HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

Share

Share

Share

Share

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට HNB කටයුතු කළ අතර, 2023 වසර තුළ දී ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් 58ක් අති සාර්ථක ලෙස අවසන් කෙරිණි. ‘HNB ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමීව ක්‍රියාත්මක වන සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරුණු මෙම සුවිශේෂී වැඩමුළු මාලව සඳහා දිවයින පුරා ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් 4,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) යන ආයතනවල සහයෝගය හිමි විය.

ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගනිමින්, ආර්ථික දියුණුවට සිය හැකියා ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව මෙන් ම ඉතිරි කිරීම, ඩිජිටල් බැංකු සේවා සහ ඒවා නිවැරදිව භාවිත කරන ආකාරය, නව වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීම, මූල්‍ය අවශ්‍යතා පිළිබඳ නිවැරදි ව අවබෝධ කර ගැනීම සහ මූල්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ආශ්‍රිත ව පුළුල් දැනුමක් ලබා දීම සිදු කෙරුණි.

HNB හි ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රධානී විනෝද් ප්‍රනාන්දු මහතා මෙම වැඩසටහන් මාලාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ” HNB, අපගේ වටිනා ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් වෙනුවෙන් විවිධ ප්‍රායෝගික වැඩමුළු ක්‍රියාත්මක කරමින් ඔවුන් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. එම නිසා ම රටේ ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායක අංශය නැංවීම වෙනුවෙන් HNB නිරන්තරයෙන් කැප වන බව කිව යුතු ම යි.” යනුවෙනි.

මෙරට ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් 1989 වර්ෂයේ දී HNB විසින් හඳුන්වා දෙනු ලැබූ ‘ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය මඟින් වර්තමානය වන විට ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබා ඇති අතර, මෙම ණය යෝජනා ක්‍රමය මඟින් වර්තමානය වන විට ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 25කට අධික වේ. ද ඒෂියන් බෑන්කර් සඟරාව මගින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්ෂුද්‍ර මූල්‍ය සේවාව ලෙස නම් කරනු ලැබූ ‘ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය හරහා ණය ලබා දීමට අමතරව, ගනුදෙනුකරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම, රක්ෂණ ක්‍රම හඳුන්වා දීම හරහා ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත භාවය වර්ධනය කිරීම, මූල්‍ය සාක්ෂරතාව හා ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීම මෙන් ම ග්‍රාමීය මට්ටමින් පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ආදී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට HNB කටයුතු කරයි.

 

 

 

 

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...