FitsAir කොළඹ සිට බංගලාදේශයේ ඩකා වෙත ඍජු ගුවන් ගමන් සේවාව අරඹයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර අඩුම වියදමක් යටතේ සංචාරය කිරීම සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීමේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.

වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථිකයකට හිමිකම් කියන බංගලාදේශය තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මෙරට ව්‍යවසායකයන් බහුතරයක් ඩකා නගරය වෙත යාමට කටයුතු කරමින් සිටිති. එවන් තත්වයක් තුළ දැරිය හැකි මිලක් යටතේ, කාර්යක්ෂම හා නියමිත වේලාවට කටයුතු කරන ගුවන් සේවාවක් ලබා දීම තුළින් ඔවුන් දිරිමත් කිරීමට FitsAir කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ FitsAir හි විධායක අධ්‍යක්ෂක අම්මාර් කාසිම් මහතා සඳහන් කර සිටියේ “ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන බංගලාදේශය වෙත සංචාරය කිරීම සඳහා ව්‍යාපාරිකයන් හා සංචාරකයන් වෙත අවම මිල ගණන් යටතේ උපරිම සේවාවක් ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වන අතර ඩකා නගරය වෙත සංචාරය කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අප ඒ තුළින් ද්විපාර්ශවික වෙළෙඳාම හා ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

2024 අප්‍රේල් 16 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇති කොළඹ සිට ඩකා නුවර බලා ගමන් ගන්නා FitsAir ගුවන් සේවාව ආරම්භයේදී සතියකට දෙවරක් ක්‍රියාත්මක වනු ඇත. සංචාරකයින් වැඩි වශයෙන් ගමන් ගන්නා කාලයේදී රජයේ අනුමැතියන්ට යටත්ව ගමන් වාරයන් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති FitsAir මෙම සංචාරය තුළින් ඩකා සිට මාලේ, චෙන්නායි සහ ඩුබායි වැනි ගමනාන්තයන් වෙත යාමට අවශ්‍ය ගුවන් පහසුකම් සැණෙකින් සපයා ගැනීමේ අවස්ථාවද හිමිකර දීම විශේෂත්වයකි. මීට අමතරව ආයතනික වශයෙන් සිදුකරන සංචාරයන්හිදී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමටද FitsAir කටයුතු කර ඇත.

රුපියල් 74,600 සිට පහසු, ආකර්ෂණීය ගාස්තුවකින් ඇරඹෙන ඩකා නගරය දක්වා ගුවන් ගමන් සියලු දෙනාට කදිම අත්දැකීමක් එක් කරනු නිසැකය. ඩකා දක්වා පමණක් නොව මේ වන විට කොළඹ සිට මාලේ, ඩුබායි සහ චෙන්නායි වෙතද ඍජු ගුවන් ගමන් අවස්ථා FitsAir විසින් සිය පාරිභෝගිකයින් වෙත සලසා දෙනු ලබයි.

www.fitsair.com වෙත පිවිසීම තුළින් FitsAir හි ගමනාන්ත හා සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට හැකි වන අතර (+94) 117 940 940 හෝ WhatsApp (+94) 777 811 118 යන පාරිභෝගික සේවා අංක ඇමතීමෙන්ද තොරතුරු දැන ගත හැකිය.

FitsAir පිළිබඳව

1997 වසරේදී එයාර් කාගෝ ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළ FitsAir ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක ගණනාවක පළපුරුද්ද හා ගුවන් ගමන් වාර දහස් ගණනක් සමඟින් ශ්‍රී ලංකාවෙන් පිටත නියමිත ජාත්‍යන්තර මගී ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ප්‍රථම පුද්ගලික ගුවන් ගමන් සමාගම බවට පත් විය. FitsAir ගුවන් සේවාව අති නවීන A320 ගුවන් යානා සමූහයක් තුළින් සිය විශිෂ්ට සේවාව සළසා දෙන අතර මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට කටයුතු කර ඇත. විවිධ ව්‍යාපාරයන් හා සම්බන්ධ ශ්‍රී ලාංකේය සමූහ ව්‍යාපාරයක් වන Aberdeen Holdings හි අනුබද්ධ සමාගමක් ලෙස FitsAir හඳුන්වා දිය හැකිය.

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...