හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රවාහන හා කාර්යෝපාය අංශය වන Advantis සමාගම, ලොව දැවැන්තම බර ඉසිලීමේ යන්ත්‍ර සමාගමක් වන Sarens ආයතනය සමඟ එක්ව මෙරට ප්‍රථම සහ එකම මෙට්‍රික් ටොන් 900ක ධාරිතාවයෙන් යුත් crawler crane යන්ත්‍රය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව තුළ දැනට පවතින විශාලතම crane යන්ත්‍රයද වේ.
මෙම නව crane යන්ත්‍රය මඟින් පුනර්ජනනීය බලශක්ති, යටිතල පහසුකම් සංවර්ධන සහ මහා පරිමාණ කාර්මික ව්‍යාපෘති වෙනුවෙන් Advantis සමාගම සතු ඉංජිනේරුමය බර ඉසිලීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වේ. Advantis සතු ටොන් 280 ක crane යන්ත්‍ර, සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා වන විශේෂිත ට්‍රේලර් සහ ප්‍රයිම් මූවර් ඇතුළු සුවිශේෂී බර වාහන බලඇණියට මෙම ටොන් 900 යන්ත්‍රය ද එක්වීම විශේෂත්වයකි. මෙමඟින් තම විශේෂිත උපකරණ සහ බර වාහන පද්ධතිය තවදුරටත් පුළුල් වන අතර, මෙරට ක්‍රියාත්මක වන වඩාත් දැවැන්ත මෙන්ම ඉහළ තාක්ෂණික මෙහෙයුම් සහිත ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට Advantis සමාගමට දැන් හැකියාව ඇත.
Sarens සමාගම සමඟ ඇති කරගනු ලැබූ මෙම සුවිශේෂී සහයෝගීතාව හරහා, ගෝලීය ඉංජිනේරු ප්‍රමිතීන් සහ ඉහළ තාක්ෂණික පළපුරුද්ද Advantis මෙහෙයුම් කටයුතු වෙත සෘජුවම දායක කර ගැනීමට අවස්ථාව උදාවී ඇත. එමෙන්ම සමාගම සතු ව්‍යාපෘති සැපයුම් ධාරිතාව සමස්ත සැපයුම් දාමය පුරාම විහිදී පවතී. මීට නැව් ගාස්තු සහ භාණ්ඩ කළමනාකරණය, රේගු නිශ්කාශන කටයුතු, දිවයින පුරා සිදුකරන ගොඩබිම් ප්‍රවාහනය, අධික බරැති භාණ්ඩ එසවීම සහ උපකරණ නියමිත ස්ථානවල සවිකිරීම ඇතුළත් වේ. තවද විශාල කර්මාන්තශාලා සහ විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම වෙනත් ස්ථාන කරා ගෙනයාමේ සහ නැවත ස්ථාපිත කිරීමේ සුවිශේෂී මෙහෙයුම්ද Advantis සමාගම විසින් ඉතාමත් සාර්ථකව සිදු කරනු ලබයි.
මෙම නවතම මෙහෙයුම් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් Advantis සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේ “දේශීයව මෙම සුවිශේෂී බර ඉසිලීමේ හැකියාව ගොඩනැඟීම හරහා ජාතික මට්ටමේ ප්‍රමුඛතම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති පරිවර්තන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට Advantis සමාගම සූදානමින් සිටිනවා. මෙම දැවැන්ත මූල්‍ය ආයෝජනය හරහා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන ව්‍යාපෘති සැපයුම් සේවාවන් ලබාගැනීමේ අවස්ථාව දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට උදාවනවා. හරිත බලශක්තිය සහ පරිසර හිතකාමී තිරසාර ව්‍යාපාරික සංකල්ප වෙනුවෙන් අප සතු අඛණ්ඩ කැපවීම මේ තුලින් මනාව පිළිබිඹු වෙනවා.” යනුවෙනි.
මෙම නවතම යන්ත්‍රෝපකරණ එකතුව ප්‍රථම වරට මෙහෙයුම් සඳහා යොදා ගනිමින් Haywind One Limited සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 50ක සුළං බල විදුලි ව්‍යාපෘතිය සඳහා පූර්ණ සැපයුම් සහාය ලබාදීමට Advantis සමාගම කටයුතු කරමින් සිටියි. මෙම කාර්යයන්ට වරාය මෙහෙයුම්, ප්‍රවාහනය, ව්‍යාපෘති භූමිය වෙත භාණ්ඩ ගොඩබෑම සහ සුළං ටර්බයින උපාංග එකලස් කර සවි කිරීම ආදිය ඇතුළත් වේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙවැනි සංකීර්ණ සහ ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන ප්‍රවාහන හා කාර්යෝපාය මෙහෙයුම් සාර්ථකව සිදු කිරීමට සමාගමට ඇති සුවිශේෂී හැකියාව මෙයින් මනාව පිළිබිඹු වේ.
Advantis – Project Logistics හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ෂාදිල් රිසාන් මහතා සඳහන් කළේ “මෙම ටොන් 900 ක භාණ්ඩ ඉසලීමේ ධාරිතාවයෙන් යුත් crane යන්ත්‍රය සහ අප සතු සුවිශේෂී යාන්ත්‍රික බලඇණිය නිසා, මීට පෙර ශ්‍රී ලංකාව තුළ දේශීයව ක්‍රියාත්මක කිරීමට අපහසුව තිබූ මහා පරිමාණ ව්‍යාපෘති භාර ගැනීමට අවශ්‍ය ඉංජිනේරුමය ශක්තිය දැන් අපට ලැබී තිබෙනවා. අපගේ කණ්ඩායම් වරාය මෙහෙයුම් කටයුතුවල සිට අවසන් සවි කිරීම් දක්වා සමස්ත ව්‍යාපෘතියම මුල සිට අවසානය දක්වා කළමනාකරණය කරන බැවින් සේවාදායකයින්ට මුළු මෙහෙයුම සඳහාම එකම සේවා සපයන්නෙකු සමඟ කටයුතු කිරීමේ පහසුව ලැබෙනවා. පුනර්ජනනීය බලශක්ති සහ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය වන මෙවැනි ඉහළ තාක්ෂණික දැනුමක් සහ මෙහෙයුම් ධාරිතාවක් දැන් ශ්‍රී ලංකාව සතුයි. ව්‍යාපෘතිවල අවශ්‍යතාවන් කාලයත් සමඟ වෙනස් වන විට, අපගේ හවුල්කාර Sarens සමාගමේ සහාය ඇතිව අපගේ බර ඉසිලීමේ ධාරිතාව සහ යාන්ත්‍රික යන්ත්‍රෝපකරන එකතුව තවදුරටත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
මෙලෙස පුළුල් කරන ලද මෙහෙයුම් ධාරිතාව, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති කරා යන ගමනට මහඟු පිටුවහලක් වනු ඇත. එමෙන්ම, හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට සහ රටේ දිගුකාලීන තිරසාර සංවර්ධනය උදෙසා දායක වන ESG ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාපාරික ප්‍රයත්නයන් සවිබල ගැන්වීමට Advantis සමාගම සතු කැපවීම මෙයින් මනාව පැහැදිලි වේ.




