Huawei සමාගම ITU Partner2Connect Pledge හරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබා දෙයි

Share

Share

Share

Share

ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන මිලියන 170කට අධික පිරිසක් වෙත ඩිජිටල් සබඳතා ලබා දුන් බව Huawei සමාගම පසුගියදා නිවේදනය කරන ලදී. එහි විශේෂත්වය වන්නේ ජාත්යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) Partner2Connect (P2C) Digital Coalition යටතේ සිදු කරන ලද උත්සාහය ඉක්මවා යාමට Huawei සමත්ව තිබීමයි.

Huawei ICT BG හි ප්‍රධාන විධායක නිලධාරී Yang Chaobin මහතා ITU P2C Pledge සම්පූර්ණ කිරීම පිළිබඳව නිවේදනය කරමින්
Huawei ICT හි ප්‍රධාන විධායක නිලධාරී Yang Chaobin විසින් බාසිලෝනාහි පැවති TECH Cares සංසදයේදී මේ පිළිබඳව නිවේදනය කරමින් කියා සිටියේ 2025 වසර වන විට දුෂ්කර ප්‍රදේශයන්හි මිලියන 120ක ජනතාවක් සම්බන්ධ කිරීම සඳහා Huawei විසින් ITU P2C Digital Coalition වෙත 2022 වසරේදී පොරොන්දු වූ සංධිස්ථානය ඉක්මවා යාමට මේ සමඟ හැකි වූ බවයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අඛණ්ඩව සහාය ලබා දීම සම්බන්ධයෙන් විදුලි සංදේශ පාරිභෝගිකයින් හා හවුල්කරුවන් වෙත සිය කෘතඥතාව පල කිරීමටද ඒ මහතා කටයුතු කරන ලදී.

විවිධ රජයයන්, කර්මාන්ත, හවුල්කාර සංවිධාන සහ ජාත්යන්තර ආයතන නියෝජිතයින් 80ක පමණ පිරිසක් මෙම සංසදයට එක්ව සිටි අතර එහිදී ඔවුන් AI යුගයේ ඩිජිටල් සේවාවන් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී. ඒ සම්බන්ධ ප්‍රායෝගික විසඳුම් සහ ශක්තිමත් බහු පාර්ශවයන්ගේ සහයෝගීතාව පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ Yang මහතා “ AI තාක්ෂණයේ සීග්‍ර දියුණුවක් සහිත යුගයක වුවද ඩිජිටල් භාවිතය සම්බන්ධයෙන් යම් දුරස්තභාවයක් දක්නට ලැබෙනවා. එය විසඳා නොගතහොත් මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකියි. ITU P2C හි පොරොන්දුව ඉටු කිරීම තුලින් නවෝත්පාදනය වෙනුවෙන් Huawei හි අඛණ්ඩ කැපවීම මෙන්ම වැඩි දියුණු කළ ඩිජිටල් සම්බන්ධතාව තුලින් දුෂ්කර ප්‍රදේශයන්හි ජනතාව වෙත සෞඛ්‍ය සේවා, අධ්‍යාපන හා මූල්‍ය සේවා සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීමේ උත්සාහය මනාව පිළිබිඹු වනවා.” යනුවෙන් පැවසීය.

ITU හි විදුලි සංදේශ සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ Cosmas Zavazava සඳහන් කර සිටියේ ‘‘Huawei සමාගම ඩිජිටල් පරතරය අවම කිරීම සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳව ඉතාමත් සතුටුයි. එය ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සම්බන්ධ කිරීම සඳහා නව්‍ය ව්‍යාපාර ආකෘති, සමානාත්මතාව සහ සන්නිවේදන සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම මෙන්ම ප්‍රජා සහභාගීත්වය සහ දේශීය හැකියාවේ තිරසාර දායකත්වය ඉතා වැදගත් වනවා. මේ වෙනුවෙන් Huawei සමඟ වන අපගේ සබඳතාව පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Huawei හි මහජන කටයුතු හා සන්නිවේදන සභාපති Jeff Wang මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඩිජිටල් සේවාවන් ලබා දීම සම්බන්ධතාවය සහ ඩිජිටල් හැකියාවන් ඉහළ නැංවීම යන ප්‍රධාන සාධක 2 මත ගොඩ නැගී ඇති බවයි. ඩිජිටල් හැකියාවන්හි පරතරය අවම කිරීම සඳහා ඩිජිටල් ප්‍රවේශය වැඩි කිරීම, ඩිජිටල් හැකියාවන් පිළිබඳ පුහුණුව ලබා දීම සහ STEM විෂයය මාලාවන් සංවර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් හරහා සිසු සිසුවියන්, තරුණයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් සේවය සැපයීමට රජයයන් හා ආයතන සමඟ කටයුතු කිරීමට Huawei කටයුතු කර ඇත.

