HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය වීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට උපකාර කිරීම පෙන්නුම් කරයි.

“ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිවැරදි මග පෙන්වීම හා දිරිගැන්වීමක් තිබීම ඉතා වැදගත්. ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කිරීම යනු ඉතා ලේසි පහසු කාර්යයක් නොවේ. නමුත් HNB හි සහයෝගය මට ඉදිරියට යාමට ශක්තිය සහ විශ්වාසය ලබා දෙනවා. 2028 ඔලිම්පික් උළෙල සඳහා මම පුහුණු වන විට, ක්‍රීඩාව, අධ්‍යාපනය හෝ ජීවිතය ඔලිම්පික් ඉලක්කය තරම්ම වැදගත් බව තරුණ ශ්‍රී ලාංකිකයින්ට මතක් කර දීමට මම කැමැතියි. මෙම හවුල්කාරිත්වය විශේෂ වන්නේ HNB ක්‍රීඩකයෙකු ලෙස මට සහාය වන නිසා පමණක් නොවේ, එය ශ්‍රී ලංකාවේ සෑම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ඔවුන්ගේ සිහින ගැන විශ්වාස කිරීමට දිරිගැන්වීමක් වන නිසයි. ඊළඟ පරම්පරාව තමන් ගැන විශ්වාස කිරීමටත්, වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් සහ අභියෝගය කුමක් වුවත් ඉදිරියට යාමට පෙළඹවීමට එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

කයිල් ජාතික පිහිනුම් වාර්තා බිඳ දැමූ දා සිට වසර හතරක විවේකයකින් පසු නැවත පිහිණුම් ක්‍රීඩාවට අවතීර්ණ වීම දක්වා ක්‍රීඩකයෙකු ලෙස ඔහු පැමිණි ගමන් මග තුළින් ඔහුගේ ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, නායකත්වය සහ උපරිමය කිරීමට ඔහුගේ ඇති කැපවීම පෙන්නුම් කරයි. ඔහු වයස අවුරුදු 14 සිට ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. සාර්ථකත්වය ලැබෙන්නේ ඉවසීම, උත්සාහය සහ කිසි විටෙකත් අත් නොහැරීමෙන් බවට කයිල් අබේසිංහ කදිම සාක්ෂියකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB අලෙවි සහ ආයතනික සන්නිවේදන උප සභාපති උපුල් අධිකාරි මහතා “ක්‍රීඩාව මිනිසුන්ට ඔරොත්තු දීමේ හැකියාව, විනය සහ ආත්ම විශ්වාසය වැනි වැදගත් ගුණාංග ඉගෙන ගැනීමට උපකාරී කරනවා. මේවා HNB විශ්වාස කරන සහ අනුගමනය කරන වටිනාකම් වේ. කයිල් සමඟ හවුල් වීමෙන් HNB ඔහුගේ ඔලිම්පික් ගමනට සහාය වන අතරම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කෙරෙහි ඇති කැපවීමද පෙන්නුම් කරනවා. තරුණ ශ්‍රී ලාංකිකයන් විශ්වාසයෙන් යුතුව අභියෝගවලට මුහුණ දීමට, ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ ඔවුන්ගේම හැකියාවන් විශ්වාස කිරීමට දිරිමත් කිරීමට අපි කැමැතියි.” යනුවෙන් සඳහන් කළේය.

තරුණ ශ්‍රී ලාංකිකයින්ට විශිෂ්ට ආදර්ශයක් ලෙස HNB කයිල්ව සලකනු ලබයි. රට වෙනුවෙන් ඉහළ ඉලක්කවලට ළඟා වීම සඳහා ඔහුගේ කැපවීම පෙන්නුම් කරමින් ‘A’ ප්‍රමිතිය යටතේ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයා වීමට ඔහු අපේක්ෂා කරයි. කයිල් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට පොළඹවනවා පමණක් නොව, මුදල් සම්බන්ධයෙන් බුද්ධිමත් හා වගකීමෙන් කටයුතු කිරීමට ද දිරිමත් කරයි.

FitsAir commences only direct air...
From Colombo to Melbourne: Enfection’s...
මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ හෙට...
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනස්...
Prime Lands commences construction of...
නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්...
ITC Ratnadipa Presents “Changes &...
Scalable capture: Sri Lanka’s Marine...
නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්...
ITC Ratnadipa Presents “Changes &...
Scalable capture: Sri Lanka’s Marine...
ප්‍රයිම් මෙල්වා විසින් Port-City Marina-Front...