මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT සිවිල් ඉංජිනේරු ගෞරව උපාධියට ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) පූර්ණ පිළිගැනීමක් හිමිවෙයි

Share

Share

Share

Share

ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මෙරට ඉංජිනේරු අධ්යාපන ක්ෂේත්රයේ සුවිශේෂී ජාතික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සිවිල් ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාව සඳහා ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මගින් පිරිනමනු ලබන පූර්ණ පිළිගැනීමක් හිමිකරගෙන ඇත. මෙම පූර්ණ පිළිගැනීම, ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සිය ඉංජිනේරු අධ්යාපනයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දක්වන අඛණ්ඩ කැපවීම උදෙසා ලැබුණු ඉහළම සහතිකයකි. මීට පෙර පැවති කොන්දේසි සහිත පිළිගැනීමේ සිට මෙම පූර්ණ පිළිගැනීම කරා පැමිණීම, ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ඉහළ අධ්යයන ප්රමිතීන් සහ වෘත්තීය විධිවිධානවල ප්රගතිය මැනවින් පිළිබිඹු කරන්නකි.

මෙරට ඉංජිනේරු වෘත්තිය සහ අධ්යාපනය සම්බන්ධයෙන් පවතින උත්තරීතර වෘත්තීය ආයතනය වන ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය, ඉංජිනේරු උපාධි පාඨමාලාවක තිබිය යුතු දැඩි අධ්යයන සහ වෘත්තීය අවශ්යතා, ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිවිල් ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාව සපුරා ඇති බව මෙම පූර්ණ පිළිගැනීම හරහා සහතික කරයි. ශ්රී ලංකාවේ රාජ්ය නොවන උසස් අධ්යාපන ආයතනයක් මෙවැනි පූර්ණ පිළිගැනීමක් ලබාගත් ප්රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, එමගින් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ විෂය මාලාව, ආචාර්ය මණ්ඩලයේ ප්රවීණත්වය, යටිතල පහසුකම් සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්රියාවලීන් ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි දැඩි ඇගයීම් මට්ටම් සපුරා ඇති බව තහවුරු වේ.

මෙම ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨය පසුගිය කාලසීමාව පුරා සිය විෂය මාලාවන් නවීකරණය කිරීමටත්, පර්යේෂණ ධාරිතාවන් ශක්තිමත් කිරීමටත්, රසායනාගාර සහ ඉගෙනුම් පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමටත් විශාල කැපවීමක් සිදු කළේය. ජාතික අපේක්ෂාවන් සහ ජාත්යන්තර ප්රමිතීන් යන දෙකම මැනවින් සපුරාලමින් උසස් ඉංජිනේරු අධ්යාපනයක් ලබා දීමට ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය දක්වන මෙම සුවිශේෂී උත්සාහය, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය ලබා දුන් මෙම තීරණය හරහා ජාත්යන්තර මට්ටමින් ද ඇගයීමට ලක්වනු ඇත.

මෙම උපාධි පාඨමාලාව හදාරන සිසුන්ට සිය වෘත්තීය ගමන ශක්තිමත් කරගැනීමටත්, විශේෂයෙන්ම ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය හරහා පිරිනමනු ලබන වරලත් ඉංජිනේරු’ තත්ත්වය ලබා ගැනීමට අවශ්ය මූලික සුදුසුකම් සපුරා ගැනීමටත් වඩාත් පහසු මාවතක් පූර්ණ පිළිගැනීමක් හරහා විවර වේ. ක්ෂේත්රයේ ඉතා ඉහළ පිළිගැනීමක් සහිත මෙම වෘත්තීය සුදුසුකම දේශීය මෙන්ම ජාත්යන්තර රැකියා වෙළඳපොළ තුළ ද සිසුන්ගේ වෘත්තීය වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට සමත් වේ.

ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිවිල් ඉංජිනේරු පාඨමාලාව ලොව පිළිගත් ඕනෑම ඉංජිනේරු උපාධියක් හා සමාන මට්ටමක පවතින බවට අනාගත සිසුන්ට දැන් විශ්වාසය තැබිය හැකිය. සම්ප්රදායිකව රාජ්ය විශ්වවිද්යාල සතු වූ මෙවැනි ඉහළ වෘත්තීය ප්රමිතීන් කරා ළඟාවීමට ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වැනි රාජ්ය නොවන ආයතනයක් සමත් වීම මෙරට අධ්යාපන ක්ෂේත්රයේ නව පිම්මකි. මෙමගින් උසස් ඉංජිනේරු අධ්යාපනය සඳහා පවතින ප්රවේශය පුළුල් වනවා සේම රටේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනයට ද මහත් පිටිවහලක් ලැබේ.

මෙම ජයග්රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය අයන්ත ගෝමස් මහතා මෙසේ පැවසීය: ” ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ පූර්ණ පිළිගැනීමක් ලබාගත් ප්රථම රාජ්ය නොවන උසස් අධ්යාපන ආයතනය ලෙස නව ප්රමිතියක් ස්ථාපිත කිරීමට ලැබීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා. ආචාර්ය ජනක පෙරේරා මහතා ප්රමුඛ අපගේ කැපවූ කාර්ය මණ්ඩලයට මෙහි ගෞරවය හිමිවිය යුතුයි. නූතන සිවිල් ඉංජිනේරු ක්ෂේත්රයේ සිදුවන වෙනස්කම් හඳුනා ගනිමින් කෘත්රිම බුද්ධිය (AI), BIM සහ IoT වැනි නවීන තාක්ෂණයන් අපේ විෂය මාලාවට දැනටමත් ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම, ප්රායෝගික ව්යාපෘති සහ ඩිජිටල් කුසලතා ඔස්සේ සිසුන්ගේ ගැටලු විසඳීමේ හැකියාව දියුණු කිරීමට අප ප්රමුඛත්වය ලබා දෙනවා.”

මෙම ජයග්රහණය හරහා ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨයේ විශ්වසනීයත්වය සහ ගුණාත්මකභාවය යළිත් තහවුරු වී ඇති අතර, එය සමස්ත ආයතනය ලැබූ සාමූහික ජයග්රහණයකි. අනාගතයට ගැළපෙන, ජාතික සහ ගෝලීය සංවර්ධනයට සෘජුව දායක විය හැකි දක්ෂ ඉංජිනේරුවන් බිහි කිරීමේ සිය මෙහෙවරෙහි SLIIT ආයතනය තවදුරටත් නොසැලී පෙරට යයි.

TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
ITC Ratnadipa Secures Coveted ‘Sustainable...
LPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ අනාගත...
ITC Ratnadipa Introduces Rūhāniyat, an...
JKCG Auto and Green EV...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
Prime Lands Residencies සමාගමේ ‘The...