Dialog Enterprise 2023 ජාතික කර්මාන්ත ප්රදර්ශනය බල ගන්වයි

Share

Share

Share

Share

ඩයලොග් ආසියාටා පී. එල්. සී. හි ආයතනික සන්නිවේදන තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් (Dialog Enterprise), 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට (Industry 2023) ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන බව මෑතකදී නිවේදනය කළේය. ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රධාන අනුග්‍රාහකකත්වය අඛණ්ඩව දෙවන වරටත් ලබා දෙන මෙම ප්‍රවාර්ෂික දර්ශනය 2022 දී අති සාර්ථක විය.

 

මෑත කාලීන ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කරමින් ඩයලොග් එන්ටර්ප්‍රයිස්, ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මෙම ප්‍රදර්ශනය හරහා මෙරට කර්මාන්ත සඳහා වඩා ආකර්ෂණීය වේදිකාවක් ලබා දීමට  බලාපොරොත්තු වේ.

 

වමේ සිට දකුණට තිලංකා ජයසුන්දර මහත්මිය – කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය සාරංග අලහප්පෙරුම – සභාපති, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, වෛද්‍ය රමේෂ් පතිරණ – (ගරු) කර්මාන්ත අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය, චාමර සම්පත් දසනායක මහතා – (ගරු )  කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, නවීන් පීරිස් මහතා – සමූහ ප්‍රධාන නිලධාරී – ඩයලොග් එන්ටර්ප්‍රයිස්, චන්න අමරසේකර මහතා – ව්‍යාපාර ප්‍රධානී – ඩයලොග් ආසියාටා පී.එල්.සී

 

මෙහිදී අදහස් දැක්වූ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසුවේ “අපගේ දේශීය කර්මාන්ත සඳහා සුවිශේෂී වේදිකාවක් සහ වෙළඳපොළක් ලබා දීමට මෙන්ම  ජනතාවට නව අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලෙස Industry 2023 – ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. දේශීය කර්මාන්තවල විවිධ  නිෂ්පාදන සහ විසඳුම්  කාර්මික පුනර්ජීවන ප්‍රයත්නයක් ලෙස  තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වනවා. අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් අප හා එක්වීම පිළිබඳව හෘදයාංගම ස්තූතිය පුදකර සිටින අතර දේශීය කර්මාන්ත හිමියන්ට මෙන්ම ඔබ සැමට ද ප්‍රදර්ශනය හා එක්වන ලෙස ආරාධනා කරන්නෙමු.”

 

ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නිවේදන සම්බන්ධතා සැපයුම්කරුගේ සන්නිවේදන තාක්ෂණ විසඳුම් අංශය ලෙස Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සමාලෝචනය කිරීමේ ජාතික ප්‍රයත්නයට සහාය වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ඩයලොග් එන්ටර්ප්‍රයිස්, කුඩාම ගෘහ ව්‍යාපාරවල සිට සෑම ක්ෂේත්‍රයකම ප්‍රමුඛතම කර්මාන්තකරුවන් දක්වා ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට විවිධ තාක්ෂණ සේවා සපයන අතර අති නවීන සන්නිවේදන තාක්ෂණ විසඳුම්  ප්‍රදර්ශනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම ජුනි මාසයේදී Industry 2023,නැරඹීමට සහ නව නිපැයුම් එලි දැක්වීමට සියලුම ව්‍යවසායක සහ ව්‍යාපාර ප්‍රජාවට  ආරාධනා කිරීමට අපි කැමැත්තෙමු.”

 

Dialog Enterprise විසින් බලගන්වන Industry 2023 ජුනි 22 සිට 25 දක්වා BMICH හිදී පැවැත්වේ වේ. කර්මාන්ත 20කට අධික සංඛ්‍යාවකින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ මහා පරිමාණ ප්‍රදර්ශකයින් ඇතුළත් ප්‍රදර්ශන කුටි 700කට අධික සංඛ්‍යාවක් සංවිධායකයින් අපේක්ෂා කරන අතර වාර්තාගත ජනකායක්  ද අපේක්ෂා කරනු  ලබයි.

அமெரிக்கத் தேவையின் காரணமாக மே மாதத்தில்...
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී...
MullenLowe’s Praveena Perera Becomes First...
Zydus Lifesciences and Sunshine Healthcare...
Huawei Announces Wi-Fi 7 Patent...
Sampath Bank Launches Sri Lanka’s...
Smart Quest marks 20 years...
Samsung Bespoke AI Washer Dryer...
Sampath Bank Launches Sri Lanka’s...
Smart Quest marks 20 years...
Samsung Bespoke AI Washer Dryer...
Colombo Dockyard enters new growth...