදක කරගත් Ceyover Ltd සමාගමට පැවරුණ අතර මෙම සමාගම් නාමයෙහි “Cey” යනුවෙන් සිලෝන් යන්නද, “Over” යන්නෙන් ඔලිවර් යන්නද අරුත් ගන්වයි. 1975 වතු ජනසතුකරණය වන තුරුම මෙම වතුයාය පුද්ගලික හිමිකාරීත්වයෙහි පැවති අතර ජනසතුකරණයෙන් අනතුරුව කැනවරෙල්ලා වතුයාය ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙහි පාලනයට නතු විය. ඒතැන් සිට දශක දෙකක් යන තුරුම මෙම වතුයාය රජයේ පාලනයට නතුව තිබූ අතර 1992 දී වතු පුද්ගලීකරණය කිරීම සමගම මෙහි කළමනාකාරීත්වය නමුනුකුල වැවිලි සමාගමටත් ඉන් අනතුරුව ජෝන්කීල්ස් සමූහයට අයත් කීල්ස් වැවිලි සමූහයටත් ඉන් අනතුරුව රිචඩ් පීරිස් සහ සමාගම යටතට පත් වූ අතර අද වන විට මෙම වතුයාය ඒහි ආර්පිකෝ වැවිලි සමූහයට අයත් වෙයි.
උරුමය, භූමිය සහ ප්‍රජාව සමග ඒ්කාබද්ධ වීම
කබ්රාල්ල මවුස්ගොල්ල කඳුවැටියේ ඊසාන දිග බෑවුමට වන්නට පිහිටා ඇති මෙම වතුයාය නමුනුකුල කඳු පන්තියට මායිම් ව පිහිටා ඇත. කැනවරෙල්ලා වතුයාය හෙක්ටයාර 800කින් සමන්විත අතර මෙයට අයත් වැවිලි බිම් 6 මුහුදු මට්ටමේ සිට උස මීටර් 910 සිට 1320 තෙක් විහිද යන අතර මෙම භූමිය උඩරට තේ වගාව සඳහා ඉහල සාරවත් බවක් ලබා දෙයි. මුලු භුමියෙන් හෙක්ටයාර 351ක් පරිණත තේ ගස් සඳහාත්, තවත් හෙක්ටයාර 54ක් VP තේ සඳහාත් වෙන් කර ඇති අතර මෙම ප්‍රමාණය මුලු වතුයායේ භූමියෙක් 16%ක් පමණ වේ. මෙම වතුයායේ දැකිය හැකි තවත් සුවිශේෂී අංගයක් වන්නේ තේ බීජ ලබා ගන්නා වසර සියයකට වඩා පැරණි තේ පඳුරු පැවතීමයි. මෙම තේ පඳුරු මෙරට තේ වැවැලි කර්මාන්තයේ ප්‍රෞඩත්වය විදහා දක්වන ජීවමාන සංකේතයන් බඳුය. මෙම වතුයාය මවුස්සාගොල්ල කොට්ඨාසයෙන් ආරම්භ වී කනවරැල්ලේ ස්වභාවික පරිසරයට පාරිසරික පොහොසත් කමක් එක් කරන මැණික් ගඟේ ආරම්භක භූමිය පිහිටීම එහි වටිනාකම තවත් වැඩි කිරීමට ඉවහල් වේ.
කැනවරෙල්ලා වතුයායෙහි නායකත්ව ඉතිහාසය මගින් ද වැවිලි ක්ෂේත්‍රයේ පුලුල් සංක්‍රාන්තික සමයක් සනිටුහන් කරනු ලබයි. මෙහි අවසන් ඉංග්‍රීසි වතුපාලක වරයා වූ චාර්ල්ස් ඒඩ්වර්ඩ් මහතා බ්‍රිතාන්‍ය පාලනයෙහි අවසන් කාලයේදී මෙහි කටයුතු කරන ලදි. 1972 වන විට ඔහුගේ ඇවෑමෙන් ෆ්රැන්ක්ලීන් ජෙකොබ් මහතා පරිපාලක තනතුරට පත් වූ අතර කැනවරෙල්ලා වතු සමූහයේ පළමු ශ්‍රී ලාංකීය වතුපාලකවරයා බවට ඔහු පත්විය. ඔහු ගේ පත් වීමෙන් පසුව දිගටම වතු පරිපාලනයේ නායකත්වය වතු කළමනාකරණයෙහි හසල දැනුමක් සහිත ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාව විවර විය.
