Healthguard Distribution, ශ්‍රී ලංකාව තුළ Cipla සමාගමේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට Breathe Free Lanka සමඟ අත්වැල් බැඳ ගනී

Share

Share

Share

Share

Sunshine Holdings PLC හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution ප්‍රමුඛ පෙළේ ගෝලීය ඖෂධ සමාගමක් වන Cipla ලිමිටඩ් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Breathe Free Lanka (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. Cipla ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ඖෂධ සමාගම වන අතර මෙම හවුල්කාරිත්වය Cipla නිෂ්පාදන පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් ලෙස ලබා ගත හැකි වීමට සහ ප්‍රවේශ වීමට පහසු කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. තවද මෙම හවුල්කාරිත්වය මගින් රට පුරා උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා විසඳුම් ලබා දීම සඳහා Healthguard Distribution හි කැපවීම ද ශක්තිමත් කරයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් Healthguard Distribution ප්‍රධාන විධායක නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “රට පුරා Cipla නිෂ්පාදන වෙත පුළුල් ප්‍රවේශයක් ලබා දීම සඳහා Breathe Free Lanka සමඟ එක් වීමට ලැබීම පිළිබඳව අපට ඉතා සතුටුයි. ඒවගේම සියලුම ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ ඖෂධ ලබා ගැනීමට පුළුල් ප්‍රවේශයක් ලබා දීමට ඒකායන අරමුණකින් කටයුතු කිරීමට ඖෂධ ක්ෂේත්‍රයේ වඩාත් අත්දැකීම් සහිත මෙන්ම පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාඇති සන්නාම දෙකක් එකට එක්කළ වැදගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. ඖෂධ සම්බන්ධයෙන් වන වගකීම ඉතාමත් බැරෑරුම් සහගත බව අවබෝධ කරගෙන ඇති Healthguard Distribution දීප ව්‍යාප්ත ශක්තිමත් බෙදාහැරීමේ පද්ධතියක් ඇතුළුව ඖෂධ නිවැරදි උෂ්ණත්වයේ තබා ගැනීම සඳහා විශේෂ ගබඩා සහ ප්‍රවාහන පහසුකම්වලින්ද සමන්විතයි. ඒ වගේම රජයේ සියලුම රෙගුලාසි අනුගමනය කරමින් ඖෂධ සහ සෞඛ්‍ය සේවා නිෂ්පාදන ආරක්ෂිතව ෆාමසි වෙත බෙදා හැරීමට අප වගබලා ගන්නවා. ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදා හැරීම සහ සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය පිළිබඳ නව ප්‍රමිතීන් සැකසීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.” යනුවෙනි.

Sunshine Holdings PLC හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Healthguard Distribution, ශ්‍රී ලංකාවේ පළමු Distribution-as-a-Service (DaaS) ඖෂධ මාදිලිය හඳුන්වා දීමෙන් මෙරට ඖෂධ කර්මාන්තය පරිවර්තනීය වෙනසකට ලක් කර ඇත. එය සමස්ත දිවයින පුරා සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සඳහා වගකීම්සහගත බෙදාහරින්නෙකු ලෙස ක්‍රියා කරයි. එය දිවයින පුරා කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන හතක් හරහා ඖෂධ, සුව සේවා හා පාරිභෝගික සමාගම් ඇතුළුව රෝහල් 4500 කට අධික සංඛ්‍යාවකට විධිමත් සේවාවක් සලසන අතර නියාමන අධිකාරීන් සහ ඖෂධ නිෂ්පාදකයින් විසින් සකසන ලද නීති රීති වලට දැඩි ලෙස අනුකූල වේ. ඔෂධවල ගුණාත්මකභාවය සහ නියාමන රීතීන් අනුගමනය කිරීම සඳහා එහි කැපවීම යළිත් තහවුරු කරමින් සමාගම ISO 9001:2015 සහ GDP අනුකූලතා සහතික හිමි කරගෙන ඇත.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...