Cinnamon Life, LMD හි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

Share

Share

Share

Share

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Life හි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව තහවුරු කරනු ලබයි.

සිය පාඨකයින් වඩාත් කැමති හා විශ්වාස කරන සන්නාමයන් පිලිබඳව දැන ගැනීම සඳහා LMD විසින් පත් කරනු ලැබූ PepperCube Consultants විසින් සිදු කරන ලද සුවිශේෂී අධ්‍යයනයක ප්‍රතිඵයක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම හඳුන්වා දිය හැකිය. LMD පාඨකයින් අතුරින් අහඹු ලෙස තෝරාගනු ලැබූ පාඨකයින් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡා හරහි 2025 වසරේ ජනවාරි මාසයේදී මෙම පර්යේෂණය සිදු කළ අතර ඒ සඳහා බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් නියෝජනය කරමින් පිරිමි 52%ක්ද කාන්තා 42%ක් සහභාගිී වූහ.

භාණ්ඩ හා සේවා අලෙවිය, හෝටල් සේවා, බැංකුකරණය, විදුලි සංදේශ සහ තවත් විවිධ ව්‍යාපාර අංශයන් හි වෙළෙඳ නාම කාණ්ඩ 43කට වැඩි ප්‍රමාණයක් මෙහිදී ශ්‍රේණිගත කිරීම සඳහා යොදා ගත් අතර ප්‍රතිචාර දැක්වූවනගේ මනාපය, විශ්වාසය හා පිළිගැනීම මත ජයග්‍රාහී සන්නාම නම් කරනු ලැබීය. මෙහි විශේෂත්වයක් වූයේ PepperCube පර්යේෂණ කණ්ඩායම පාඨකයින් විසින් ලබා දුන් දත්ත මනාව යොදා ගනිමින් ඒවායෙහි වලංගු අවලංගු භාවය විමසා බලමින් ශ්‍රේණිගත කිරීම සඳහා ඉතා අපක්ෂපාතීව කටයුතු කිරීමයි.
Cinnamon Life මෙහෙයුම් ආරම්භ කර වසරකට වඩා අඩු කාලයකදී මෙම ශ්‍රේණිගත කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමද විශේෂත්වයකි. ඒ සතු පාරිභෝගික අත්දැකීම්, ජාත්‍යන්තර තත්වයේ කෑම බීම, නිර්මාණාත්මක කටයුතු සහ සුවිශේෂී ආගන්තු සත්කාරය Cinnamon Life පාඨකයින් අතර ජනප්‍රියත්වයක් හා ආදරයක් දිනා ගැනීමට හේතු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Cinnamon Life හි විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂිකා පද්මි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර සිටියේ “ LMD සහ එහි පාඨක ප්‍රජාවගෙන් අප වෙත හිමි වූ මෙම පිළිගැනීම අප ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. Cinnamon Life යනු ආහාර ගැනීම හෝ නවාතැන් පහසුකම් ලබා දීම සඳහා පමණක් වන ස්ථානයක් නොව අදහස්වලින්, සංස්කෘතීන් හා සබඳතාවලින් එකිනෙකාට සම්බන්ධ වී ඇති බව අවබෝධ කර දෙන ස්ථානයක් ලෙස මම දකිනවා. මෙම ශ්‍රේණිගත කිරීම තුලින් අපගේ පාරිභෝගිකයින් සමඟ අප ගොඩනගාගෙන ඇති සබඳතාව මනාව පිළිබිඹු වනවා. කොළඹ නගරයේ සුවිසල් පරිවර්තනයේ කොටසක් වීමට මෙන්ම ඉදිරි වර්ධනය සඳහා දායක වීමට ලැබීම Cinnamon Life ලද වරප්‍රසාදයක් ලෙස සලකනු ලබනවා.”යනුවෙනි.
කොළඹ නගරයේ ආකර්ෂණීයත්වය ඉහළ නංවන Cinnamon Life හි ඉදිරි ගමන හා විශිෂ්ට සේවාවක් වෙනුවෙන් වන සුවිසල් දිරි ගැන්වීමක් ලෙසද මෙම ශ්‍රේණිගත කිරීම වැදගත් වේ.

தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...
ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය ප්‍රේක්ෂකයා...
දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය...
The Selvern Trust unlocks new...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
உற்பத்தியின் தரம் மற்றும் விநியோகத் திறனை...