Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම් වලින් එකක් සනිටුහන් කරයි.
මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක නිර්වචනයටම ගැලපෙන පරිදි නිර්මාණය කෙරෙන නිවාස ඒකක කුළුණක් වන “The Elizabeth” ඉදිකෙරෙනු ඇත.
වෝඩ් පෙදෙසේ The Grand ව්‍යාපෘතිය ශක්තිමත් වෙළඳපල ක්‍රියාකාරිත්වයක් සනිටුහන් කිරීමෙන් අනතුරුව, කොළඹ 7 තුළ ප්‍රයිම් සමූහයේ මීළඟ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටි සේවාදායකයින්ට සහ ආයෝජකයින්ට මෙම නිවේදනය සුභාරංචියක් වනු ඇත. කොළඹ දිස්ත්‍රික්කය තුළ දේපළක් අයත් කර ගැනීම සඳහා පවතින ඉල්ලුම නිරන්තරයෙන් ඉහළ මට්ටමක පැවතුණද, ඒ සඳහා තිබෙන සැපයුම සීමිත වන පසුබිමක මෙම පුවත සැබවින්ම සුබ වනු ඇත.
දුර්ලභ උපායමාර්ගික ස්ථානයක පිහිටි ඉඩමක හිමිකමක් ලබාගන්න
කොළඹ වඩාත්ම ස්ථාවර නිවාස පිහිටි ප්‍රදේශයන්ගෙන් එකක අක්කරයක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති ඔටර්ස් සමාජයේ භූමි පරිශ්‍රය, දැඩි ලෙස සීමා සහිත වී තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට ඉතිරිව තිබෙන ප්‍රයිම් සමූහයේ සංවර්ධනයට සූදානම් අවසාන භූමිභාගයන්ගෙන් එකක් ලෙස සැලකිය හැක.
නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඇති කර ගත් මෙම ගිවිසුම යටතේ, යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය තුළ බිම් මහලෙන් සහ මහල් 23 කින් යුත් නිවාස ඒකක කුළුණක් ඉදිකෙරෙනු ඇත. එසේම ඓතිහාසික ඔටර්ස් සමාජය, මෙම කුළුණේ 4 වන සහ 5 වන මහල් තුළ සම්පූර්ණයෙන්ම ස්වාධීනව ස්ථාපනය කිරීමට නියමිත වන අතර, ‘සාමාජිකයින්ට පමණක් සුවිශේෂී පහසුකම් ලබා දෙන’ ඔටර්ස් සමාජයේ උරුමය ආරක්ෂා කරමින් එහි විශිෂ්ටත්වය සහ සංස්කෘතිකමය වැදගත්කම එයින් මොනවට පිළිබිඹු වනු ඇත.
Colonial ගෘහ නිර්මාණ ශිල්පය සහ සමකාලීන නිවාස සැලසුම් ශිල්පය එක් තැන් කරමින්, කොළඹ 7 තුළ නිර්මාණය වන අනාගත ගෘහ නිර්මාණ ශිල්පයේ සන්ධිස්ථානයක් ලෙස The Elizabeth ස්ථානගත වනු ඇත.
කොළඹ හත උරුමය අඛණ්ඩව ඉදිරියටම
වෝඩ් පෙදෙසේ The Grand ව්‍යාපෘතිය මගින් අත්පත් කරගත් සාර්ථකත්වය සහ එයට ලැබුණු ශක්තිමත් වෙළඳපල පිළිගැනීමෙන් පසුව, The Elizabeth ව්‍යාපෘතිය මගින් කොළඹ 7 තුළ ප්‍රයිම් සමාගමේ මීලඟ මං සළකුණ නියෝජනය කරනු ඇත.
