Heineken Lanka සේවය කිරීමට හොඳම ස්ථානයක් ලෙස තෝරා ගනී

Share

Share

Share

Share

2023 මැයි 26, කොළඹ – HEINEKEN සමාගම අනුබද්ධ ශ්‍රී ලංකා සමාගම වන HEINEKEN Lanka සමාගම පසුගියදා 2023 වසර සඳහා මෙරට නිෂ්පාදන හා නිෂ්පාදන කර්මාන්තයේ හොඳම සේවා ස්ථානයක් (Great Place to Work) ලෙස ගෝලීය පිළිගැනීමට ලක් විය. රටවල් 150කට අධික ප්‍රමාණයක් අතුරින් හොඳම සේවා ස්ථානයන් තෝරා ගැනීමේ ගෝලීය අධ්යනයක ප්‍රතිඵලයක් ලෙස HEINEKEN Lanka සමාගම එසේ පිළිගැනීමට ලක් විය.
මෙම සම්මානය HEINEKEN Lanka සමාගම වෙත හිමි වූයේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිළිගත් ආයතන 45ක සේවක සාමාජිකයින් 27,300කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් පසුවය. එම සමාගම් අතුරින් හොඳම සමාගම් 15 තෝරා ගැනීම සමීක්ෂණයේ අරමුණ වූ අතර සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එම සමාගම් තුළ සේවය කරන සේවකයින්ගේ අභිමානය, ඔවුන්ට ලැබෙන ඉහළ පහසුකම් හා සේවක සහයෝගීතාව යනාදී කරුණු මත ඉහළ ලකුණු ලබා දෙන ලදී.
තම ආයතනය වෙත පිරිනමන ලද මෙම සුවිශේෂී පිළිගැනීම පිළිබඳව කෘතඥතාව පළ කළ HEINEKEN Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel මහත්මිය සිය සේවක ප්‍රජාවගේ පරිපූර්ණ හැකියාවන් ඉස්මතු කිරීමට සහ කාන්තා, පිරිමි සේවක විවිධත්වය හා සහභාගීත්වය ඉහළ නැංවීමට මෙන්ම සේවක සුභසාධනය කැපවෙමින් සමාගම තුළ සියලු පරිවර්තනයන් සිදු කළ බවයි. එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියේ “ප්‍රීතිමත් අවස්ථාවන් රිසි සේ විඳ ගනිමින් සතුටින් ජීවත් වීමේ අයිතිය සියලු ලෝකවාසීන් වෙත උදා කර දීම අපගේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා. අපගේ පාරිභෝගික ජනතාවගේ මෙන්ම ගෝලීය සුරක්ෂිතබව වෙනුවෙන් ගෝලීය EverGreen උපාය මාර්ගයන් හරහා කැපවී කටයුතු කරන අපට ඒ සඳහා වන ඉහළ හා සමබර වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබෙන බවත් සඳහන් කළ හැකියි” යනුවෙනි.
ගෝලීය වශයෙන් HEINEKEN හි විශිෂ්ටත්වය තව දුරටත් ඉහළ දමන්නක් වන EverGreen උපාය මාර්ගය තුළින් සියලු දෙනාට එක හා සමානව සලකන සාධාරණ සමාගමක් පිහිටුවීම කඩිනම් කිරීමට කටයුතු කර ඇති HEINEKEN Lanka සමාගම සිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමටද ද අපේක්ෂා කරයි. අද වන විට HEINEKEN Lanka හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවල කාන්තා නියෝජනය සමස්ත සේවක සංඛ්‍යාවෙන් 32%ක අනුපාතයක් වන අතර ගෝලීය වශයෙන් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම සමාන වැටුප් හා කාර්ය භාරයන් පැවරීමටද HEINEKEN කටයුතු කර තිබීම විශේෂත්වයකි. WIN (කාන්තා අන්තර් ක්‍රියාකාරී ජාලය), HEINEKEN ජාත්‍යන්තර කළමනාකරණ පාඨමාලාව (HIMAC) මෙන්ම කලාපීය වශයෙන් ක්‍රියාත්මක BOOST (තමන්ගේ තිරසාර හැකියාවන් ඉහළ නැංවීම) වැඩසටහන ඇතුළු කාන්තා නායිකාවන් නිර්මාණය කිරීමේ වැඩසටහන් රැසක් ද HEINEKEN විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
HEINEKEN Lanka හි මානව සම්පත් අධ්‍යක්ෂ පදුම සුබසිංහ මහතා මෙහිදී සඳහන් කර සිටියේ “HEINEKEN Lanka විසින් තම සේවා ස්ථානය තුළ සියලු දෙනාට එකම ආකාරයේ සාධාරණ අවස්ථාවන් නිර්මාණය කර ඇති බවයි. ගෝලීය දේශගුණික සමීක්ෂණයන්හිද, ඉතා සාධාරණ අයුරින් කටයුතු කරන තම සමාගම ඒ වෙනුවෙන් සමස්ත සේවක නියැලීම 91%ක් තරම් ඉහළ අගයක් ගන්නා බවද සුබසිංහ මහතා පවසා සිටියි. විශේෂයෙන් ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම හෝ ලිංගිකත්වය යනාදිය පිළිබඳ නොසලකා හරිමින් සැමට සමාන අවස්ථා හිමිකර දීම මත 90%ක ලකුණු ප්‍රමාණයක් තම සමාගමට හිමි වූ බවද එහිදී සුබසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී.
HEINEKEN Lanka මෙම සුවිශේෂී ජයග්රහණය පසුපස ඇති ප්‍රධානතම රහස නම් ගෝලීය HEINEKEN ජාලය තුළ ඇති හොඳම අවස්ථාවන් උදාකර ගැනීමට සමාගම සතු කැපවීමයි. මේ ප්‍රවේශය හරහා සිය කළමනාකරුවන් හා ඉහළ දක්ෂතාවන්ගෙන් පිරිපුන් 43%ක පමණ කණ්ඩායම වෙනුවෙන් ඇම්ස්ටර්ඩෑම්, ග්‍රීසිය, මැලේසියාව පමණක් නොව නව කැලිඩෝනියාව ඇතුළු කලාපීය හා ගෝලීය රටවල් රැසක කෙටි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති අවස්ථාවන් උදාකර දීමට කටයුතු කර ඇති HEINEKEN Lanka සමාගම ඊට සමගාමීව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව වන බාධක බිඳ දමමින් ලෝකයේ විවිධ රටවලින් ලැබෙන යහපත් ක්‍රියාකාරකම් හා වර්ධනයන් සමඟින් විකුණුම් වෙනුවෙන් කාන්තාවන් (Women in Sales) වැඩසටහන මඟින් සහයෝගී වැඩසටහන් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කොට ඇත.
HEINEKEN Lanka Limited යනු නෙදර්ලන්තයේ මූලස්ථානය කොට ගත් HEINEKEN සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. සිය වෘත්තීන් විසින් සියලු සේවකයින් වෙත දේශීය හා ජාත්‍යන්තර විශිෂ්ට අවස්ථාවන් හිමි කර දෙන ඒ තුළින් ගෝලීය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටතමයින් ආකර්ෂණය කර ගැනීමට හා ඔවුන් තමන් සමඟ රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලබයි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...