HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙයි

Share

Share

Share

Share

ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවා යෝජකයින් හඳුනා ගැනීම සඳහා වැදගත් හා විශ්වසනීය ජාතික මිණුම් ලකුණක් ලෙස සැලකේ. එය පාලනය, නායකත්වය, පුද්ගල කළමනාකරණ පිළිවෙත්, සේවක යහපැවැත්ම, ඉගෙනීම හා සංවර්ධනය, කාර්යසාධන කළමනාකරණය සහ සේවා ස්ථාන සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර මත පදනම්ව සමාගම් ඇගයීමට ලක් කරයි.

මෙම සම්මානය මගින් පිළිබිඹු කරන්නේ HNB සතු ශක්තිමත් මානව ප්‍රාග්ධන උපායමාර්ගික හැකියාවයි. පසුගිය වසර කිහිපය තුළ බැංකුව රැකියා භූමිකාවන් සහ වගකීම් පැහැදිලි කිරීම සඳහා නව පියවර කිහිපයක් හඳුන්වා දුන් අතර එමඟින් බැංකුවේ සේවය කිරීමේ සමස්ත අත්දැකීමද වැඩිදියුණු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන මානව සම්පත් නිළධාරී කේ. ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ “රටේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වීම යනු අප දිනපතා සිදු කරන කාර්යය හඳුනාගෙන එය අගය කරන බවට වැදගත් සහතික කිරීමක්. HNB සාමාජිකයින් කළමනාකරණය කිරීමේදී අප අනුගමනය කරන ඉහළ ප්‍රමිතීන් මෙන්ම HNB යනු ඔවුන්ගේ දායකත්වය අගය කරන සහ ඔවුන්ගේ වෘත්තීය වර්ධනයට සහාය වන සේවා ස්ථානයක් බව එමගින් පෙන්නුම් කරනවා. මෙම පිළිගැනීම අපගේ සේවා ස්ථාන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සෑම සාමාජිකයෙකුටම සාර්ථක වීමට අවශ්‍ය සහයෝගය ඇති බව සහතික කිරීමට අපව දිරිමත් කරනවා. තවද අපගේ සාමාජිකයින්ගේ කුසලතා හා හැකියාවන් වර්ධනය කරන සහ බැංකුව වෙනුවෙන් ඔවුන් ලබා දෙන දායකත්වය අගය කරන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා HNB හි කැපවීම ද මෙම සම්මානය මගින් තවත් ශක්තිමත් කරනවා.” යනුවෙනි.

බාහිර උපදේශකයින්ගේ සහාය ඇතිව HNB විශේෂ උපාය මාර්ගික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. එහි කොටසක් ලෙස බැංකුව එහි ආයතනික ව්‍යුහය සමාලෝචනය කිරීම, රැකියා ශ්‍රේණි හා වැටුප් පරාසවලට වර්ගීකරණය කරන පද්ධතියක් නිර්මාණය කිරීම මෙන්ම සේවක වන්දි සහ ප්‍රතිලාභ තක්සේරු කළේය. මෙහි අරමුණ වූයේ සාමාජිකයින් තම රැකියා භූමිකාවන් තුළින් අපේක්ෂා කරන දේ සහ වැටුප් හා ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙමින් සියලුම අංශ හරහා ස්ථාවර සේවා ප්‍රමිතීන් නිර්මාණය කිරීමයි. මිට අමතරව කාර්යසාධනය මත පදනම් වූ මිණුම් භාවිතා කරමින් ඇගයීමට ලක් කරන සාමාජිකයින් සංඛ්‍යාව 18% සිට 41% දක්වා වැඩි කිරීම මඟින් බැංකුව තම කාර්යසාධනමය සේවා සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කර ඇත. මීට පෙර මෙයට ඇතුළත් වූයේ කළමනාකරණ මට්ටමේ හා ඊට ඉහළ මට්ටම්වල සාමාජිකයින් පමණක් වූ අතර දැන් එය විධායක සහ ජ්‍යෙෂ්ඨ විධායක මට්ටම්වල සාමාජිකයින් දක්වා ද ව්‍යාප්ත වී තිබේ.

TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
ITC Ratnadipa Secures Coveted ‘Sustainable...
LPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ අනාගත...
ITC Ratnadipa Introduces Rūhāniyat, an...
JKCG Auto and Green EV...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
Prime Lands Residencies සමාගමේ ‘The...