Barcodes වල සිට QR කේත දක්වා: ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප‍්‍රමිතීන් අනුගමනය කරයි

Share

Share

Share

Share

ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන GS1 Digital Link භාවිතය අවධාරණය කෙරිණි. මෙම වැඩමුළුව EU Digital Product Passport මෙවලම සහ German Supply Chain Due Diligence පනත ක‍්‍රියාත්මක කිරීම ඇතුළුව ක‍්‍රමයෙන් වෙනස් වන යුරෝපා සංගමයේ රෙදිපිළි නියාමන අවශ්‍යතාවලට අනුකූල වීමට ශ‍්‍රී ලංකාවේ සමාගම්වලට උපකාර කරන මහා පරිමාණ GS1 ව්‍යාපෘතියක කොටසකි.

තීරු කේත (Barcodes) අධීක්ෂණය කරනු ලබන ගෝලීය වශයෙන් පිළිගත් සංවිධානයක් වන GS1, 2027 සිට නිෂ්පාදන සඳහා ඇති සාම්ප‍්‍රදායික Barcodes ක‍්‍රමය වෙනුවට QR කේත හඳුන්වා දෙන බව නිවේදනය කළේය. QR කේත වෙත මාරු වීම ඔවුන් පාරිභෝගිකයින්ට ලබා දෙන විවිධ ප‍්‍රතිලාභවල ප‍්‍රතිඵලයකි. මෙම QR කේත සම්ප‍්‍රදායික Barcodes සඳහා ආදේශකයක් පමණක්ම නොවන අතර එමගින් අන්තර්ජාලයට සම්බන්ධ කර පාරිභෝගික අත්දැකීම් සහ තොරතුරු වෙත ප‍්‍රවේශය වැඩිදියුණු කරනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් GS1 නවසීලන්තයේ ව්‍යාපෘති වැඩසටහන් අධ්‍යක්ෂ නික් ඇලිසන් පැවසුවේ ‘‘නියාමන අවශ්‍යතා හේතුවෙන් සෑම වසරකම කිලෝමීටර මිලියන 9.2ක් පමණ ලේබල් ටේප් ප‍්‍රමාණයක් භාවිත වන අතර එය සඳ වටා වට 12ක් ගමන් කිරීම හා සමානයි. ඩිජිටල් QR කේත වෙත මාරු වීමෙන් ඇඟලූම් කර්මාන්තයේ CO2 විමෝචනය වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 343,000කින් පමණ අඩු කළ හැකියි. දැනට, මිලියන 2කට අධික සමාගම් සංඛ්‍යාවක් GS1 ප‍්‍රමිතීන් භාවිත කරනු ලබන අතර ලොව පුරා නිෂ්පාදන මිලියන 500කට අධික ප‍්‍රමාණයක GS1 barcodes ඇතුළත් වනවා.’’ යනුවෙනි.

QR කේත හඳුන්වාදීම මගින් පාරිභෝගිකයින්ට සහ අලෙවිසැල් හිමියන්ට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනවලින් නව QR කේතය scan කිරීමෙන් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමට ඉඩ සලසයි. නිෂ්පාදන ලේබල් කිරීමේ මෙම නව ක‍්‍රමය මගින් පාරිභෝගිකයින් සහ ව්‍යාපාර, ඇඟලූම් සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සමඟ සම්බන්ධ වන ආකාරයෙහි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

GS1 හි ප‍්‍රජා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ (ඇඟලූම් හා වෙළෙඳ භාණ්ඩ) එලෙනා ගේල් පැවසුවේ ‘‘අප ජීවත් වන්නේ පාරිභෝගිකයින් වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදන තෝරා ගන්නා යුගයකයි. ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ ඇඳුම් නිෂ්පාදනය කරන්නේ කොහේද, මූලාශ‍්‍ර මොනවාද සහ එය සහතික කර තිබේද යන්න ආදි තොරතුරු දැන ගැනීමට ඔවුන් කැමත්තක් දක්වන බවයි. මෙම ප‍්‍රවණතාවය EU රෙගුලාසි තුලද දක්නට තිබෙනවා.‘‘ යනුවෙනි.

නිෂ්පාදකයින්, වෙළඳ නාම සහ සේවා සපයන්නන් තුළින් අපි මෙම පැහැදිලි ඉල්ලීම දකිනවා. අපි කණ්ඩායමක් මෙන් එකට වැඩ කරමින් දත්ත වෙත ප‍්‍රවේශ වන ආකාරය ප‍්‍රමිතිගත කළ යුතුයි. නිෂ්පාදකයින් සහ වෙළඳ නාම වෙන වෙනම ක‍්‍රියා නොකළ යුතු අතර සැපයුම් දාමයේ කැපී පෙනෙන වෙනසක් සඳහා අපට සාමුහික උත්සාහයක් අවශ්‍යයි.’’ ඇය වැඩිදුරටත් පැවසුවාය.

GS1 Digital Link සහ QR කේත පද්ධතිය වෙත මාරු වීමට පහසුකම් සලසන ප‍්‍රමුඛ පෙළේ සැපයුම් දාම සොයාගැනීමේ මෘදුකාංග විසඳුම් සපයන්නෙකු වන TrusTrace වැනි සංවිධාන ද මෙම වැදගත් ප‍්‍රයත්නයට සම්බන්ධ වේ.

මෙම වැඩමුළුවේදී අදහස් දක්වමින් JAAF මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ, ‘‘JAAF සහ GS1 එක්ව GS1 ප‍්‍රමිතීන් සහ GS1 Digital Link හඳුන්වාදීම ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. එය ක‍්‍රමයෙන් වෙනස් වන යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූල වීම සහතික කරන අතර නිෂ්පාදන තොරතුරු වෙත වැඩි ප‍්‍රවේශයක් ලබා දෙමින් පාරිභෝගිකයින් සවිබල ගන්වනවා. එපමණක් නොව මේ තූලින් ඇඟලූම් කර්මාන්තය තුළ විනිවිදභාවය සහ තිරසාරත්වය ද ප‍්‍රවර්ධනය කරනවා.’’ යනුවෙනි.

 

 

உலகளாவிய விரிவாக்கத்தைத் தொடரும் HBO MAX,...
HBO Max continues global expansion,...
Rockland Group Commemorates 101 Years...
City of Dreams Sri Lanka-வின்”Signature...
அரசின் ஆதரவுடன் STEM Feed திட்டத்தை...
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන්...
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස...
AHRP, Sentiva, and Altrium sign...
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන්...
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස...
AHRP, Sentiva, and Altrium sign...
Evolution Auto மற்றும் Ather Energy...