Certis Lanka සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දක්වයි

Share

Share

Share

Share

මෙරට ආරක්ෂක සේවාවන්හි පුරෝගාමී ආයතනයක් වන Certis Lanka සමූහ ව්‍යාපාරය සිය 46 වසරක විශිෂ්ට ගමනේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දැක්වීමයි. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු විශේෂ උත්සවකදී මෙම නව සන්නාමය එළිදැක්වීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා ගෞරවණීය අමුත්තන්, පාර්ශ්වකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.
Certis Lanka, SITREK Group බවට පරිවර්තනය වීම තුළින් ආයතනික ව්‍යුහය, අඛණ්ඩතාව, විශ්වසනීයත්වය, වගකීම, විශිෂ්ටත්වය සහ දැනුම යනාදී වටිනාකම් සඳහා ඔවුන් තුළ ඇති කැපවීම නැවත නැවතත් තහවුරු කිරීම වෙනුවෙන් වූ උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙසද සඳහන් කළ හැකිය. මෙම සුවිශේෂී මූලිංකාංගයන් අනුව යමින් පූර්ණ ශ්‍රී ලාංකීය ආයතනයක් ලෙස සිය පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීමට SITREK Group කැපවී කටයුතු කරනු ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ එහි සමූහ සම කළමණාකාර අධ්‍යක්ෂිකා මිනෝලි විජේසිංහ මහත්මියල SITREK සමූහ ව්‍යාපාරය ලෙස සන්නාමය නව්‍යකරණයට ලක් කිරීම අප සමාගමේ සාර්ථකත්වය සඳහා උදාවූ සුවිසල් අවස්ථාවක් ලෙස සඳහන් කර සිටි අතර ඒ තුළින් අනාගත සාර්ථකත්වය හා වර්ධනය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ගනුදෙනුකරුවන් වෙත ඵලදායී හා ගුණාත්මක බවින් පිරි කාර්යක්ෂම සේවාවක් සලසා දීම වෙනුවෙන් තව දුරටත් ව්‍යාපාරය නගා සිටුවීමට අවස්ථාව උදා වන බව සදහන් කරන ලද අතර වසර ගණනාවක් පුරා අප කෙරෙහි විශ්වාසය තබමින් අපවෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියලු පාරිභෝගිකයින් හටද තම ගෞරව පූර්වක ස්තූතිය පුදකරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ සමූහ ව්‍යාපාරයේ සමූහ සම කළමණාකාර අධ්‍යක්ෂ ජීවක විජේසිංහ මහතා සඳහන් කර සිටියේල අප මෙතෙක් පැමිණි ගමනේදී අපට මඟ පෙන්වූ මූලික ආචාර ධර්මයන් නව SITREK සන්නාමය තුළින් ප්‍රදර්ශනය වන බවයිග තවද සමගම අපගේ කර්මාන්තය තුළ නව ප්‍රමිතීන් සකස් කරමින් සේවා දායකත්වය තව දුරටත් ඉහළ නැංවීම සඳහා පුහුණු සංවර්ධන වැඩසටහන් හා තාක්ෂණය සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීමට අරමුණු කොටගෙන සිටින බවත්ය.
මෙම නව සන්නාමය හඳුන්වා දීමත් සමඟ SITREK සමූහය SITREK Security Solutions, SITREK Technologies, SITREK Secure Logistics, SITREK Home Nursing and Swift Care සහ SITREK Courier Services යනාදී අනුබද්ධ සමාගම් යටතේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කරනු ඇත. නිදසුන් ලෙස මානව ආරක්ෂණ සේවාවන්හි ප්‍රමුඛයා ලෙස විශ්වාසය දිනා ගෙන ඇති ඔවුන් අති නවීන තාක්ෂණයන් තුළින් එම සේවාව තව දුරටත් ඉදිරියට ගෙන යනු ඇති අතර උසස් තත්වයේ ආරක්ෂිත සැපයුම් සේවාවක් ලබා දෙමින් පාරිභෝගිකයන් සතු වත්කම්වල ආරක්ෂාව තව දුරටත් සහතික කරනු නිසැකය.
මෙම සේවාවන්හි නව්‍යකරණය තුළින් SITREK සමූහයේ කැපවීම මනාව පැහැදිලි වන අතර සිය සේවාවන් තව දුරටත් ඉදිරියට ගෙන යමින් වායු සමීකරණ ස්ථාපනය හා නඩත්තු කිරීම, දේපල අලෙවි කිරීම හා මිලදී ගැනීම, Identity College of Higher Education (ICHE) වැනි ආයතන හරහා සත්කාරක සේවාවන් හා වෙනත් සේවාවන් සඳහා අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමේ පහසුකම් සලසාදීම වැනි සේවාවන් රැසක්ද පාරිභෝගියින් වෙත ඉදිරිපත් කොට ඇත.
නව සන්නාමය දියත් කිරීම තුළින් සන්නාමයේ වෙනසක් පමණක් නොව නවෝත්පාදනය හා වර්ධනය වෙනුවෙන් අසමසම ආරක්ෂණ විසඳුම් ලබා දීමේ සමාගමේ කැපවීමද යළි යළිත් තහවුරු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට www.sitrekgroup.com/about-us/.වෙත පිවිසෙන්න.

අවසන්
SITREK සමූහය පිළිබඳව

ඒකාබද්ධ ආරක්ෂක විසඳුම් සහ විවිධාංගීකරණය වූ සේවාවන්හි ප්‍රමුඛතම ආයතනයක් වන SITREK, විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන ආයතනයක් ලෙස සඳහන් කළ හැකිය. දශක 4කට වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන Certis Lanka සන්නාමයේ විශිෂ්ටත්වය තුළින් සවිමත් SITREK, මෙරට ව්‍යාපාර ක්ශේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත් වීම අරමුණු කොට ගෙන ඇත්තේ ව්‍යාපාර හා පුද්ගල විශ්වාසයද තමන් සතු කර ගැනීමට කටයුතු කරමිනි.
වගකීම, විශ්වාසනීයත්වය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන SITREK සමාගම් සමූහය SITREK Security Solutions, SITREK Technologies, SITREK Secure Logistics, SITREK Home Nursing and Swift Care සහ SITREK Courier Services යනාදී අනුබද්ධ සමාගම් යටතේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුවහන් කිරීමට සූදානමින් සිටියි. SITREK සිය සේවාවන් තව දුරටත් ඉදිරියට ගෙන යමින් වායු සමීකරණ ස්ථාපනය හා නඩත්තු කිරීම, දේපල අලෙවි කිරීම හා මිලදී ගැනීම, Identity College of Higher Education (ICHE) වැනි ආයතන හරහා සත්කාරක සේවාවන් හා වෙනත් සේවාවන්් සඳහා අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමට පහසුකම් සලසා දීම වැනි සේවාවන් රැසක්ද අපගේ පාරිභෝගියින් වෙත ඉදිරිපත් කොට ඇත.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...