HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින් සෞන්දර්යය විශ්ව විද්‍යාලය, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරිය, බෙයාෆුට් ගැලරිය හා Tintagel හෝටලය ඇතුලු ස්ථාන රැසකදී පැවැත්වීමට නියමිතය. නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගය ලබා දීම තුළින් අවධාරණය කරනු ලබන්නේ කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා වන HNB හි කැපවීමයි.

දකුණු ආසියානු කලාපයේ දක්ෂතම කලාකරුවන්, ජාත්‍යන්තර නිර්මාණකරුවන් මෙන්ම කලාකාමීන් එකට එක්කරන කදිම අවස්ථාවක් වන මෙම ප්‍රදර්ශනය පෙරවාරි මාසය පුරා පැවැත්වීමට නියමිත අතර එම කාලය තුළ එහි නිල බැංකු සහකරු ලෙස අවශ්‍ය සහයෝගය ලබා දීමට HNB කටයුතු කරයි. වත්මන් කලාව ආර්ථිකය දියුණු කර ගැනීමේ අවස්ථාවක් බවට පත් කිරීම වෙනුවෙන් අවස්ථාව ලබා දෙන මෙම ප්‍රදර්ශනය නවක කලා හැකියාවන් වර්ධනය කිරීම සඳහා සුවිසල් පිටිවහලක් වී ඇත්තේ සංස්කෘතික සන්ධිස්ථානයක්ද සනිටුහන් කරමිනි.

KALA හි දෙවන ප්‍රදර්ශනය වන මෙම වසරේ ප්‍රදර්ශනය වෙනුවෙන් 75 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටින කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලය (සෞන්දර්යය විශ්ව විද්‍යාලය) සමඟ සම්බන්ධ වීම ද මෙහි විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකාවේ මුල් කාලීන කලාකරුවන් වෙත කලාව වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙන් උපහාර දැක්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලාංකේය කලා අධ්‍යාපනයේ සුවිශේෂී ස්ථානයක් වන කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලය මෙම හවුල්කාරීත්වය නවෝත්පාදනයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් කර ගනිමින් මෙරට කීර්තිමත් කලාකරුවන් රැසක් බිහි කිරීමට දායක වී ඇත.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා සඳහන් කර සිටියේ “කලාව යනු ඉතා ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. එසේම සැලකිය යුතු සංස්කෘතික හා ආර්ථික වටිනාකමක් සහිත වත්කමක් ලෙසද එය සඳහන් කළ හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් සිදු කර ඇති බැංකුවක් ලෙස හැටන් නැෂනල් බැංකුවේ සහජ හැකියාවන් තුළින් මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමට හැකියාව උදා කර දෙන කලාවේ උන්නතිය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට ආශ්වාදයක් එක් කිරීමට, දැනුවත් කිරීමට හා ඔවුන් එකමුතු කිරීමට හැකිව ඇති ප්‍රදර්ශනයක් වන KALA සමඟින් එක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. මෙම හවුල්කාරීත්වයෙන් ඔබ්බට යමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, ශිල්පීන්ට හා කලාකරුවන්ට ගැලපෙන මූල්‍ය විසඳුම් හා කලා අංශයේ තිරසාර වර්ධනය වෙනුවෙන් වන වැඩසටහන් හරහා මෙරට නිර්මාණ ක්ෂේත්‍රය නඟා සිටුවීමට අපි කටයුතු කරනවා. මෙම ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත් වෙමින් මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දායකවීමට ලැබීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි” යනුවෙනි.

කලාකාමීන්, රසවිඳින්නන් හා සංස්කෘතියට ආදරය කරන පිරිස් සඳහා කදිම අවස්ථාවක් ලෙස Cinnamon Life City of Dreams හි පැවැත්වෙන KALA ප්‍රදර්ශනය සඳහන් කළ හැකිය. නිල බැංකු සහකරු ලෙස කලාව, අධ්‍යාපනය හා සංස්කෘතිය සමඟින් රසවත් අත්දැකීමක් කලාකාමී රසවතුන් වෙත ලබා දීමට HNB කැපවී කටයුතු කරයි.

2025 Softlogic Life விற்பனை மாநாட்டில்...
FitsAir தற்போது வணிக வகுப்பு சேவைகளையும்...
Samsung නවතම 12KG Front Load...
Shaping Tomorrow’s Tech as 99x...
RIUNIT புறநகர் சொத்து சந்தை அறிக்கை:...
සංජීව් හුලුගල්ල මහතා Cinnamon Life...
ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රය තිරසාර...
Bespoke AI சலவைத் தயாரிப்புகளை புதிய...
සංජීව් හුලුගල්ල මහතා Cinnamon Life...
ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රය තිරසාර...
Bespoke AI சலவைத் தயாரிப்புகளை புதிய...
Samsung Sri Lanka Expands Bespoke...