Bodyline 5 වැනි ආසියානු යොවුන් ශූරතාවලියේදී සහ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩකයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරයි

Share

Share

Share

Share

ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම සංචාර සඳහා බොඩිලයින් විසින් උසස් තත්ත්වයේ විශේෂිත ක‍්‍රීඩා ඇඟලූම් සපයනු ඇත.

Bodyline විසින් නිෂ්පාදනය කරන ලද ක‍්‍රීඩා ඇඟලූම්, MAS හි දශක ගණනාවක ප‍්‍රවීණතාවයෙන් ආභාෂය ලබන අතර ඒ සඳහා නවතම තාක්ෂණයන් ඒකාබද්ධ කරයි. ඇඟලූම්වල ඇති ආකර්ෂණීය රටා ශ‍්‍රී ලංකාව නියෝජනය වන පරිදි නිල් සහ රන්වන් වර්ණයන්ගෙන් සමන්විත වේ. එමෙන්ම ශක්තිය, නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව සංකේතවත් කිරීම සඳහා ඇතා සහ සිංහයා ඒකාබද්ධ කරන ”ගජසිංහ” රූපය ද මෙම ඇඟලූම්වල අන්තර්ගතය. පස්වැනි ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා කණ්ඩායම අභිමානයෙන් යුතුව ගජසිංහ රුව සහිත නිර්මාණය ප‍්‍රදර්ශනය කරන ලදි.

මෙම අනුග‍්‍රහය මගින් තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ව සවිබල ගැන්වීම සඳහා වන Bodyline හි කැපවීම අවධාරනය කරයි. ඉතා මෑතක දී ආසියානු ශූරතාවලියට සහභාගී වූ ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම සුවිශේෂී දස්කම් දක්වමින් සම්මාන කිහිපයක් දිනා ගනිමින් ජාතික වාර්තා කිහිපයක් ද පිහිටුවීය. අඛණ්ඩවම එවැනි ජයග‍්‍රහණ ලබාගැනීම වෙනුවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිරි ගැන්වීම Bodyline හි අරමුණයි.

Bodyline-SLAA සහයෝගීතාවය නිසාවෙන් ජාතික මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරන අතර ඉදිරි වසරවලදී SLAA සමඟ ඇති මෙම හවුල්කාරිත්වය තව තවත් ශක්තිමත් කරගැනීමට Bodyline සූදානමින් සිටියි. ”ආසියානු ශූරතාවලියේ දී ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම සඳහා නිල ඇඟලූම් අනුග‍්‍රාහකයා වීම ගැන අපි ඉමහත් ආඩම්බරයට පත් වෙනවා. මෙම දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහය වෙමින් ඔවුන් අත්පත් කරගන්නා ජයග‍්‍රහණ දැකීමෙන් අපි මහත් සතුටක් ලබනවා. එම ජයග‍්‍රහණ ලොව පුරා සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ක‍්‍රීඩා ඇඟලූම් නව්‍යකරණය ඉහළ නැංවීමට වන අපගේ කැපවීම නැවත තහවුරු කරනවා.” යනුවෙන් Bodyline හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ඩිල්ෂාන් මොහොමඞ් මහතා පැවසීය.

මෙම අනුග‍්‍රාහකත්වයට අමතරව, Bodyline හි Runner to Runner සහයෝගීතාවය තුළින් සියලූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා වෘත්තිකයන් සඳහා ඉහළ ධාවන අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් අද්විතීය ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනය කරයි. ජාතික මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් Bodyline හි අති නවීන ජෛව යාන්ත‍්‍රික විද්‍යාගාරය හරහා චලනය සහ වේදනාදෙන ස්ථාන නිරීක්ෂණය කිරීමට දත්ත රැස් කරයි. වැඩි දියුණු කළ නිෂ්පාදන අදහස් අත්හදා බැලීම තුළින් ධාවකයන් සහ දෛනික භාවිතය යන අංශ දෙකම සඳහා පුළුල් පරාසයක නිෂ්පාදන පිරිනැමීම Bodyline හි අරමුණයි. විද්‍යාගාර ප‍්‍රතිපෝෂණය තරයේ විමර්ශනය කරනු ලබන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස අඛණ්ඩ නිෂ්පාදන වැඩිදියුණු කිරීම් සහ නැවුම් සංකල්ප ඉදිරිපත් කරනු ලබයි. Bodyline නිෂ්පාදන පාරිභෝගික අභිලාශයන් සමඟ සමපාත වන නිසා සහ වෙළඳපොලේ නව අවස්ථා උත්පාදනය කරන නිෂ්පාදන වැඩිදියුණු කිරීම නිසා ගනුදෙනුකරුවන්ගේ පූර්ණ විශ්වාසය දිනාගෙන ඇත.

උසස් තත්වයේ ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනය කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස, Bodyline ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අත්දැකීම් වැඩි දියුණු කරන නවීන තාක්ෂණයෙන් සන්නද්ධ නව්‍ය නිෂ්පාදන සැපයීමට කැපවී සිටී.

Bodyline යනු අති නවීන තාක්ෂණය සහ නවෝත්පාදනයන් තුළින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අත්දැකීම් ඉහළ නැංවීම සඳහා කැපවී සිටින ඉහළ කාර්ය සාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනය කිරීමේ කීර්තිමත් ගෝලීය ප‍්‍රමුඛයෙකි.

 

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...