HNB සහ RDA එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ග සඳහා කාඩ්පත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙයි

Share

Share

Share

Share

මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. මෙය මගීන්ගේ පහසුව වැඩිදියුණු කිරීමට සහ ජාතික ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අදාල නියමු ව්‍යාපෘතිය පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව හා කඩවත හුවමාරු මධ්‍යස්ථානවලින් නිල වශයෙන් ආරම්භ විය.

මීට අදාල නිල ගිවිසුම් ගතවීම HNB සහ RDA අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී සිදු විය. තරඟකාරි ලංසු කැදවීමක් හරහා මෙම ව්‍යාපෘතිය සඳහා HNB තෝරාගන්නා ලදී. ඒ අනුව දැන් රියදුරන්ට මුදල් මගින් පමණක් ගෙවීමේ පැරණි ක්‍රමය හෝ QR කේත භාවිතා කිරීම වෙනුවට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් අධිවේගී මාර්ගවල අයකැමි කුටිවලදී සෘජුවම ගාස්තු ගෙවිය හැකිය.

HNB හි ආරක්ෂිත කාඩ්පත් පිළිගැනීමේ පද්ධතිය හරහා ක්‍රියාත්මක වන මෙම ගෙවීමේ ක්‍රමය Visa, Mastercard, American Express (Amex) සහ LankaPay JCB කාඩ්පත්වලට සහාය දක්වයි. මෙමගින් පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඉදිරියට ලබා ගැනීමට හැකිය. මෙම සේවාව ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවකින් කාඩ්පත් හිමියන්ට ලබා ගත හැකි අතර රටේ සියලුම අධිවේගී මාර්ග වෙත එය ව්‍යාප්ත කිරීමට නියමිතය.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙහිදී පළමු නිල කාඩ්පත් ගෙවීම සිදු කරමින් පැවසුවේ “තාක්ෂණය මගින් දෛනික ගෙවීම් වේගවත් හා පහසු කරන්නේ කෙසේද යන්න මෙම ව්‍යාපෘතිය මගින් මැනවින් පෙන්නුම් කරනවා. මෙම නව ක්‍රමය මාර්ග තදබදය අඩු කිරීමට උපකාරී වන අතර ශ්‍රී ලංකාව මුදල් රහිත සහ නවීන ආර්ථිකයක් බවට පත්වීමට යන ගමනට සහාය වනවා.” යනුවෙනි.

“අපගේ අරමුණ සැමවිටම මහජන සේවාවන් පහසු හා වඩාත් ප්‍රවේශ විය හැකි බවට පත් කිරීමයි. අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමට කාඩ්පත් ගෙවීම් ක්‍රමය හඳුන්වා දීම සඳහා HNB සමඟ හවුල් වීම එම ඉලක්කය කරා යන වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ඒවගේම ඩිජිටල් තාක්ෂණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය මෙයින් පෙන්නුම් කරනවා.” යනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ ඉතා වැදගත් පියවරක් ලෙස මෙම නව හඳුන්වා දීම පෙන්වා දිය හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවාහනය, ගෙවීම් සහ අනෙකුත් පහසුකම් වැනි පොදු සේවාවන් සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට ගෙන ඇති පියවර මෙයින් පෙන්නුම් කෙරේ.

TikTok Expands AI Literacy Efforts...
34 වන FACETS Sri Lanka...
Asia-Pacific Business Leaders to Convene...
MAS Unveils Official Kits for...
ஜப்னா கிங்ஸ் அணியின் இணை உரிமையாளர்...
Panda Farmacy announces reopening following...
வாடிக்கையாளர்களுக்கு அதிவேக டிஜிட்டல் சேவைகளை வழங்க...
பிராந்திய செயல்பாடுகளை வலுப்படுத்தும் நோக்கில், BYD...
Panda Farmacy announces reopening following...
வாடிக்கையாளர்களுக்கு அதிவேக டிஜிட்டல் சேவைகளை வழங்க...
பிராந்திய செயல்பாடுகளை வலுப்படுத்தும் நோக்கில், BYD...
சிட்டி ஆஃப் ட்ரீம்ஸ் ஸ்ரீலங்காவின் NÜWA...