කැනවරෙල්ලා වතුයායේ සංවර්ධන කටයුතු කෘෂි කර්මික කටයුතු සඳහා පමණක් ම වෙන් නොවීය. පසුගිය දශකය පුරා වතුයාය සිය සේවක ප්‍රජාව සවිබල ගැන්වීම, විවිධාංගීකරණය, සහ ජීවන තත්වය උසස්කර ලීම සඳහා කටයුතු කරමින් සිටී. 2022 වසරේදී කෝපි වගාව NKU වගා කොටසේ 7 වැනි සහ 8වැනි භුමි පරිශ්‍රයන්හි ආරම්භ කළ අතර මෙලෙස කෝපි වගා කල මුලු භූමි ප්‍රමාණය කෙටයාර 2.5ක් විය. මෙය භෝග විවිධාංගීකරණය සහ අතිරේක ආදායම් මාර්ග බිහි කිරීමේ වැඩපිලිවෙලක ආරම්භය විය. පූර්ව ළමා විය සංවර්ධන වැඩසටහන් සඳහා සිය කැපවීම පෙන්නුම් කරමින් වතුයායේ පිහිටි සියලු පුර්ව ලමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා උදෑසන ආහාර ලබා දීමේ වැඩසටහන 2025 වසරේ සිට ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ යටතේ මෙම වතුයායේ සේවකයින්ගේ දරුවන් සඳහා දෛනිකව පෝෂණීය ආහාර වේලක් හිමිවෙයි. EGK වගා කොටසේ පිහිටි අලුතින් ඉදිකරන ලද පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය 2020 දී වැඩ අවසන් කල අතර නවීන පහසුකම් වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය. ක්‍රීඩා පහසුකම්, අධ්‍යයන කාමරය සහ මුලුතැන්ගෙය, අනාගත පරපුර දැනුමෙන් සන්නද්ධ කරවීම සඳහා වතුයායේ කැපවීම පෙන්නුම් කරනු ලබයි. 2015 දී නිවාස ඉදිකිරීමේ වැඩසටහන යටතේ නව නිවාස 23ක් ඉදිකර නිම කිරීමෙන් අනතුරුව CVE වැවිලි කොටසේ සේවකයින්ට භාර දීම සිදු කෙරුණ අතර වකුයායේ සමස්ත සේවකයින්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා වඩාත් ස්ථාවර ජීවන පරිසක් නිර්මාණය කිරීමට සමාගම පියවර ගෙන ඇත.
ස්ථාවරත්වය සහ නව්‍යකරණය මත ගොඩනැගෙන අනාගතය
කැනවරෙල්ලා වතුයාය වඩාත් වැදගත් සමාජ සංවර්ධන වැඩපිලිවෙලක් භාර ගැනීමේ සූදානමින් සිටී. මේ යටතේ සමාගමේ ප්‍රමුඛතම නිවාස යෝජනා ක්‍රමය යටතේ නායයෑමට වැඩි ඉඩක් සහිත මවුස්සාගොල්ල වැවිලි කොටසේ පදිංචිව සිටි පවුල් 69ක් ඒම ස්ථානයෙන් ඉවත් කර වඩාත් ආරක්ෂිත ස්ථානයක යලි පදිංචි කරවීමට කටයුතු කල අතර මේ සඳහා ඉන්දියානු රජය විසින් පවත්වාගෙන යන වතු නිවාස වැඩසටහන යටතේ සහාය හිමි විය. මේ යටතේ වඩාත් ආරක්ෂිත, තිරසාර නිවාසයන් ලබාදෙමින් දිගුකාලීන ස්ථාවරත්වය සහ ව්‍යසනයන්ට ගොදුරු වීමේ අවම අවස්ථාවක් සහිත භුමිප්‍රදේහවල මෙම ජනතාව යලි පදිංචි කරවනු ඇත.
කැනවරෙල්ලා වතුයාය එහි ඉතිහාසය පුරාවටම මෙම භූමියෙහි පදිංචිව සිටි මිනිසුන්ට සහ ඊට ආවේණික බිම් ප්‍රදේශයට නිවහන වී ඇත. තවදුරටත් මෙම වතු යාය ඒහි ජීවත් වන ජනතාවගේ නූතන ප්‍රෞඩත්වය ඉහල නැංවීම සඳහා පියවර ගනිමින් සිටී.




