Bogawantalawa Tea Estates PLC ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවයි

Share

Share

Share

Share

ලොව ප්‍රථම ‘Climate Positive’ තේ සමාගම වන Bogawantalawa Tea Estates PLC සමාගම 2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය මෙන්ම රජයේ ආයතන, පාසල්, වතු සමාගම් සහ පරිසර සංවිධාන වැනි පාර්ශ්ව රාශියක් සමඟ එක්ව පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය.

‘Inspired by Nature for Climate and Our Future’ යන ගෝලීය තේමාව සහ ‘Urgent Climate Action’ යන ජාතික තේමාව යටතේ, 2026 ජූනි 01 දින සිට ජූනි 07 වන දින දක්වා මෙම වැඩසටහන් මාලාව පැවැත්විණි. මෙහි ප්‍රධානතම වැඩසටහන ජූනි 02 දින දික්ඔය වනරාජා වතු යායෙහි පිහිටි Bogawantalawa Tea Estates PLC සමාගමේ තිරසාරත්ව මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන් මාලාවට පාරිසරික දැනුවත් කිරීම් හා පුහුණු වැඩසටහන්, පාසල් දරුවන් ඉලක්ක කරගත් තරග, තරුණ පරිසරවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම්, ජෛව විවිධත්ව සංරක්ෂණ ක්‍රියාකාරකම්, අපද්‍රව්‍ය සහ ජල කළමනාකරණ වැඩසටහන්, පරිසර ප්‍රතිසංස්කරණ වැඩසටහන්, ජලපෝෂක ප්‍රදේශ සංස්කරණය කිරීමේ වැඩසටහන් සහ පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙන්ම පරිසර පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහන් සහ විශාල ප්‍රදේශයක් පුරා ආවේණික ශාක සහ පලතුරු පැල සිටුවීමේ වැඩසටහන් ආදිය ඇතුළත් විය.

මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය, හැටන් ප්‍රාදේශීය වන සංරක්ෂණ කාර්යාලය, ප්‍රාදේශීය සභා, නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අනෙකුත් රාජ්‍ය ආයතන සහ පාසල් පරිසර පුරෝගාමී බලකාය (පරිසර නියමු බළකාය) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි. වතු කළමනාකරණ කණ්ඩායම්, වතු සේවකයන්, පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන්ද මෙම වැඩසටහන් සඳහා සක්‍රීයව දායක වූහ.

“2026 ලෝක පරිසර සතිය වැඩසටහන ඔස්සේ තිරසාරත්වය සම්බන්ධ ගෝලීය පුරෝගාමියෙකු ලෙස අප සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට අපට හැකි වුණා. එකට එක්ව කටයුතු කිරීම තුළින් අනාගත පරම්පරාවන් වෙනුවෙන් වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කළ හැකි බව, ලොව පළමු Climate Positive තේ සමාගම ලෙස, අප දිගින් දිගටම ඔප්පු කරමින් සිටිනවා.” Bogawantalawa Tea Estates PLC සමාගමේ විධායක අධ්‍යක්ෂ ලලිත් මුණසිංහ මහතා පැවසීය.

“පාරිසරික තිරසාරත්වය යනු හුදෙක් ආයතනික වගකීමක් පමණක් නොව, අනාගතය වෙනුවෙන් සිදුකරන ක්‍රමෝපායික ආයෝජනයක් බව අප තරයේ විශ්වාස කරනවා. දේශගුණික අභියෝග ලොව පුරා දිනෙන් දින තීව්‍ර වෙමින් පවතින පසුබිමක් තුළ, රටටත් ලෝකයටත් වඩාත් තිරසාර අනාගතයක් උරුම කර දීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය, ප්‍රජාවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ අනාගත පරම්පරාවන් සමඟ දිගින් දිගටම එක්ව කටයුතු කිරීමට අප සූදානම්.” පහතරට මෙහෙයුම්, තිරසාරත්වය, පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය තුසිත බණ්ඩාර මහතා පැවසීය.

2026 ලෝක පරිසර සතිය වැඩසටහන් මාලාව, සිය දේශගුණික ක්‍රියාකාරකම්, ජෛව විවිධත්ව සංරක්ෂණ මෙහෙවර සහ තිරසාර වැවිලි කටයුතු සඳහා වන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Bogawantalawa Tea Estates PLC සමාගමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...