Advantis, Cordelia Cruises නෞකාව යාපනයේදී සාදරයෙන් පිළිගනී

Share

Share

Share

Share

 

කෲස් නෞකාවක් කන්කසන්තුරය වරායට සම්ප‍්‍රාප්ත වූ පළමු අවස්ථාව මෙයයි

 

උතුරු ප‍්‍රදේශයට සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් උදා කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, කන්කසන්තුරේ (KKS) වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය.

මෙම සුඛෝපභෝගී නෞකාව ප‍්‍රථම වරට යාපනය KKS වරායට සම්ප‍්‍රාප්ත වන අවස්ථාවේදී, එම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය උත්සවශ‍්‍රීයෙන් පිළිගැනීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඞ් ඇතුළු Advantis සමූහයේ කළමනාකාරීත්වය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

”කෲස් නෞකාවක් KKS වරායට සම්ප‍්‍රාප්ත වූ ප‍්‍රථම අවස්ථාව සනිටුහන් කරමින්, අති සුඛෝපබෝගී MS Empress නෞකාව යාපනය අර්ධද්වීපයට සපැමිණීම පිළිබඳව අපි වඩාත් සතුටට පත් වෙනවා. මේ හරහා උතුරුකරයේ සංචාරක කර්මාන්තයට නව පණක් ලැබුණා වගේම ප‍්‍රදේශයේ ආර්ථික වර්ධනයට ද ඉවහල් වනුලැබේ. සංස්කෘතික උරුමයන් ඉස්මතු කරන අතරතුර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම තුළින් මේ හරහා උතුරුකරයට සමෘද්ධිය උදාකර දීමට දායක වීම අපේ අපේක්ෂාවයි.”

”මෙම මුලපිරීම තුළින් කෲස් නෞකාව ලඟා වූ හම්බන්තොට, ත‍්‍රිකුණාමලය සහ යාපනය යන ප‍්‍රදේශ ආශි‍්‍රතව සංචාරක කර්මාන්ත, වෙළඳ ව්‍යාපාර, ප‍්‍රවාහනය සහ මෙරට දේශීය ව්‍යාපාර ඇතුළු විවිධ අංශ නඟාසිටුනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” යැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Hayleys PLC හි ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය අංශය වන Advantis සමූහය ඉන්දියාවේ ප‍්‍රමුඛතම නෞකා සමාගම වන Cordelia Cruises අතර ඇති කරගත් හවුල්කාරිත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා සංචාරක ව්‍යාපරයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් MS Empress අති සුඛෝපභෝගී මගී නෞකාව මෙරටට සම්ප‍්‍රාප්ත විය.

”Cordelia Cruises සමඟ ඇති කරගත් අපගේ හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපරය නවමු මාවතකට ගෙනයනවා. ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය අංශයේ පුරෝගාමියෙකු ලෙස, සමුද්‍ර සේවා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අපි, සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා අවධානය යොමු කර සිටිනවා. Cordelia කණ්ඩායම සමඟ එක්ව, ඉදිරි මාස හතර ඇතුළත පමණක් අවම වශයෙන් සංචාරකයන් 80,000ක් ආකර්ෂණය කර ගැනීම අපගේ අරමුණයි. මෙම හවුල්කාරිත්වය සැලකිය යුතු ආර්ථික වර්ධනයක් ඇති කිරීමට පමණක් නොව, අන්තර් සංස්කෘතික සම්බන්ධතා වර්ධනය කිරීමට සහ තිරසාර සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට ද මූලික වෙනවා.” යනුවෙන් Advantis සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා මෙසේ පැවසීය.

MS Empress කාමර 796 කින් සමන්විත වන අතර, මෙම කාමර අති නවීන පහසුකම්වලින් සමන්විතව ඇති අතර එහි මගීන් 1,600 කට සුඛෝපභෝගී සහ සුවපහසුව පරිසරයක් දායාද කරයි. මෙම නෞකාව 2023 ජුනි 5 වන දින චෙන්නායි වරායේ සිට ශ‍්‍රී ලංකාව වෙත සිය මංගල යාත‍්‍රා කිරීම ආරම්භ කරන ලදී.

Advantis සමූහයේ සංචාරක සහ ගුවන් සේවා (Travel and Aviation) අංශය සාමාන්‍ය විකුණුම් නියෝජිතයා ලෙස කටයුතු කරන අතර Advantis සමූහයේ අනුබද්ධිත Clarion Shipping ශ‍්‍රී ලංකාවේ Cordelia Cruises සඳහා වරාය නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇත.

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...