Evolution Auto ශ්රී ලංකාවේ ප්රමුඛතම විද්යුත් වාහන ප්රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කරයි

Share

Share

Share

Share

Evolution Auto සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 25 දින බම්බලපිටියේ දී මෙරටට ගෙන්වන ලද ප්රමුඛතම බහු සන්නාම විද්යුත් වාහන එකතුවකින් සැදුම්ලත් ප්රදර්ශනාගාරයක් විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගියකුට කිසිදු බාධාවකින් තොරව මෙම විද්යුත් වාහන පිරික්සා බලමින්, මිලදී ගැනීමට අවශ්ය වාතාවරණය සකසා දීම වෙනුවෙන් මෙම ප්රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ.

ඒ අනුව Changan වෙතින් Avatar, SAIC Motor වෙතින් IM Motors, Alibaba සහ Foxconn වෙතින් Xpeng සහ Geely Auto Group වෙතින් Riddara වැනි චීනයේ ප්රමුඛතම විද්යුත් වාහන මෙම ප්රදර්ශනාගාරය තුළ දක්නට ලැබෙන අතරම ශ්රී ලංකාවේ විශාලතම විද්යුත් වාහන එකතුවද මෙය වේ

මෙම උත්සව අවස්තාවට එක්වූ Evolution Auto සමාගමේ ප්රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් පළකළේය.

“මෙම Evolution Auto ප්රදර්ශනාගාරය හරහා, EV වාහන නරඹා ඒ පිළිබඳව දැනුවත් බාවය ලබාගන්න වගේම කිසිදු බාධාවකින් තොරව අපේ පාරිභෝගිකයින්ට EV වාහන ඉතාම පහසුවෙන් මිළදී ගැනීමේ හැකියාව තියනවා. ඔවුන්ගේ මේ EV ගමන ලෝක මට්ටමේ අත්දැකීමක් වන බව අපිට විශ්වාසයි . ඒ සඳහා විශේෂඥ මග පෙන්වීමක් සහ සම්පූර්ණ සහාය ලබා දීමට අපි කැපවෙලා ඉන්නවා”

මේ පිළිබඳව Evolution Auto සමාගමේ අධ්යක්ෂ ධිරේන් කුණ්ඩන්මාල් මහතා ද මෙලෙස අදහස් පළකර සිටියා.

“Avatar සහ IM වැනි උසස් සන්නාම සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන Evolution Auto අපි ආඩම්බර වෙනවා. Evolution Auto මේ ප්රදර්ශනාගාරයට එන පාරිභෝගිකයන්ට උසස්තත්වයේ සුවිශේෂී සේවවක් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවෙලා ඉන්නවා .”

එදින මෙම ප්රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට පැමිණි අමුත්තන්ට විද්යුත් වාහන පිළිබඳව උපදෙස් ද
වාහන නැරඹීමේ හැකියාවද Ev තාක්ෂණය, නඩත්තුව සහ හිමිකාරිත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ද ලබාදෙනු ලැබීය .
Evolution Auto — driving trust, powering the future.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...