Haycolour ප‍්‍රධාන තිරසාර සහතික දෙකක් සමඟින් සිය අපනයන ධාරිතාවය ඉහළ නංවයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ විශාලතම ජලය භාවිතා කරමින් වර්ණක ඉමල්ෂන් නිෂ්පාදනය කරන්නා වන Haycolour (Pvt) Ltd, Hayleys Aventura හි අනුබද්ධිත සමාගමකි. Haycolour (Pvt) Ltd තිරසාර නිෂ්පාදන සහ නව්‍ය අපනයන අවස්ථා ලඟා කර ගැනීම සඳහා කර්මාන්තයේ ප‍්‍රමුඛ විශේෂඥතාව උපයෝගී කර ගැනීමේ පුළුල් ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රධාන පාරිසරික සහතික දෙකක් හිමි කරගෙන ඇත.

Hayleys Aventura හි කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා පවසන්නේ නව සහතික කිරීම් වන Global Organic Textile Standard (GOTS) සහ Zero Discharge of Hazardous Chemicals ^ZDHC& මගින් අපනයන වෙළෙඳපොළ අවස්ථා උදාකර ගනිමින් විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි. මෙමඟින් Haycolour හට ලොවට වඩාත් තිරසාර විසඳුම් ගෙන ඒමට හැකියාව ලබා දෙන අතරම දකුණු සහ අග්නිදිග ආසියාව පුරා තිරසාර වර්ණ විසඳුම් හි නැගී එන ප‍්‍රමුඛයා ලෙස ඔවුන්ගේ ස්ථාවරය තහවුරු කිරීමට අවස්ථාව උදාවෙයි.

”මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ අපනයන අවස්ථා ඉහළ නැංවීම ජාතික අවශ්‍යතාවයක්. ශක්තිමත් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රමිතීන් සඳහා ආයෝජනය කිරීමෙන් සහ එවැනි දැඩි ගෝලීය ප‍්‍රමිතීන් සමඟ ඒකාබද්ධ වෙමින්, තිරසාර නිෂ්පාදන පිරිනැමීම සඳහා Haycolour කැපවී සිටිනවා. ඒවගේම තිරසාර වර්ණක විසඳුම් සඳහා වැඩි වටිනාකමක් ලබා දෙන අපගේ ගෝලීය පාරිභෝගිකයින් සඳහා ඉහළ ගුණාත්මකභාවයන් නිර්මාණය කරනවා.”

බංග්ලාදේශයේ පමණක් නොව Haycolour දැන් ආසියාව පුරා සිය ආදිපත්‍ය විහිදුවමින් සිටින අතර ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව සහ පිලිපීනය යන රටවල ද ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් කර්මාන්තයේ ප‍්‍රමුඛයෙකු ලෙස තිරසාරත්වය සහතික කිරීම උදෙසා කැපවෙයි.

Haycolour නිෂ්පාදන තිරසාර විලාසිතා, ආචාරධාර්මික ඇඳුම් පැළඳුම්, සාධාරණ නිෂ්පාදනය යන අර්ථාන්විත යෙදවුම් නිතර භාවිතා කරන අතර කාබනික තන්තු සඳහා ලොව ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි සැකසුම් ප‍්‍රමිතිය වන Global Organic Textile Standard ^GOTS& පැහැදිලිව නිර්වචනය කරන ලද නිර්ණායක මාලාවක් සමඟ එකිනෙකට සමපාත වෙයි. එමඟින් ආයතනයක් පාරිසරික හා සමාජීය නිර්ණායකවලට අනුගතව, සමස්ත රෙදිපිළි සැපයුම් දාමය ස්වාධීන සහතිකයකට යටත් කර ලොව පුරා සිටින අවසන් පාරිභෝගිකයා දක්වාම නිෂ්පාදනයේ විශ්වසනීයත්වය සහතික කරයි.

ZDHC යනු පාරිභෝගිකයින්, කම්කරුවන් සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා රෙදිපිළි, ඇඟලූම් සහ පාවහන් කර්මාන්තවල තිරසාර රසායන විද්‍යාව, නවෝත්පාදන සහ හොඳම භාවිතයන් පුළුල් ලෙස ක‍්‍රියාත්මක කිරීමට දිරිමත් කරන ලොව ප‍්‍රමුඛ පෙළේ පාරිසරික අනුකූලතා මුලපිරීමකි.

මෙම නව සහතික දෙක, අත්වැසුම් සහ අනෙකුත් කර්මාන්ත සඳහා අදාල Reach, FDA, EN 71සහ CE අනුකූලතා ඇතුළුව ජාත්‍යන්තරව පිළිගත් තිරසාරත්ව සහතික කිරීම් ලැයිස්තුවට Haycolour ද එක් කරයි.

”අපි අපගේ උපකරණ සහ නිෂ්පාදන වඩාත් නවීන සහ පරිසර හිතකාමී ලෙස වැඩිදියුණු කර ඇති අතර මෙය නව ව්‍යාපාර සිරස්ව ගවේෂණය කිරීමට අපට උපකාර වෙනවා. ESG සඳහා ප‍්‍රමුඛත්වය දීමෙන්, අපේ රටේ ආර්ථික වර්ධනයට සහාය වන විශාල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට අපට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

 

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...