2019 වසරේදී හඳුන්වා දෙනු ලැබූ Huawei හි Skills on Wheels වැඩසටහන රටවල් 21ක 130,000කට අධික පිරිසක් වෙත ජංගම ඩිජිටල් පුහුණුව ලබා දී ඇති අතර ඒ තුලින් අවම පහසුකම් සහිත ප්රජාවට නව අවස්ථාවන් උදා කර දීමටද කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MTN සමූහයේ තිරසාරත්ව සහ පොදු වටිනාකම් පිළිබඳ විධායක නිලධාරිණී Marina Madale පවසන්නේ සන්නිවේදන සබඳතාව වරප්රසාදයක් නොව වර්ධනය සඳහා අත්යාවශය මූලික යටිතල පහසුකමක් බවයි. Jeff Wang ට අනුව යමින් ඇය සඳහන් කර සිටියේ ග්‍රාමීය සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කිරීම, දුරකතන සහ උපාංග මිලදී ගත හැකි මට්ටමට පත් කිරීම සහ ඩිජිටල් හා AI තාක්ෂණයට ගැලපෙන කුසලතා වර්ධනය කිරීමට MTN සමාගම ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

ග්‍රාමීය සන්නිවේදන ජාල නව්‍යකරණ වැඩසටහන යටතේ Huawei සමාගම 2017 වසරේ සිට සිය Rural Series තාක්ෂණික විසඳුම් වඩාත් ලාභදායී සහ පහසුවෙන් ස්ථාපනය කළ හැකි මට්ටමට දියුණු කර ඇත. 2025 නොවැම්බර් මාසයේදී MTN Nigeria ආයතනයේ සහය ඇතිව හඳුන්වා දුන් Huawei RuralCow තාක්ෂණය මගින්, 1,500ක් පමණ පදිංචිකරුවන් සිටින කුඩා ගම්මාන වෙත සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කර තිබේ. මිලියන 170ක ජනතාවකට සන්නිවේදන සබඳතා ලබා දීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙම විසඳුම් බෙහෙවින් දායක වී ඇති අතර, එමගින් ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සහ ඩිජිටල් රාජ්‍ය සේවාවන් සඳහා ජනතාවට ඇති ප්‍රවේශය පුළුල් වී තිබේ.

මෙම හමුවට පැමිණි අමුත්තන් විසින් තමන් ලබා ගත දියුණුව පිළිබඳව Huawei සමඟ එක්ව සාකච්ඡා කළ අතර ඉදිරියටත් එම සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කළහ. මෙහිදී අවධානය යොමු කළ තවත් කරුණක් වූයේ කෘතිම බුද්ධිය සමඟින් අනාගතයේදී සියලු දෙනාටම තාක්ෂණික පහසුකම් ලබා දීමට නම් රජය, දුරකථන සමාගම් සහ ජාත්‍යන්තර ආයතන සියල්ලම එක්ව වැඩ කළ යුතු බවයි.

හෙට දවසේ ග්‍රාමීය සන්නිවේදන ජාලයන් ශක්තිමත් කිරීමටත්, සහයෝගීතාව ඉහළ නැංවීමටත්, ඩිජිටල් හැකියාවන් වර්ධනය කඩිනම් කිරීමටත් Huawei කටයුතු කරනු ඇත. එසේම ප්‍රායෝගික වැඩසටහන් තුලින් තිරසාර ඩිජිටල් ලෝකයක් බිහි කිරීම සඳහා Huawei අඛණ්ඩ දායකත්වය සපයනු ඇත.

புயல் காரணமாக சேதமடைந்த ஊழியர்களின் வீடுகளை...
Huawei සමාගම ITU Partner2Connect Pledge...
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ...
Huawei Exceeds ITU Partner2Connect Pledge...
Coca-Cola Beverages Sri Lanka Leads...
Experience This Ramadan with ‘Level...
Samsung Sri Lanka Opens Pre-Orders...
டிஜிட்டல் இணைப்பில் Huawei நிறுவனம் புதிய...
Experience This Ramadan with ‘Level...
Samsung Sri Lanka Opens Pre-Orders...
டிஜிட்டல் இணைப்பில் Huawei நிறுவனம் புதிய...
9 மாதங்களில் 1 பில்லியன் ரூபா...