Janashakthi Life පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වෙමින් හින්දුවරුන්ගේ ක්‍රිකට් සටන බලගන්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති 15 වන ‘හින්දුවරුන්ගේ සටන’ හෙවත් කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ තේමා අනුග්‍රාහක (Title partner) ලෙස කටයුතු කළේය. පාසල් ක්‍රිකට් ක්‍රීඩා සම්ප්‍රදායේ සුවිශේෂී සලකුණක් වන හින්දුවරුන්ගේ ක්‍රිකට් සටනේ මෙවර අදියර නැරඹීම සඳහා සුපුරුදු පරිදි පාසල් දෙකේ ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන් සහ ක්‍රීඩා ලෝලීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

කොළඹ හින්දු විද්‍යාලයේ 75 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබීම මෙවර හින්දුවරුන්ගේ සටනේ වැදගත්කම තීව්‍ර කළ සාධකයක් විය.
මේ දක්වා අඛණ්ඩව අවස්ථා 4 කදී Janashakthi Life හින්දුවරුන්ගේ සටනේ තේමා අනුග්‍රාහක ලෙස කටයුතු කර තිබේ. මෙවැනි තරග වාර්ෂිකව පැවැත්වීමට අත්වැලක් වන අතරම මෙවැනි අනුග්‍රාහකත්වයන් ඔස්සේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම තරුණ සංවර්ධනයට අඛණ්ඩව උරදීම Janashakthi Life සමාගමේ අරමුණ වී තිබේ.

Janashakthi Life පිළිබඳව
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Insurance PLC (Janashakthi Life) වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජිවිතයන් නඟා සිටුවීම සහ සිහිනයන් බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.

2026 முதல் அரையாண்டில் ரூ. 7.2...
ஆசியாவின் புகழ்பெற்ற ‘Hot Pot’ உணவு...
இலங்கைப் படைப்பாளர்களுக்காக TikTok அறிமுகப்படுத்தும் ”Creator...
இலங்கை வாகனத் துறையில் புதிய டிஜிட்டல்...
BYD Launches RACCO in Japan,...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
விசேட சலுகைகளுடன் Samsung Galaxy Z...