HNB සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම වෙනුවෙන් Japlan Diagnostic සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළඹෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් පිළිගත් රෝග නිශ්චය කිරීමේ සන්නාමයක් වන Japlan Diagnostics පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. දිවයින පුරා පිහිටා ඇති ආයතන වෙත නවීන රෝග විනිශ්චය මෙවලම් හා සේවාවන් ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීවය ඇති කර ගැනීමට HNB කටයුතු කර තිබීම විශේෂයත්වයකි.

මෙම උපාය මාර්ගික සහයෝගීතාව මඟින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට TOSOH AIA 360-Immuno assay analyzers, TOSOH HLC 723 GX-HbA1c analyzers, HORIBA PENTRA C400 – Bio chemistry analyzers, JOKOH IONEX – Electrolyte analyzers සහ NANOENTEK ඇතුළු උසස් තත්වයේ රෝග විනිශ්චය කිරීමේ මෙවලම් රැසක් සමඟින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ භාවිත කරනු ලබන නිෂ්පාදන පහසු ගෙවීමේ ක‍්‍රමයට ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම හවුල්කාරීත්වය සැමරීමේ විශේෂ අවස්ථාව වෙනුවෙන් HNB සහකාර සාමාන්‍යාධිකාරි – පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම, HNB ලීසිං ප‍්‍රධානී සුසිත් පෙරේරා සහ Japlan Diagnostics හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රසාද් විජේසේකර, විධායක අධ්‍යක්ෂ අමිල ගාල්ලගේ, අධ්‍යක්ෂකවරුන් වන ඩිල්ෂාන් අබේවර්ධන සහ කණිෂ්ක වීරසිංහ යන මහත්වරුන් එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරි – පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම මහතා සඳහන් කර සිටියේ ‘‘ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම වෙනුවෙන් අතිනවීන රෝග විනිශ්චය කිරීමේ මෙවලම් ලබා ගැනීම සඳහා වන මෙම පරිවර්තනීය හවුල්කාරීත්වය යටතේ Japlan Diagnostics සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. වෛද්‍ය වෘත්තිකයින්ට අතිනවීන මෙවලම් ලබා ගැනීමට හැකිවීම, රෝග විනිශ්චය කිරීමේ නිවැරදි බව ඉහළ නැංවීම මෙන්ම ඒ ඒ පුද්ගලයාට ගැලපෙන ඖෂධවල ප‍්‍රගතිය සඳහා මග පෑදීම වෙනුවෙන් අපගේ සාමූහික කැපවීම විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වන මෙම හවුල්කාරීත්වය තුළින් මනාව පිළිබිඹු වනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් නිරන්තරයෙන් සහයෝගය දැක්වීමට කැපවී සිටින අප මෙම සහයෝගීතාවය තුළින් ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සත්කාරයන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය මෙවලම් වලින් ආයතන සවිබල ගැන්වීමට අරමුණු කොට ගෙන තිබෙනවා.’’ යනුවෙනි.

ගනුදෙනුකරුවන් වෙත තමන්ගේ වියදමට සරිලන ලීසිං පහසුකම්, සුවිශේෂී ගාස්තු හා ආපසු ගෙවීමේ සැලසුම් ලබා දී ඇති HNB ඉන් නොනැවතී පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කිරීම ඇතුළුව Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පත හරහා සුවිශේෂී වරප‍්‍රසාද රැසක්ද ලබා දීමට කටයුතු කර ඇත.

Japlan Diagnostics හි අධ්‍යක්ෂ කණිෂ්ක වීරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් ‘‘ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සඳහා HNB සමඟ වන අපගේ මෙම හවුල්කාරීත්වය තුළින් විවෘත වන අවස්ථාවන් පිළිබඳව ඉතාමත් සතුටුයි. ඒ තුළින් හොඳම රෝග විනිශ්චය සේවා සැපයීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයින් බල ගැන්වීම, නවීන රෝග විනිශ්චය සඳහා වෛද්‍ය අංශයට අවස්ථාව සළසා දීම අපගේ අරමුණ වී තිබෙනවා. මෙරට වෛද්‍ය රෝග විනිශ්චය කිරීමේ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අපගේ කැපවීම සමඟින් මෙම සහයෝගීතාව ඉතා හොඳින් ගැලපෙනවා. HNB සමඟ එක්ව යහපත් හා වඩාත් දියුණු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයක් සඳහා අපගේ දායකත්වය දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

HNB සහකාර සාමාන්‍යාධිකාරි – පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම මහතා සහ Japlan Diagnostics පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රසාද් විජේසේකර මහතා අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්

 

 

பிரித்தானியாவின் Global Marine Systems நிறுவனத்திற்கு...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ...
Janashakthi Finance records a 51%...
Softlogic Life Delivers Rs. 7.2Bn...
Janashakthi Life delivers 36% revenue...
ITC Ratnadipa Honours the Spirit...
JXG Posts LKR 6.4Bn Revenue...
ණය සහ අත්තිකාරම් රු. බිලියන...
ITC Ratnadipa Honours the Spirit...
JXG Posts LKR 6.4Bn Revenue...
ණය සහ අත්තිකාරම් රු. බිලියන...
2026 CRIB தரவு நிர்வகிப்பு மற்றும்...