City of Dreams Sri Lanka, Nüwa හිදී ආදරවන්තයින්ගේ දිනය සමරයි

Share

Share

Share

Share

පසුගිය පෙබරවාරි 14 වන දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනය නිමිති කර ගනිමින් ආදරවන්තයින් වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka, Nüwa කටයුතු කර තිබිණ. මනස්කාන්ත දර්ශනයන් සමඟින් ආදරයේ සුන්දරත්වය විඳගත හැකි ආකාරයේ කලාත්මක බවකින් යුතු වූ එම අවස්ථාව ආදරවන්තයින්ට විනෝදාත්මක හා ඉමිහිරි අවස්ථාවක් බවට පත් විය. විවිධ ආහාර රටාවන්ගෙන් සැදුම්ලත් ප්‍රණීත ආහාර පාන, අතුරුපස වැනි දේ තුලින් ආදරට නව රසයක් එක් කිරීමට මෙහිදී කටයුතු කළ City of Dreams Sri Lanka අමතක නොවන අත්දැකීමක් ආදරවන්තයින් වෙත ගෙන ඒමට සමත් විය.

City of Dreams Sri Lanka පරිශ්‍රය පුරා සොඳුරු දසුන් විඳ ගනිමින් සුඛෝපභෝගී සේවාවක් අත්විඳීමට මෙම අවස්ථාවට සහභාගී වූ ආදරවන්තයින්ට හැකියාව උදා විය. ආදරයේ රසමුසු තැන් බෙදා හදා ගනිමින් තම ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමටද මෙය කදිම අවස්ථාවක් බවට පත් විය.

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...