අලෙවියෙන් පසු සේවා ජාලය ශක්තිමත් කරමින් BYD ශ්‍රී ලංකාවේ විශාලතම අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද විශාලතම අලුත්වැඩියා පහසුකම ලෙස ස්ථාපිත කර ඇත.

සීදූවේ පිහිටි පැරණි Formula World ගොඩනැගිල්ලේ මෙම නව පහසුකම ස්ථාපිත කර ඇති අතර එය BYD සහ DENZA ඔවුන්ගේ අලෙවියෙන් පසු සේවාවන් ශක්තිමත් කිරීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයේ වැදගත් පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහි එකවර වාහන 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් හැසිරවිය හැකි අතර අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කිරීමේ හැකියාව ඉහළ නැංවීමටත් බස්නාහිර පළාතේ අනෙකුත් සේවා ස්ථානවල තදබදය අඩු කිරීමටත් උපකාරී වේ.

මෙම පහසුකම විශේෂයෙන් අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා සහ සංකීර්ණ නඩත්තු කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර එමඟින් BYD සහ DENZA පාරිභෝගිකයින්ට විශේෂඥ අලුත්වැඩියා සේවා ලබා ගැනීමට සහ ඔවුන්ගේ වාහන ඉක්මනින් ආපසු ලබා ගැනීමට හැකි බව සහතික කරයි. ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා ඉල්ලුම වේගයෙන් වර්ධනය වන බැවින් මෙම වාහන අමතර කොටස් පහසුකම එම අවශ්‍යතාවයට කදිම ප්‍රතිචාරයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “අපගේ මෙම සීදුව වාහන අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම අපගේ අලෙවියෙන් පසු සේවාවන් වේගයෙන් ව්‍යාප්ත කිරීමේ වැදගත් පියවරක්. මෙම ආයෝජන හරහා, සේවා සහ අලුත්වැඩියාවන් සඳහා වැඩි වාහන සංඛ්‍යාවක් හැසිරවීමේ හැකියාව ඉහළ නැංවීම, සේවා ගුණාත්මකභාවය එකම ප්‍රමිතියකින් පවත්වා ගැනීම සහ පාරිභෝගිකයින්ට බාධාවකින් තොර කඩිනම් සේවා සහායක් ලැබෙන බව සහතික කිරීම අපගේ අරමුණයි,” යනුවෙනි.

මෙම සීදුව පහසුකම විවෘත කිරීම මගින් පාරිභෝගික අවශ්‍යතාවලට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමට සහ වෙළෙඳපොලේ වේගයෙන් වර්ධනය වන BYD සන්නාමයට අනුකූලව සේවා ප්‍රමිතීන් පවත්වා ගැනීමට BYD දරන අඛණ්ඩ ප්‍රයත්නය පෙන්නුම් කරයි. තවද කොළඹ BYD වාහන සඳහා විශේෂයෙන් වෙන් වූ විශාලතම වාහන අමතර කොටස් පහසුකම ලෙස, එය සමස්ත වාහන හිමිකාරිත්ව අත්දැකීම ශක්තිමත් කරන අතර දිගු කාලීනව පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීමේ සන්නාමයේ කැපවීම ද අවධාරණය කරයි.

මෙම නව සීදුව වාහන අමතර කොටස් පහසුකම විවෘත කිරීම BYD හි අලෙවියෙන් පසු සේවා පුළුල් කිරීමේ සැලසුමේ තවත් එක් පියවරකි. මෙයට මෑතකදී වත්තල දී විවෘත කරන ලද BYD හි විශාලතම සේවා පහසුකම ද ඇතුළත් වන අතර එහි පුළුල් BYD සහ DENZA මගී වාහන පරාසයකට සේවා සැපයිය හැක.

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...