Colombo Fashion Week හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස TikTok එක් වෙයි

Share

Share

Share

Share

TikTok කීර්තිමත් කොළඹ විලාසිතා සතිය හෙවත් Colombo Fashion Week (CFW) හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස අත්වැල් බැඳ ගනිමින් ශ‍්‍රී ලංකාවේ විචිත‍්‍රවත් විලාසිතා ක්ෂේත‍්‍රයට පළමුවරට ප‍්‍රවේශ විය. මෙම හවුල්කාරීත්වය TikTok සහ CFW යන දෙකටම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර #FashionTok හරහා දේශීය විලාසිතා කර්මාන්තයේ නිර්මාණශීලිත්වය, විවිධත්වය සහ නවෝත්පාදන සැමරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට එමගින් අරමුණු කරයි.

මාර්තු මාසයේදී, කොළඹ නගරයේ ප‍්‍රධාන පෙළේ ස්ථාන තුනකදී 21 වන වරටත් පැවැත්වුනු CFW විලාසිතා ලෝලීන්ට සුවිශේෂී අත්දැකීමක් තිළිණ කළේ දේශීය සහ ජාත්‍යන්තර නිර්මාණකරුවන්ගේ විශිෂ්ට නිර්මාණ ප‍්‍රදර්ශනය කරමිනි. මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන අතරම කොළඹ නගරය ලොව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප‍්‍රචලිත කිරීම මෙවර Colombo Fashion Week වැඩසටහනේ ප‍්‍රධානතම අරමුණක් වී තිබේ. TikTok හි අනුග‍්‍රාහකත්වය සමඟින් මෙවර ප‍්‍රදර්ශනය නව මානයකට ඔසවා තැබූ අතර ඒ හරහා සහභාගිවූවන්නන්ට සහ online පේ‍්‍රක්ෂකයින්ට අන් කවරදාටත් වඩා සිත් ඇදගන්නා සුළු සහ අමතක නොවන අමතක නොවන අත්දැකීමක් ලබා දුන්නේය.

මෙම හවුල්කාරිත්වයේ කොටසක් ලෙස TikTok විසින් ප‍්‍රදර්ශනය පැවැත්වෙන අදාල ස්ථානවලදී QR කේතයක් හඳුන්වා දුන් අතර එමගින් පරිශීලකයින් #FashionTok පිටුව වෙත යොමු කෙරිණි. මෙහිදී, ඔවුන්ට තිරය පිටුපස සිදුවන සිදුවීම්වල සිට ප‍්‍රදර්ශනයේ සුවිශේෂී අවස්ථා දක්වා විශේෂ CFW අන්තර්ගතයන් රාශියකට ප‍්‍රවේශ වීමට හැකි විය. ඒවගේම විනාඩියක කාලයක් පුරා දිවෙන අන්තර්ක‍්‍රියාකාරී වීඩියෝ සහ Photomode වැනි නව්‍ය විශේෂාංග හරහා TikTok CFW හි සුවිශේෂී අනන්‍යතාවය නිරූපණය කිරීමට සමත් එහි අද්විතීය නිර්මාණාත්මක හැකියාව ගෝලීය පේ‍්‍රක්ෂකයින් සමඟ ද බෙදා ගත්තේය.

Limak by Kamil, අමිලානි පෙරේරා, ෆවුසල් හමීඞ්, අෆ්සානා ෆඩූසි වැනි ප‍්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළු වෙනත් නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් මෙවර Colombo Fashion Week සහභාගී වූ අතර මෙම වැඩසටහනේදී FashionTok සහ TikTok වේදිකාවේ නියැලී සිටින නැගී එන දක්ෂයින් ද සිය කුසලතා ද ප‍්‍රදර්ශනය කළේය. Moir.ae හි Maleesha Perera, Chihiro.lk හි Chihiro Fernando, Ara by Arsath Furkhan, Lanka Chic හි Aysha Faizer සහ Gai by Gayanth Karunarathne වැනි නිර්මාණ ශිල්පීන් හා ශිල්පිනියන් ද ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප‍්‍රදර්ශනය කිරීමට සහ ඔවුන්ගේ සන්නාම වෙත නව පේ‍්‍රක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට TikTok භාවිතා කළේය.

#FashionTok TikTok හි ආකර්ෂණීය ප‍්‍රවණතාවක් බවට පත් වූ අතර ශ‍්‍රී ලාංකිකයින්ට විලාසිතා සීමාවන් නැවත නිර්වචනය කිරීමට සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප‍්‍රකාශ කිරීමට එය අවස්ථාව ලබා දෙයි. සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් රටක, #FashionTok පුද්ගලයින්ට ඔවුන්ගේ ශෛලිය සහ අලංකාරත්වය පිළිබඳ අද්විතීය කථා බෙදාහදා ගැනීමට ඩිජිටල් වේදිකාවක් ලෙස ක‍්‍රියා කරයි. එපමණක් නොව, එය ශ‍්‍රී ලාංකීය විලාසිතා සහ කුසලතා ලොව පුරා ප‍්‍රවර්ධනය කරයි.

රසවින්දනයෙන් ඔබ්බට යමින් FashionTok මිනිසුන්ට එකට එකතු වීමට, ඔවුන්ගේ විවිධ දෘෂ්ටිකෝණ බෙදා ගැනීමට සහ ඔවුන්ගේ විලාසිතා සම්බන්ධ ඉලක්ක සහ අභිලාෂයන් හඹා යෑමේදී එකිනෙකාට සහයෝගය දක්වන වේදිකාවක් ලෙස ක‍්‍රියා කරයි. CFW සමඟ ඇති හවුල්කාරිත්වය හරහා TikTok විලාසිතා ක්ෂේත‍්‍රයේ අලූත් සහ ඉදිරියට එන දක්ෂයින්ට සහාය වීමට ඇති සිය කැපවීම යලිත් අවධාරණය කරයි.

 

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...