HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවාවන්, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් HNB විසින් දක්වන සුවිශේෂී කැපවීමයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “සියවසකට වැඩි කාලයක් තිස්සේ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතියේ සහකරු ලෙස අවශ්‍ය සහයෝගය ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. ආරම්භයේ සිටම නවීන තාක්ෂණය හා හොඳම ගෝලීය භාවිතයන් තුළින් වඩාත් පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික ආකෘතියක් බවට පත් කරමින් දිනෙන් දින ඉදිරියට යාමට අපට හැකි වී තිබෙනවා. වසර 15ක් පුරා අඛණ්ඩව පාරිභෝගික බැංකු ක්ෂේත්‍රයේ හොඳම බැංකුව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූ අප ඉදිරියේදීත් එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා” යනුවෙනි.

පාරිභෝගික බැංකුකරණ නවෝත්පාදනයන් තුළින් පාරිභෝගික පහසුව හා මූල්‍ය සේවාවන් නැවත නැවතත් අරුත් ගැන්වීමට කටයුතු කර ඇති HNB පසුගියදා සිය ඩිජිටල්කරණ සේවාවන්හි සුවිශේෂී ඉදිරි පියවරක් තබමින් ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම සන්නිවේදනය කිරීමේ හැකියාව උදාකර දෙන ත්‍රෛභාෂා ජංගම දුරකතන බැංකු යෙදවුමක් හඳුන්වා දුන්නේය.

මෙම සේවාවන් තුළින් වඩාත් පහසුවෙන් පාරිභෝගිකයාට ප්‍රවේශ වීමේ හැකියාව මෙන්ම ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අත්දැකීම්, ඩිජිටල් ගනුදෙනු විධිමත් කිරීම හා ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ඉහළ නැංවීමටද හේතු වේ. මෙම ඩිජිටල් විසඳුම් තුළින් අවධාරණය කරනු ලබන්නේ පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් අති නවීන තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා වන HNB හි කැපවීමයි.

ඊට අමතරව HNB හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් පරිවර්තනයට ලක් කිරීම සඳහා වන උපාය මාර්ගික අවධානය හේතුවෙන් නිෂ්පාදන, සේවාවන් පිරිනැමීම් සහ පාරිභෝගික කටයුතු ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමටද බැංකුව කටයුතු කර ඇත. එසේම සිසුන් අතර ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම අරමුණු කරගත් ඉතුරුම් යෝජනා වැනි විශේෂිත පාරිභෝගික සේවාවල සිට අවම කාලයකදී සේවාව සලසා ගත හැකි ඩිජිටල් ක්‍රියාවලීන් දක්වා සෑම ක්ෂේත්‍රයකම නව්‍යකරණය වෙනුවෙන් කැපවී සිටින HNB පාරිභෝගික බැංකුකරණයේ සිය නායකත්වය මනාව ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.

සෑමවිටම පාරිභෝගිකයා වෙනුවෙන් සේවා සැපයීම සඳහා සිය ඩිජිටල් හැකියාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති HNB ශ්‍රී ලංකාවේ මූල්‍ය සවිබල ගැන්වීම් හා ආර්ථික ප්‍රගතිය උදෙසා විශ්වසනීය සහකරුවෙකු ලෙස කීර්තියක් අත්කරගෙන සිටියි.

පාරිභෝගික පහසුව ඉහළ නැංවීම සඳහා වන HNB හි කැපවීම 2024 LankaPay Technnovation සම්මාන උලෙළේදී බහුවිධ ඇගයීම් සමඟින් පිළිගැනීමට ලක් වූයේ ‘විශිෂ්ට පාරිභෝගික පහසුව සඳහා වන වසරේ බැංකුව’ සම්මානය තමන් සතු කර ගනිමිනි. මෙම පිළිගැනීම තුළින් ගෞරවයට ලක් වූයේ ඩිජිටල් ගෙවීම් විසඳුම් ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන බැංකුවේ කැපවීමයි.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...