Haycarb සිය 50 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සුව සේවා අංශයට අත්වැලක් වෙයි

Share

Share

Share

Share

හේලීස් සමූහයේ සාමාජිකයෙකු සහ මෙරට ප‍්‍රධානතම පොල්කටු සක‍්‍රිය කාබන් නිෂ්පාදන අපනයනකරුවෙකු වන Haycarb (හේකාබ්) ආයතනය, මෙරට සුව සේවා අංශයට ශක්තියක් වීම සඳහා පැසසුම් සහගත කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ඔවුන් ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ප්ලාස්ටික් සැත්කම් අංශය සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකය ප‍්‍රතිසංස්කරණය කිරීමට 2023 වසරේ දී රුපියල් මිලියන 13ක් ආයෝජනය කිරීම පැසසුමට ලක් කළ යුතුය.

දශක දෙකක කාලයක් පුරාවට කරගෙන යනු ලබන මෙම සත්කාර මාලාවෙහි කොටසක් ලෙස විෂ ශරීරගත වූ හෝ මත්ද්‍රව්‍ය අධික මාත‍්‍රාවක් ගත් පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ඔවුන්ගේ පේටන්ට් බලපත‍්‍ර සහිත සක‍්‍රීය කාබන් ^RMPP1001& බෝතල් 380,000 කට අධික ප‍්‍රමාණයක් රෝහල් වෙත පරිත්‍යාග කර ඇත. විශේෂයෙන් පසුගිය සමයේදී මුහුණදුන් කොරෝනා වසංගත අවධියේ දී හේකාබ් ආයතනය මෙරට සුව සේවා ක්ෂේත‍්‍රය බල ගැන්වීම උදෙසා අමිල මෙහෙවරක් ඉටුකර ඇත. එමෙන් මෙරට පවතින ආර්ථිකමය අභියෝග හමුවේ රෝහල් පද්ධතිය වෙනුවෙන් ඖෂධ රැසක් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ද ලබාදෙන ලදි. මෙම සමාජසත්කාර වැඩපිළිවෙලෙහි ප‍්‍රධානතම සංධිස්ථානයක් ලෙස සිය 50 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සුව සේවා ක්ෂේත‍්‍රය වෙනුවෙන් තව තවත් පරිත්‍යාග සහ ආයෝජන සිදු කරන ලදි. ඒ අතර ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ප්ලාස්ටික් සැත්කම් අංශය සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකය ප‍්‍රතිසංස්කරණය කිරීම ප‍්‍රධාන තැනක් ගනියි. මෙම ප‍්‍රයත්නය මහජන සුබසිද්ධිය සහ ජීවිත බේරාගැනීම සඳහා ඔවුන් දක්වන කැපවීම තව තවත් අවධාරණය කරයි.

”ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය වඩාත්ම අභියෝගාත්මක කාලවලදී පවා ශක්තිමත්ව පැවති අතර, මෙරට ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා. විශේෂයෙන් COVID-19 වසංගතය හේතුවෙන් අභියෝගයට ලක් වූ මෙරට සුව සේවා පද්ධතියට, වත්මන් ආර්ථික පීඩනයද දැඩිව බලපා තිබෙනවා.”

”පසුගිය වසර ගණනාව මුළුල්ලේ, රෝගීන් සඳහා අපගේ සක‍්‍රිය කාබන් ලබා දීමෙන් අපි මහජන සෞඛ්‍ය සේවා අංශයට සහාය වී තිබෙනවා. අපගේ 50 වන සංවත්සර සැමරුමට සමගාමීව ජන ජීවිත තුළ ධනාත්මක් වෙනසක් ඇති කිරීමට අපිට අවශ්‍ය වුණා. එබැවින් ශ‍්‍රී ලාංකීය සමාජයේ යහපත වෙනුවෙන් අඛණ්ඩවම මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්වැලක් වීමට අපි තීරණය කළා. රෝගීන් වෙනුවෙන් ඵලදායී සහ කාර්යයක්ෂම සුව සේවාවක් තිළිණ කිරීම සහ ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීම උදෙසා දායකත්වය ලබාදීමට ලැබීම ගැන මම ඉතා ආඩම්බර වෙනවා.” යනුවෙන් හේකාබ් කළමනාකාර අධ්‍යක්ෂ රජිත කාරියවසන් මහතා පැවසීය.

හේකාබ් ආයතනය ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේදී පැසසුම් සහගත කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් කොළඹ ජාතික රෝහලෙ (NHSL) හි ප්ලාස්ටික් සැත්කම් ඒකකය ප‍්‍රතිසංස්කරණය කරන ලද අතර එමගින් පිළිස්සුම් සත්කාර සහ යළි යථාතත්වයට පත් කිරීමේ සැත්කම් සිදුකරනු ලබයි. එමෙන්ම පහසුකම් වැඩි දියුණු කිරීමේදී අඛණ්ඩව රෝගී සත්කාර කරගෙන යාමට ඉඩ සලසමින්, අදාළ ප‍්‍රතිසංස්කරණ කටයුතු අදියර වශයෙන් සිදු කරන ලදී.

රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා හේකාබ් හි මූලිකත්වයෙන් ශල්‍යකර්ම ඒකකය (Day Surgery Unit), භෞතික චිකිත්සක ඒකකය සහ වාට්ටු අංක 4 ද ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඔවුන්ට X-කිරණ වාර්තා අධ්‍යනය කිරීම සඳහා ලැප්ටොප් පරිගණකවලට සම්බන්ධ ස්මාර්ට් ටීවී ස්ථානගත කර, නව වායු සමීකරණ ස්ථාපනය කර, සින්ක්, බෙහෙත් කැබිනට් සහ වන්ධ්‍යාකරණ ඒකක එක් කරමින් මෙම ඒකකය නව්‍යකරණය කරන ලදි.

මීට අමතරව, හේකාබ් විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකයේ 56, 57 වාට්ටු ප‍්‍රතිසංස්කරණය කර, හොදින් වාතාශ‍්‍රය ලැබීමට සලස්වා, නානකාමර සහ ඒකකයේ අභ්‍යන්තර පහසුකම් වැඩිදියුණු කරන ලදී. ඔවුන් නේවාසික රෝගීන් ප‍්‍රතිකාර ලබන හුදකලා කාමරය සඳහා සන්නිවේදන පද්ධතිය සවි කර කසළ බඳුන් සහ ට්‍රොලි ගබඩා කිරීම සඳහා වෙනමම ස්ථානයක් නිර්මාණය කළහ.

හේකාබ් හි සක‍්‍රිය කාබන් ශ‍්‍රී ලංකාවේ විෂ ශරීරගත වූ රෝගීන්ට මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන අතර එය විදේශීය රෝහල්වල භාවිතා කරන මිල අධික ප‍්‍රතිදේහ හා සමානවම දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ඉවහල් වෙයි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...