Hayleys Fabric සහ Pro Green Laboratories අත්වැල් බැඳගනිමින් FaBriEco දියත් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු වන Hayleys Fabric PLC, තිරසාර නවෝත්පාදනයන් වෙනුවෙන් වූ සිය කැපවීම මූර්තිමත් කරමින් කාර්මික අපද්‍රව්‍ය, පරිසර හිතකාමී ඉදිකිරීම් ද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ Pro Green Laboratories සමඟ අත්වැල් බැඳගනියි.

FaBriEco සහයෝගිතාවයේ අරමුණ වන්නේ ඇඟලූම් කර්මාන්තයේ අතුරුඵලයක් ලෙස පිටවන ඩයි (dye waste), ඉවත දමන රෙදි (fabric waste) සහ දුහුල් අළු (fly ash) වැනි නිෂ්පාදන අපද්‍රව්‍ය භාවිතා කර දේශීය වෙළඳපොළ සඳහා දැරිය හැකි මිලකට, පරිසර හිතකාමී නිෂ්පාදන නිර්මාණය කිරීමයි. මෙම මුලපිරීම පදනම් වී ඇත්තේ Pro Green Laboratories හි මහාචාර්ය රංගික යූ. හල්වතුර මහතා විසින් මෙහෙයවන ලද පර්යේෂණය මත වන අතර, ඔහු දැනටමත් මඩ කොන්ක්රීට් ගඩොල් සහ බහු අවයවික ස්වයං-සංයුක්ත මඩ ගඩොල් වැනි තිරසාර නිෂ්පාදන සඳහා පේටන්ට් බලපත‍්‍ර හිමි කරගෙන ඇත.

”මෙම හවුල්කාරිත්වය හරිත අනාගතයක් උදා කිරීම වෙනුවෙන් ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපගේ තිරසාර කණ්ඩායම Pro Green Labs සමඟ සම්බන්ධ වීමෙන්, අපද්‍රව්‍ය කළමනාකරණ සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ධනාත්මක වෙනසක් සිදු කළ හැකි අතර එය චක‍්‍රීය ආර්ථිකයක් උදෙසා මඟ පාදනවා.” යනුවෙන් Hayleys Fabric හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසීය.

අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ යල්පැනගිය ක‍්‍රම භාවිතා නොකර ඒ වෙනුවට හානිකර අපද්‍රව්‍ය, පරිසර හිතකාමී ලෙස ප‍්‍රතිනිර්මාණය කර ප‍්‍රයෝජනවත් දෙයක් බවට පත් කිරීම Hayleys Fabric හි අභිප‍්‍රායයි. ඇඟලූම් කර්මාන්තයේ අතුරුඵලයක් ලෙස පිටවන ඩයි (dye waste), ඉවත දමන රෙදි (fabric waste) සහ දුහුල් අළු (fly ash) යොදාගෙන කොන්ක‍්‍රීට් ගඩොල් නිෂ්පාදනය කිරීමට මහාචාර්ය හල්වතුර මහතා සහ සිය කණ්ඩායම කටයුතු කරයි. ඒ ආශි‍්‍රත අත්හදාබැලීම් විද්‍යාගාර පර්යේෂණ මත ගොඩනැගී ඇති අතර, එහිදී ඔවුන් වෙනස් වූ යෙදවුම් සහ භාවිතයන් ද ගවේෂණය කරයි.

”පර්යේෂකයෙකු සහ නව නිපැයුම්කරුවෙකු ලෙස, Hayleys Fabric සමඟ ඇති කරගත් අපගේ සහයෝගීතාවය පිළිබඳව මම සතුටට පත්වෙනවා. මෙම හවුල්කාරිත්වය තිරසාරභාවය සහ නවෝත්පාදනයන් සංවර්ධනය වෙනුවෙන් හදවතින්ම කැපවී සිටින ආයතන දෙකක ශක්තිමත් බැඳීමක් වීම අතිශයින්ම වැදගත් වෙනවා. මෙම සහයෝගීතාවය හරහා ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ කාලීන අවශ්‍යතාවයන් මත පෙරළිකාර විසඳුම් සොයා ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. ඒ තුළින් අපට ඉවතලන ද්‍රව්‍ය වටිනා සම්පත් බවට පත් කරන පරිසර හිතකාමී තාක්ෂණයන් නිර්මාණය කළ හැකි අතර, වඩාත් තිරසාර සහ චක‍්‍රීය ආර්ථිකයක් ගොඩනැංවිය හැකියි.”

”මෙම හවුල්කාරිත්වයේ ශක්තිය සහ ඒ තුළින් ලැබෙන ප‍්‍රතිලාභ ගැන මම සතුටු වෙනවා. අපගේ ශක්තීන් සහ වටිනාකම් ඒකාබද්ධ කිරීමෙන්, ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ තිරසාර වෙනසක් ඇති කළ හැකි අතර පරිසර හිතකාමී නවෝත්පාදනයන් සංවර්ධනය කළ හැකි වෙනවා. ඒ වෙනුවෙන් නායකත්වය දීමට ලැබීමම අපට ආඩම්බරයක්.” යැයි මහාචාර්ය හල්වතුර මහතා පැවසීය.

මෙම මුලපිරීම Hayleys Fabric හි බොහෝ තිරසාර ව්‍යාපෘති අතරින් නවතම ව්‍යාපෘතිය වන අතර එය පරිසරය, සමාජ වගකීම සහ පාලනය (ESG) සම්බන්ධ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මඟ පෙන්වයි. මෙම අරමුණු Hayleys Lifecode හි ආභාෂය ලබා ඇති අතර, පාරිසරික හා සමාජීය වගකීම් දැරීම සඳහා ඔවුන්ගේ කැපවීම පිළිබිඹු කරයි.

Hayleys Fabric, ප‍්‍රමිතිගත ඇඟළුම් ඇගයීම සඳහා සුප‍්‍රසිද්ධ ජර්මානු වේදිකාවක් වන ISPO Textrends හි දීද ඇගයීමට ලක්විය. මෙම ජයග‍්‍රහණයට හේතු වූයේ Hayleys Fabric හි කාබනික, පරිසර හිතකාමී රෙදිපිළි නිෂ්පාදනය සහ ස්වභාවික සායම් නවෝත්පාදනය සඳහා වන කැපවීමයි. එමෙන්ම මෙම ඇගයීම මඟින් නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළ තිරසාර භාවිතයන් සහතික කිරීම සඳහා වන Hayleys Fabric හි දැඩි උනන්දුව පෙන්නුම් කරයි.

 

දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම...
CIC Holdings’ 9MFY26 revenue reaches...
ආදරයේ රස මුසු තැන් සමඟින්...
From Kevum to Keto: How...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
1880இல் இருந்து நிலம், மக்கள் மற்றும்...