Cinnamon Signature Selection, සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරමින් දීපා මෙහෙතා සමඟින් එක්ව ‘Signature Weekend’ ඉදිරිපත් කරයි

Share

Share

Share

Share

සිනමාකරණයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ලෝකයට ගෙන යාමට කටයුතු කරයි

Cinnamon Hotels & Resorts හි Signature Selection සන්නාමය සමඟින් ශ්‍රී ලංකාව සිනමාකරණයේ ආකර්ෂණීය නවාතැනක් බවට පත් කිරීම සඳහා Cinnamon Life සහ Cinnamon Bentota Beach කටයුතු කරමින් සිටියි. ඒ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම දක්ෂ සිනමාවේදිනියක් වන දීපා මෙහෙතා වෙනුවෙන් එළඹෙන 2025 මැයි 31 හා ජූනි 1 වන දිනවලදී Signature Weekend නමින් විශේෂ පවත්වමිනි.

Cinnamon Bentota Beach – Signature Selection සහ Cinnamon Life at City of Dreams හි සත්කාරකත්වය සමඟින් ශ්‍රී ලංකාවේදී රූගත කළ දීපා මෙහෙතාගේ Midnight’s Children, Water සහ Funny Boy යන සුවිශේෂී චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට එම දිනයන්හිදී කටයුතු කර තිබීම විශේෂත්වයකි.

මෙම සැමරුමෙහි විශේෂත්වය වූයේ Cinnamon Bentota Beach – Signature Selection සහ Cinnamon Life at City of Dreams හි පැවති දෙදින වැඩසටහන් මාලාව හුදෙක් චිත්‍රපට ප්‍රදර්ශනයකට එහා ගිය සුවිසල් අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය. එය ශ්‍රී ලංකාව ගෝලීය සිනමාවේ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ඉස්මතු කරමින් ජාත්‍යන්තරය දිනූ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට එහි අත්දැකීම් විඳ ගැනීමට සිදු කළ ඇරයුමක් ලෙසද පෙන්වා දිය හැකිය. ශ්‍රී ලාංකේය සංස්කෘතිය, කතාන්දර කීම හා ආකර්ෂණීය අත්දැකීම් ලබා දීම වෙනුවෙන් Signature Selection හරහා කැපවී කටයුතු කරන Cinnamon Life ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා මෙන්ම නිර්මාණශිල්පීන් සඳහාද කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මේ තුලින් සමත්ව සිටියි.

ඉතාමත් සාර්ථක චිත්‍රපට රැසක් මෙරට රූගත කල දීපා මෙහෙතාල යලි මෙරටට පැමිණීම ඉතාමත් අර්ථවත් වන්නේ Signature Weekend වැඩසටහන මඟින් ඇගේ නිර්මාණ තුලින් බිහිවූ ආභාෂයට ගෞරව කිරීමට සහ ඇගේ නිර්මාණාත්මක ගමනේ භූමිකාව සැමරීමට හැකි වන බැවිනි. ජාත්‍යන්තර පිළිගත් චිත්‍රපට රැසක් රූගත කිරීමේ අභිමානය සමඟින් කලාත්මක සම්බන්ධතාවක් ගොඩනගා ඇති ශ්‍රී ලංකාව වෙත ඇයගේ නැවත පැමිණීම සිනමා කර්මාන්තයේ මෙන්ම මෙරට සිනමා සංචාරක කර්මාන්තයේද නව ඇරඹුමකට හේතු වනු ඇත.

Signature Weekend වැඩසටහන පෙලගැස්ම
2025 මැයි 31 – සිනමන් බෙන්තොට බීච් – Signature Selection
පෙ.ව 10.00 – පොත් කියවීම හා තිරගත කිරීම Midnight’s Children
ප.ව. 4.00 – විද්වත් සාකච්ඡාව හා තිරගත කිරීම Water
2025 ජූනි 01 – Cinnamon Life at City of Dreams
ප.ව. 3.00 – Funny Boy තිරගත කිරීම සහ වට මේස සාකච්ඡා අංගය

චිත්‍රපට ලෝලීන්ට, වෙනස් විදියේ අත්දැකීමක් ලබා ගැනීමට අවැසි සංචාරකයින්ට සම්මානනීය සිනමා කෘතීන් බිහිවූ ස්ථානයක සිට එම සිනමා අත්දැකීම් අත්විඳීමේ කදිම අවස්ථාවක් මෙහිදී උදා කර ගැනීමට හැකි වනු ඇත.

ප්‍රවේශ පත්‍ර හා පැකේජ
එක් ටිකට්පතක මිල: රු. 10,000
Signature Stay පැකේජය: (Cinnamon Bentota Beach Signature Selection): රු. 75,000 Funny Boy තිරගත කිරීම + Event (Cinnamon Life City of Dreams): රු. 12,500
ප්‍රවේශපත් සීමිතයි. හැකි ඉක්මණින් මෙම සුවිශේෂී අවස්ථාවේ ඔබේ ආසනය දැන්ම වෙන් කර ගන්න www.cinnamonhotels.com/signature-events වෙත පිවිසෙන්න.
වැඩි විස්තර සඳහා – 0112 161 161 අමතන්න නැත්නම් [email protected] ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...