Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

Share

Share

Share

Share

සුවහසක් ක්‍රිකට් ප්‍රේමීන්ට අසමසම අවස්ථාවක් උදා කර දෙමින් 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සියලු තරඟ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය ඉහළ නැංවීමට සමත් වනු නිසැකය. සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස කොකා-කෝලා එක්ව සිටින්නේ ක්‍රීඩාශීලීත්වය, ආකර්ෂණය හා ක්‍රිකට් උණුසුම තව තවත් ඉහළ නංවමිනි.

මෙවර කාන්තා ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා (ඔක් 04), ශ්‍රී ලංකා – එංගලන්ත (ඔක් 11), ශ්‍රී ලංකා – නවසීලන්ත (ඔක් 14) ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා (ඔක් 17) සහ ශ්‍රී ලංකා -පාකිස්තාන (ඔක් 24) යන තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. ලොව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලාංකේය භූමියට පා තබන මේ තරඟාවලිය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් වනු නිසැකය.

සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් එක්ව ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාවේ සතුටට එහා ගිය අත්දැකීමක් එක් කිරීමට කටයුතු කර ඇති කොකා-කෝලා ක්‍රීඩාවේ ජවය ශක්තිය ප්‍රදර්ශනය කරන මනරම් පපරේ නාදයේ සිට ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් නිර්මාණාත්මක රූපවාහිනී වෙළෙඳ දැන්වීම් දක්වා ක්‍රීඩාවේ චමත්කාරය හදවත් තුල රෝපණය කර ඇත්තේ තමන් තුල ඇති ක්‍රීඩාශීලීත්වය අවදි කිරීමට කටයුතු කරමිනි.

2025 කාන්තා ලෝක කුසලාන තරඟවලියේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා රටවල විශිෂ්ට ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් අගය කිරීම වෙනුවෙන් එක් වීමට ලැබීම තුලින් සිය අභිමානය තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට කොකා-කෝලා සන්නාමයට හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කොකා-කෝලා ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා සඳහන් කර සිටියේ “ලොව විශිෂ්ට කාන්තා ක්‍රිකට් කණ්ඩායම් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත 2025 ලෝක කුසලාන තරඟාවලියේදී අපගේ ක්‍රිකට් රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් ගෙන දීමට කොකා-කෝලා කැපවී කටයුතු කරනවා. රටක් ලෙස ක්‍රීඩාවට ආදරය කරන අප සියලු දෙනා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින මේ උද්වේගකර ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර සිටිමු”යනුවෙනි.

ඉතිහාසයේ සිටම වර්තමානයේදීත් ක්‍රිකට් සහ කොකා-කෝලා සුසංයෝය මෙරට ක්‍රිකට් කෝක් ලෝලීන්ට නොරහසකි. පන්දුවෙන් පන්දුව, ලකුණින් ලකුණ, හයේ හතරේ පහරවල් සමඟින් ක්‍රීඩාවේ චමත්කාරය පවුලේ සාමාජිකයින් හෝ මිතුරු මිතුරියන් සමඟින් ආලින්දයේ සිට රස විඳින අතරතුර Coke වීදුරුවක් අතැතිව ක්‍රීඩාවේ සැබෑ ජීව ගුණය වෙනුවෙන් ඔල්වරසන් දෙන්නට එක් වන මෙන් කොකා-කෝලා සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටියි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...