Alumex ශ‍්‍රී ලාංකේය ඇලූමිනියම් fabricator වරුන් නඟා සිටුවීම සඳහා ”දිවි කවුළුව” නමින් loyalty වැඩසටහනක් දියත් කරයි

Share

Share

Share

Share

දේශීය ඇලූමිනියම් fabricator වරුන් සවිබල ගන්වමින් සහ ඇලූමිනියම් කර්මාන්තය ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා සහ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා වන Alumex PLC සිය ප‍්‍රමුඛතම loyalty වැඩසටහන වන ”දිවි කවුළුව” වැඩසටහන දියත් කරන බව නිවේදනය කළේය.

”දිවි කවුළුව” යනු Alumex loyalty වැඩසටහන් මාලාවේ මෑත කාලීන ව්‍යාපෘතියයි.

”අප මෙතෙක් පැමිණි සාර්ථක ගමන් මඟ පුරාවට අපට ශක්තියක් වුණේ අපගේ fabricator වරුන්, සැපයුම්කරුවන් සහ පාරිභෝගික ප‍්‍රජාවයි. කර්මාන්තයේ ප‍්‍රමුඛයෙකු ලෙස අපගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් සහ සමාජ වගකීම් පිළබඳව අපි දැනුවත්ව සිටිනවා. ඇලූමිනියම් fabricator වරුන් ජාලය ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අපි ”දිවි කවුළුව” ව්‍යාපෘතිය දියත් කළා.” යනුවෙන් Alumex කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවල මහතා පැවසීය.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස, සියලූම Alumex නිෂ්පාදන වල ස්ටිකර් ආකාරයෙන් තීරු කේත (barcodes) ප‍්‍රදර්ශනය කරන අතර ඒ හරහා fabricator වරුන්ට ඔවුන්ගේ points පහසුවෙන් ලබා ගැනීමට සහ ඒවා ඔවුන්ගේ ගිණුමට points ලෙස බැර කිරීමට ඉඩ සලසයි.

”දිවි කවුළුව” වැඩසටහන සමඟින්, ඇලූමිනියම් fabricator වරුන්ට කාලයත් සමඟ points රැස් කර ගත හැකි අතර, අනාගත මිලදී ගැනීම් වෙනුවෙන් ඒවා භාවිතා කිරීමට, විශ‍්‍රාම කාලය වෙනුවෙන් ඒවා ආයෝජනය කිරීමට හෝ හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට හැකිය. Alumex මේ පිළිබඳ ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමටත්, නුදුරු අනාගතයේ දී ප‍්‍රසාද points සහ ත්‍යාග පිරිනැමීමටත් සැලසුම් කරයි.

ඉදිරි මාසවලදී මෙම ක‍්‍රියාවලිය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම කිරීමට ජංගම යෙදවුමක් ද දියත් කරනු ඇත.
Alumex සමාගම එහි නිර්මාපකයින් සමඟ ඇති අද්විතීය බැඳීම, මෙම loyalty වැඩසටහන සඳහා ශක්තියක් බව දෙදිවෙල මහතා තවදුරටත් පැහැදිලි කළේය.

”අපගේ කණ්ඩායම් අපගේ නිෂ්පාදක ජාලය සමඟ නිරන්තර සම්බන්ධකම් පවත්වන අතර ඒ හරහා, සියලූම අමුද්‍රව්‍යවල විකුණුම් වටිනාකම් ඉහළ යන විට ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා කොපමණ දැයි අපට හොදින් අවබෝධ වුණා. කෙසේ වෙතත්, මිලදී ගැනීම්වලට සැලකිය යුතු වැඩි වටිනාකමක් එකතු කිරීමෙන්, අපගේ fabricator වරුන්ට උපකාර කිරීමට සහ ඔවුන්ට ආර්ථිකමය දියුණුවක් අත්කර දීමට උපකාර කිරීමට අපට හැකි වෙනවා.”

Alumex සෑම ඇලූමිනියම් fabricator වරයෙකුටම මෙම සුවිශේෂී අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීම උදෙසා වැඩසටහන සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කර ඇති අතර මෙහි ලියාපදිංචි වූ පසු ඔවුන් විවිධ ත්‍යාග දිනා ගැනීම සඳහා සුදුසුකම් ලබයි.
මීට අමතරව, Alumex වසර 25 කට පෙර සිය ප‍්‍රජාව වෙනුවෙන් පුහුණු වැඩසටහන් දියත් කළ දා සිට වාර්ෂිකව ඇලූමිනියම් fabricator වරුන් 2,500 ක් සඳහා කුසලතා වර්ධනය කර ගැනීමට සහයෝගය ලබා දී ඇත.

Alumex දැන් දේශීය වෙළෙඳපොළ සඳහා ආකර්ෂණීය නව DIY (Do it yourself) නිෂ්පාදන රැසක් දියත් කරයි. Alumex විසින් සිය low කාබන් ඇලූමිනියම් පරාසය වන ‘Ozon’ සහ Re_AI දියත් කිරීමත් සමඟ ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදෙමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් වඩාත් ඉදිරියට ගෙන යනු ඇත.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...