Coca-Cola පදනම වෙතින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800කට අතහිත

Share

Share

Share

Share

වත්මන් වාතාවරණය හමුවේ තම මූලික අවශ්‍යයතා පවා සපුරාගත නොහැකි ප‍්‍රජාව දිනෙන් දින ඉහළ යමින් සිටී. එවැනි පීඩාවට පත් සහ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800 ක් සුබසාධනය කිරීම වෙනුවෙන් ක්‍ද Coca-Cola පදනම (TCCF, Coca Cola සමාගමේ ගෝලීය පරිත්‍යාගශීලී අංශය) මෑතකදී සේවාලංකා පදනමට සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයට ආධාර පිරිනමන ලදී. ‘’Say We Care” නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය හරහා සේවාලංකා පදනම සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) අත්වැලක් අවශ්‍ය පවුල් වඩාත් නිවැරදිව තෝරාගෙන මෙම ආධාර බෙදා දෙන ලදී.

ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ යන මිල ගණන්, කෘෂිකාර්මික නිෂ්පාදන සීමා කිරීම් සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, ලෝක බැංකුව 2022 දී ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 25% කින් ඉහළ යනු ඇතැයි මීට පෙර ඇස්තමේන්තු කර තිබූ අතර ඒ හේතුවෙන් දිනකට පරිභෝජනය කරන ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට රටේ බොහෝ පවුල්වලට සිදු වුණි. අධික මිල ගණන් හේතුවෙන් ආහාරවල පෝෂණ ගුණයද අඩාල වී ඇති අතර, දරිද්‍රතා මට්ටමට පහළින් සිටින අය තවදුරටත් අපහසුතාවයට පත් විය.

සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ඇති ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් වන සේවාලංකා පදනම TCCF අනුග‍්‍රහයෙන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සඳහා දිස්ත‍්‍රික්ක 10 ක් ආවරණය වන පරිදි සහන පැකේජ 6,000 කට අධික සංඛ්‍යාවක් බෙදා දුන් අතර, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග‍්‍රාම නිලධාරීන් ආධාර අවශ්‍ය පවුල් හඳුනා ගැනීමට උපකාර කළහ.

අපද්‍රව්‍ය එකතු කිරීම ප‍්‍රධාන ආදායම් මාර්ගය කර ගනිමින් ජීවත් වන ජනතාව වෙසෙන තෝරාගත් දිස්ත‍්‍රික්ක 10 ක පවුල් 1,800 කට අධික සංඛ්‍යාවකට SLRCS ආහාර පැකේජ ලබා දුන්නේය.

Say We Care මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් Coca-Cola පදනමේ සභාපති Saadia Madsbjerg පැවසුවේ, ”අපගේ උදව් උපකාරවලින් බලපෑමට ලක් වූ ප‍්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වෙනුවෙන් අපට සහාය වූ හවුල්කරුවන්, ස්වේච්ඡා සේවකයින් සහ අපගේ කණ්ඩායම්වලට අපි කෘතඥ වන අතර ඔවුන්ගේ නොමද කැපවීම මෙම වැඩසටහනේ සාර්ථකත්වයේ රහස බව මා අමුතුවෙන් කිව යුතු නෑ.” යනුවෙනි.

මෙහිදී සහල්, පරිප්පු, තිරිඟු පිටි, හාල්මැස්සන්, ටින් මාළු, කඩල වැනි පෝෂ්‍යදායි ආහාර වර්ග සහ සබන්, විෂබීජ නාශක සහ දන්තාලේප වැනි ද්‍රව්‍යවලින් සමන්විත කිලෝග‍්‍රෑම් 30ත් 45ත් අතර බරකින් යුතු ආහාර පැකේජ පිරිනැමීය. එය සාමාජිකයින් 4 සිට 5 දක්වා සිටින පවුලකට මාස 2ක් පමණ අවශ්‍යතාවන් සපුරා ගැනීමට සෑහේ.

කාන්තාවන්/තනි ගෘහ මූලික පවුල්, අඩු ආදායම්ලාභී පවුල් (දෛනික වැටුප් ලබන්නන්), වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින පවුල් හෝ ගැබිනි හෝ කිරි දෙන මව්වරුන් සහ පෝෂණ ඌණතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ට Say We Care වැඩසටහන හරහා ආහාර පැකේජ ලබා දී ඇත.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...