වෝඩ් පෙදෙසේ The Grand ව්‍යාපෘතිය මගින් ඇති කළ සමාගමේ දිගුකාලීන වටිනාකම් නිර්මාණය සම්බන්ධ විශ්වාසය මත පදනම් වෙමින්, The Elizabeth ව්‍යාපෘතිය, වඩාත් ඉහළ සුවිශේෂීත්වයක්, වඩාත් නවීන සහ නූතන සැලසුමක් සහ කොළඹ දිස්ත්‍රික්කය තුළ උපායමාර්ගික පිහිටුමක් සමඟින් ඉදිකෙරෙනු ඇත.
අහස උසට පෞද්ගලික නිවාස සංකීර්ණයක්
අහස උසට ඉදිවන පෞද්ගලික නිවාස සංකීර්ණයක් ලෙස සංකල්පනය වී තිබෙන The Elizabeth ව්‍යාපෘතිය මගින්, එය ලබාදෙන සුවිශේෂී සේවාවන්, පෞද්ගලිකත්වය සඳහා ලබාදී තිබෙන විශේෂ ස්ථානය සහ අද්විතීය නිර්මාණ සැලසුම සමග, නගරයේ එදිනෙදා ජීවිතයට වඩාත් පුළුල් අර්ථයක් ලබාදෙනු ඇත. සුවිශේෂී අමුත්තන්ගේ පැමිණීම් සඳහාත්, නූතන දෛනික කටයුතු සඳහාත් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ද්වාර පාලකවරුන් සිටින පිළිගැනීමේ පරිශ්‍රයක් හරහා මෙම නිවාස කුළුණේ පදිංචිකරුවන්ට නිවාස සංකීර්ණයට ඇතුළු වීමට ඉඩ සැලසෙනු ඇත. එසේම ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ව්‍යාපාරික හමුවීම් පරිශ්‍රයක් සහ රැස්වීම් ශාලාවක්ද මෙහි ස්ථාපනය කෙරෙනු ඇත. Rooftop මට්ටමේ නිර්මාණය කෙරෙන Infinity-edge පිහිනුම් තටාකයක් සහ සම්පූර්ණ අලංකරණයෙන් යුතු ‘sky garden’ උද්‍යානයක්ද සමඟ මෙහි නගරයට ඉහළින්, නිස්කලංකත්වයෙන් හෙබි අවකාශයක් නිර්මාණය වනු ඇත. ඒ සමඟම කොළඹ අහස් රේඛාවට ඉහළින් පිහිටි champagne and social lounge එකකින් එම අත්දැකීම සම්පූර්ණ වනු ඇත. ශරීර සුවතාවය සහතික කරන නවීන, අංගසම්පූර්ණ fitness pavilion පහසුකම්, රියදුරු පහසුකම් සහ විචක්ෂණශීලීව කටයුතු කරන ගෘහ සේවාවන් මගින් පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන අයුරින්, මෙහෙයුම් කටයුතු වල පහසුව සහතික කෙරෙනු ඇත. එසේම උසස් මට්ටමේ ප්‍රවේශ පාලනය සහ අද්විතීය ආරක්ෂාව සමගින් මෙම අත්දැකීම සම්පූර්ණ වනු ඇත.
වෙන්කරවා ගැනීම් සඳහා දැන් විවෘතයි
දිස්ත්‍රික්කය තුළ මංසළකුණක් බවට පත්වීමට නියමිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි පවතින අපේක්ෂාවන් ඉහළ යෑමත් සමග, වෙන්කරවා ගැනීම සඳහා The Elizabeth නිල වශයෙන් විවෘතව පවතී. මෙම ව්‍යාපෘතිය සීමිත පරිමාණයකින් යුක්ත වීම සහ කොළඹ 7 තුළ නේවාසික කලාපයන් දුලබ වීම සැලකිල්ලට ගත් විට, මෙහි නිවාස ඒකක ඉක්මනින්ම වෙන් වී අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට වහාම ලියාපදිංචි වී කොළඹ නගරයේ මෙම ඉහළ ඉල්ලුමක් සහිත ලිපිනයෙන් නිවාස ඒකකයක් වහා වෙන් කරවා ගන්නා ලෙසට සමාගම ආරාධනා කර සිටී.





