BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

Share

Share

Share

Share

අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් පහසුවෙන් සපයා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දෙයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල නවතම 3S පහසුකම පසුගියදා විවෘත කරමිනි. ඒ අනුව නව ශාඛාව තුලින් නවතම BYD රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් එකම වහලක් යටින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දීමට ඔවුන් කටයුතු කරන ලදී.

මෙම නවතම පහසුකම John Keells CG Auto හි පූර්ණ හිමිකාරීත්වය සහිත දෙවන පහසුකම ලෙස සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. කොළඹ යුනියන් පෙදෙසේ පළමු අලෙවි, සේවා සහ අමතර කොටස් එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම අනුව ක්‍රියාත්මක මෙම නවතම පහසුකම තුළින් වයඹ පළාතේ පාරිභෝගිකයින් වෙත එම සියලු සේවාවන් ඒ අයුරින්ම ලබා දීමට කටයුතු කර ඇත්තේ නව බලශක්ති වාහන විසඳුම් මෙන්ම සුවිසල් පහසුවක් ඔවුන් වෙත ලබා දෙමිනි.

මෙම අවස්ථාවට එක් වෙමින් John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා “අපගේ නවතම BYD ශාඛාව සුවිශේෂී පහසුකම් සමඟින් කුරුණෑගලදී ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. කොළඹින් පිටත අපගේ පළමු පූර්ණ හිමිකාරීත්වය සහිත මෙම ශාඛාව තුළින් වයඹ පළාත තුළ අපගේ විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. එමෙන්ම වාහන මිලදී ගැනීමේ සිට අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව දක්වා බාධාවකින් තොරව පහසු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීම සඳහා වන අපගේ කැපවීම මේ තුලින් මනාව පෙන්නුම් කරනවා. ඒ වගේම අපගේ ගනුදෙනුකරුවන් වෙත වැඩි පහසුවක්, සැලකිල්ලක් හා සහයෝගයක් ලබා දීමට මෙම පහසුකම තුලින් අවස්ථාව උදා වනවා.” යනුවෙන් පැවසුවේය.

විවිධ වර්ගයේ මෝටර් රථ අවශ්‍යතා සපුරාලන සුවිශේෂී ප්‍රදේශයක් වන කුරුණෑගල මෙම නවතම ප්‍රදර්ශනාගාරය තුලින් තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා වන ඉහළ යන ඉල්ලුම සපුරාලීමට BYD කටයුතු කරයි. තවද මේ තුළින් වයඹ පළාතේ ප්‍රධාන වාණිජ නගරය වන කුරුණෑගල පුරවරයේ පරිසර හිතකාමී වාහන පිළිබඳව වැඩි වශයෙන් උනන්දු වන පාරිභෝගිකයින් හට තිරසාර විසඳුම් ගෙන ඒමට සමත් වනු ඇත.

මෙම නවතම ප්‍රදර්ශනාගාරයේදී BYD හි උසස් තත්වයේ ඉලෙක්ටි්‍රක් හා plug-in hybrid වාහන නිෂ්පාදන රැසක් දැක බලා ගැනීමට හා මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත. එම නිෂ්පාදන බොහොමයක් BYD හි අනන්‍යතාව සහිත DM-i super hybrid තාක්ෂණය හා ආරක්ෂිත Blade බැටරියකින් සමන්විත වන අතර එහි ඇති බලශක්ති කාර්යක්ෂමතාව, විවිධ විදුලි පරාසය හා ජාත්‍යන්තර තත්වයේ බැටරි ආරක්ෂාව සමඟින් මින් පෙර අත් නොදුටු අසමසම ධාවන අත්දැකීමක් BYD රථ වාහන මිලදී ගන්නන් හට උදා කරදෙනු නිසැකය. තවද මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනාගාරය සහ අමතර කොටස් පහසුකමෙහි ඇති විශේෂත්වය වන්නේ රථ වාහන අලෙවියට අමතරව අමතර කොටස් ලබා දීමට කටයුතු කිරීම තුලින් පාරිභෝගිකයින් හට නියම අමතර කොටස් හා වෘත්තීය නඩත්තු/අලුත්වැඩියා කිරීමේ සේවාවන් එම පහසුකම තුළින්ම සලසා ගත හැකි බව සහතික කිරීමට BYD කටයුතු කර තිබීමයි.

මෙම නවතම අලෙවි, සේවා සහ අමතර කොටස් පහසුකම විවෘත කිරීම නිමිත්තෙන් ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා පරීක්ෂණ ධාවන අවස්ථාවන් පාරිභෝගිකයින් වෙත ලබා දීමට JKCG Auto කටයුතු කර ඇත. පසුගිය කාලය තුළ කොළඹදී පවත්වනු ලැබූ ඒ ආකාරයේ පරීක්ෂණ ධාවන පහසුකම් ඉතා සාර්ථක වීම හේතුවෙන් එම වටිනා අවස්ථාව කුරුණෑගල මෙන්ම වයඹ පළාතේත් ආසන්න නගරයන්හි ජනතාව වෙත ලබා දීම තුලින් BYD හි උසස් තත්වයේ ඉලෙක්ටි්‍රක් හා plug-in hybrid වාහනවල විශිෂ්ටත්වය අත්විඳීමට හැකි වනු ඇත.

මේ වන විට බස්නාහිර, දකුණ, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල පාරිභෝගිකයින් අත් විඳින BYD වාහන දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ගෙන යාමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද මෙම කුරුණෑගල පහසුකම සඳහන් කළ හැකිය. මේ වන විට කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර, කරාපිටිය, මාතර. තංගල්ල, පුත්තලම සහ මහනුවර ඇතුලු ප්‍රථාන නගර රැසක ඉලෙක්ටි්‍රක් වාහන charge කිරීමේ මධ්‍යස්ථාන 15කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමට සහාය වී ඇති JKCG Auto ඒ තුලින් රට පුරා ඉලෙක්ටි්‍රක් වාහන හිමිකරුවන් වෙත සුවිසල් පහසුවක් අත්කර දීමට සමත්ව සිටියි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...