GSCS International සහ JAAF එක්ව ගෝලීය වෙනසක් වෙනුවෙන් තිරසාර සංවර්ධනය සඳහා මග පෙන්වයි

Share

Share

Share

Share

ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම රටවල් සඳහා ස්ථාවර, තිරසාර හා දිගු කාලීන බලපෑමක් සහිත දියුණුවක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය නව්‍යකරණය කිරීම අරමුණු කර ගනිමින් GSCS International – Sri Lanka ආයතනය විසින් SustainSphere 2.0 වැඩසටහන සංවිධානය කරන ලදී. ඇඟලුම් කර්මාන්තයේ තිරසාර සංවර්ධනයේ හෙට දවස පිළිබඳව සාකච්ඡාවට ලක් වූ එම අවස්ථාව සඳහා අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, වෙළෙඳ සංගම්, වෙළෙඳනාම හා විවිධ සේවා දායක සංවිධානවල නියෝජිතයින් ඇතුළු ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ අංශයන්හි නියෝජිතයින් එක්ව සිටියේය.

මෙහි පළමු ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ, පහසුකම් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය හර්ෂිණී මල්ලවාරච්චි විසිනි. එහිදී ඇය විසින් ශුද්ධ ශුන්‍ය ඇඟලුම් නිෂ්පාදනය සඳහා මගක් ලෙස වක්‍ර ආර්ථිකය පිළිබඳ අදහස් එක් කළාය.

ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදීල් කාසිම් මහතා විසින් මෙහි දෙවන ප්‍රධාන දේශනය පැවැත්වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ ශ්‍රී ලාංකේය ඉදිරි දර්ශනය සඳහා වන නව්‍ය ප්‍රවේශයන්, අනාගත ප්‍රවණතා සහ සමාජය හා කම්කරුවන් සම්බන්ධ මෑත කාලීන සංශෝධන පිළිබඳවයි.

ප්‍රධාන දේශනවලින් පසුව GSCS International Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල් මොටලෙබ් විසින් පවත්වනු ලැබූ සංවාදාත්මක සාකච්ඡාවේදී නවෝත්පාදනයන් මඟින් තිරසාරත්වය පවත්වා ගත හැකි ආකාරය හා පරිසර හිතකාමී අයුරින් තිරසාර උපාය මාර්ග අනුගමනය කිරීම කර්මාන්ත සඳහා බලපාන ආකාරය පිළිබඳ කතා බහට ලක් විය. ඒ වගේම ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික බලපෑම් තක්සේරුකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස්. ගමගේ මහතා, හයිඩ්‍රාමනී සමූහයේ තිරසාරත්වය පිළිබඳ සාමාන්‍යාධිකාරිනී ලියෝනි වාස් මහත්මිය, මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය හර්ෂිණී මල්ලවාරච්චි මහත්මිය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් යන මහත්ම මහත්මීන් විසින් විවිධ අංශ හරහා තිරසාරත්වයේ වැදගත්කම ඉස්මතු කරමින් අදහස් ඉදිරිපත් කරන ලදී.

SustainSphere 2.0 වැඩසටහන සියලු කර්මාන්තයන්හි තිරසාරත්වය මූලික අවශ්‍යතාවක් බවට පත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වන බව GSCS හි අදහසයි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ මනාව ගැලපෙන මෙම වැඩසටහන ගෝලීය වශයෙන් සුවිසල් වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩසටහනක් ලෙසද සැලකිය හැකිය.

GSCS විසින් කම්කරු හා මානව හිමිකම් විගණනය, නිෂ්පාදන සහතික කිරීම, පාරිසරික ඇගයීම් සම වක්‍ර ආර්ථික අවස්ථා වැනි ක්ෂේත්‍රයන්හි වෘත්තීය සහතිකපත් සේවාව සැලසීම සඳහා කටයුතු කරයි. එහිදී ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් කර්මාන්ත හරහා සංවිධානයන් වෙත තිරසාර සංවර්ධනයේ දුෂ්කරතාවන් ජය ගැනීමට දායකත්වය ලබා දෙන GSCS ගෝලීය වෙළෙඳපොල තුළ සිය තරඟකාරීත්වය සහ අනුකූලබව තහවුරු කිරීමට කටයුතු කරයි.

මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා තිරසාරභාවයට හේතුවන ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරී පියවර පිළිබඳ පෙන්වා දුන්නේය. එහිදී ඔහු සඳහන් කර සිටියේ පරිසර හිතකාමී හා ආචාර ධාර්මික මූලාශ්‍ර නිෂ්පාදන සඳහා වැඩිවෙමින් පවතින ගෝලීය වෙළෙඳපොල ඉල්ලුම සඳහා තරඟකාරීත්වයක් පවත්වා ගැනීමට තිරසාර භාවිතයන් අත්‍යාවශ්‍ය වන බවයි. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය දිගු කාලයක් තිස්සේ ඉහළ ප්‍රමිතීන් සම්බන්ධයෙන් පිළිගැනීමට ලක්ව ඇති අතර සැපයුම්දාමයන් තුළ විනිවිදභාවය ඉහළ නැංවීමට මෙන්ම තිරසාර ඉලක්ක සපුරාලීම සඳහා නව්‍ය විසඳුම් අනුගමනය කිරීමට කැපවී සිටින බවද පෙන්වා දුන් ලෝරන්ස් මහතා එහි දිගු කාලීන සාර්ථකත්වයක් වෙනුවෙන් කර්මාන්ත පාර්ශවකරුවන්, විද්වතුන් සහ පාලන ආයතන අතර සහයෝගීතාව අත්‍යාවශ්‍ය වන බවද පෙන්වා දෙන ලදී.

SustainSphere 2.0 වැනි වැඩසටහන් හරහා සිය උත්සාහය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට GSCS කටයුතු කර ඇති බැවින් අනාගතයේදී තිරසාරත්වය තුළින් නව්‍යකරණය හඹා යාම ප්‍රමුඛ සාධකයක් වනු නිසැකය.

 

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...