JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා අතරින් ඉහළම කාර්යසාධනයක් වාර්තා කර ඇති ශාඛාවක් වන අතර, තම පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සමාගම දිගින් දිගටම මෙවැනි ආයෝජනයන් සිදුකරමින් සිටී.
පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව, පාරිභෝගිකයන්ට නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සඳහා මඟපෙන්වමින් ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම සඳහා මීගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීමටද First Capital Holdings PLC සමාගම පියවර ගෙන තිබේ.
First Capital Holdings PLC
First Capital Holdings PLC යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ සේවා ආයෝජන සමාගමක් වන අතර එය ප්‍රාථමික අලෙවිකරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, වත්කම් කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වේ. ස්ථාවරත්වය පවත්වා ගැනීම, තරගකාරීත්වය තුළ ඉදිරියෙන් සිටීම සහ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබා දීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි පිටුබලය සහිතව, First Capital Holdings PLC සමාගම කාර්යසාධනයට ප්‍රමුඛත්වය දෙන ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටී. ප්‍රාග්ධන වෙළඳපොළ විසඳුම් සම්බන්ධයෙන් දශක හතරකට වැඩි විශේෂඥ පළපුරුද්දක් හිමි First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත First Capital Treasuries PLC යන සමාගම්වල ණය ශ්‍රේණිගත කිරීම Lanka Rating Agency (LRA) විසින් මෑතකදී A+ Entity Rating with a Stable Outlook ලෙස නැවත තහවුරු කරන ලදි. ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයෙකු ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින් First Capital Holdings PLC සමාගම ‘World Economic Magazine Awards 2026’ හිදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. 2025 වසරේදී එම සමාගම සිය ශක්තිමත් සන්නාම පැවැත්ම සහ වෙළඳපොළ නායකත්වය තවදුරටත් තහවුරු කරගනිමින්, Superbrands තත්ත්වය අත්කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයෝජන ආයතනය බවට පත් වීමට සමත් විය.





