Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි.

මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති ඉන්දියාවේ සුප්‍රසිද්ධ හා විශාල ඖෂධ සමාගමක් වන මයික්‍රෝ ලැබ්ස් ලිමිටඩ් හි කොටසකි. මයික්‍රෝ ලැබ්ස් ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මයික්‍රෝ හෙල්ත්කෙයාර් ප්‍රතිජීවක, හෘද සෞඛ්‍ය, චර්ම රෝග, දියවැඩියාව, නාරිවේදය, ආමාශ ආන්ත්‍ර විද්‍යාව, මෞත්‍රික විද්‍යාව, රක්තව්‍යාධි වේදය සහ විටමින් වැනි ක්ෂේත්‍රවල පුළුල් පරාසයක නිෂ්පාදන පිරිනමයි.

මෙම හවුල්කාරිත්වයට හරහා Healthguard Distribution තම පුළුල් බෙදාහැරීමේ ජාලය සහ ශක්තිමත් සැපයුම් පද්ධති උපරිම ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාව පුරා මයික්‍රෝ හෙල්ත්කෙයාර් හි ඖෂධ පරාසය බෙදාහරිනු ඇත. “මෙම හවුල්කාරිත්වය තුළින් විශ්වාසනීය ජාත්‍යන්තර ඖෂධ සමාගම් සමඟ එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ සුව සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. මයික්‍රෝ හෙල්ත්කෙයාර් අප ඔවුන් වෙනුවෙන් ලබා දෙන සේවය එනම් නිෂ්පාදන උසස් තත්ත්වයේ බව සහතික කිරීම, සදාචාරාත්මක වෘත්තීය ප්‍රමිතීන් සහ රෝගීන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීම ආදි අප සතු වටිනාකම් පිළිබඳව විශ්වාස කරයි. ලොව පුරා භාවිත කරන උසස් තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලාංකිකයින් හට ලබා දීම සඳහා එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.” යනුවෙන් Healthguard Distribution ප්‍රධාන විධායක නිළධාරී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

Sunshine Holdings PLC හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Healthguard Distribution, ශ්‍රී ලංකාවේ පළමු Distribution-as-a-Service (DaaS) ඖෂධ මාදිලිය හඳුන්වා දීමෙන් මෙරට ඖෂධ කර්මාන්තය පරිවර්තනීය වෙනසකට ලක් කර ඇත. එය සමස්ත දිවයින පුරා සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සඳහා වගකීම්සහගත බෙදාහරින්නෙකු ලෙස ක්‍රියා කරයි. එය දිවයින පුරා කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන හතක් හරහා ඖෂධ, සුව සේවා හා පාරිභෝගික සමාගම් ඇතුළුව රෝහල් 4500 කට අධික සංඛ්‍යාවකට විධිමත් සේවාවක් සලසන අතර නියාමන අධිකාරීන් සහ ඖෂධ නිෂ්පාදකයින් විසින් සකසන ලද නීති රීතිවලට දැඩි ලෙස අනුකූල වේ. ඔෂධවල ගුණාත්මකභාවය සහ නියාමන රීතීන් අනුගමනය කිරීම සඳහා එහි කැපවීම යළිත් තහවුරු කරමින් සමාගම ISO 9001:2015 සහ GDP අනුකූලතා සහතික හිමි කරගෙන ඇත.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...