HNB, තාරුණ්‍යය සවිබල ගැන්වීම හා ආර්ථික වර්ධනය සඳහා ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සස්නක සංසද පදනමට සහයෝගය දක්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු වූ අතර ඒ සඳහා HNB හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සමඟ සස්නක සංසද පදනමෙහි නිර්මාතෘ හසිත විජේසුන්දර මහතා සහ ආයතන දෙකෙහිම ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීන් එක් විය.

මෙම අවස්ථාවට එක්වෙමින් HNB හි ප්‍රධාන මානව සම්පත් නිලධාරී කයිලයිවාසන් ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ “පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ හෙට දවසේ නායකයින් බිහි කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කර තිබෙනවා. අනාගතය වෙනුවෙන් මනා ව්‍යාවසායකත්ව හා නායකත්ව පුරුදු වර්ධනය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා වැඩි අවස්ථාවක් උදා කර ගැනීමට මෙන්ම එය දිරිමත් කිරීමට සස්නක පදනම වැනි පිළිගත් සංවිධානයක් සමඟ එක් වීම තුළින් හැකියාව උදා වනවා. මෙම හවුල්කාරීත්වය අනාගත නායකයින් දිරිමත් කිරීම හා ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය පියවරක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය යටතේ සස්නක පදනමේ ප්‍රධාන වැඩසටහන් දෙකක් වන ‘සිසු සවිය’ පාසල් ශිෂ්‍ය නායක නායකත්ව සංවර්ධන වැඩසටහන සහ “EntreGate” පාසල් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වීමට HNB කටයුතු කරනු ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා දිරි ගැන්වීමක් වන සිසු සවිය ශ්‍රී ලාංකේය තාරුණ්‍ය වෙනුවෙන් නිර්මාණය කර ඇති නවතම වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකිය. නායකත්ව ගුණාංග වර්ධනය කිරීම හා චරිත ගොඩනැගීම වෙනුවෙන් නිර්මාණය කරඇති එය ශිෂ්‍යත්ව ලබන්නන්, ශිෂ්‍ය නායකයින්, උපාධි අපේක්ෂකයින් හා තරුණ වෘත්තිකයින් වෙත හැකියාවන් වර්ධනය කරගැනීමේ වැඩමුළු හා අවස්ථා ලබා දීමට කටයුතු කරනු ලබයි.

“EntreGate” වැඩසටහන අනාගත ව්‍යවසායකයින් පෝෂණය කිරීම හා ඉලක්කගත අධ්‍යාපනික වැඩසටහන් හරහා මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවමින් මෙන්ම ව්‍යවසායක අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කර දීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම අරමුණු කොටගත් සස්නක පදනමෙහි තවත් සුවිශේෂී වැඩසටහනකි. විරැකියාව අවම කිරීම, නවෝත්පාදන සංකෘතියක් බිහි කිරීම, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම හා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම මේ තුළින් අරමුණු කොට ගෙන ඇත.

මෙම වැඩසටහන් දිවයින පුරා තෝරාගත් පාසල් 12කදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම එක් පාසලකින් දරුවන් 120ක් පමණ තෝරා ගනු ලබයි. මෙම වැඩසටහන් හරහා සිසු සිසුවියන් 1400කට පමණ සහයෝගය දැක්වීමට සස්නක සංසද පදනම බලාපොරොත්තු වෙයි.

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර සීවලී විද්‍යාලය, මාතර මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, හම්බන්තොට දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය, කළුතර තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම නන්දිමිත්‍ර මධ්‍ය මහා විද්‍යාලය, කන්තගේ මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල ශාන්ත තෙරේසා කාන්තා විද්‍යාලය සහ ගම්පහ අනුර මධ්‍ය මහා විද්‍යාලය එම පාසල් 12ට ඇතුළත් වන අතර මෙම වැඩසටහන් යටතේ දැනුම හුවමාරු කර ගැනීම හා ක්‍රියාකාරකම් සඳහා එක් වන පිරිස තවදුරටත් ඉහළ යා හැකිය.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...