HNB මාතෘ රැකවරණය සහ ළමා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම මැනවින් පෙන්නුම් කරයි.

පවතින අර්බුදයන් හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග හේතුවෙන්  පීඩාවට පත් ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන්ට සහාය වීම මෙම කාලෝචිත මැදිහත් වීමේ අරමුණයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල (MOH), ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ සුහදව කටයුතු කරමින් දිවයින පුරා පිහිටි තෝරා ගත් පාරිභෝගික ඒකක 56 කදී ගැබිණි මවුවරුන් දහසකට රු. 5000 ක වටිනාකමින් යුතු පෝෂණ මල්ලක් සෑම ප‍්‍රතිලාභියෙකුටම මැයි මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් ලබාදීමට බැංකුව කටයුතු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී – තිරසාර හා ආයතනික සන්නිවේදනය, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ, ”ඔබ වෙනුවෙන් අපි වැඩසටහනේ දෙවන අදියර තුළින් ගැබිනි මවුවරුන්ගේ ජීවිතයට තිරසාර බලපෑමක් ඇති කිරීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා. අපගේ පරමාර්ථය වන්නේ අත්‍යාවශ්‍ය පෝෂණය ලබා දීමෙන්, මව සහ දරුවාට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සඳහා මාවත විවර කර දීමයි.’’ යනුවෙනි.

මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සමඟ සහයෝගයෙන්, ගර්භණීභාවය සහ අලූත උපන් බිළිඳුන්ගේ අවශ්‍යතා පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණ සංවිධානය කෙරිණි. තවද නිරෝගීමත් ගර්භනී කාල සීමාවක් සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන අතරතුර ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා දැනුම සහ භාවිතයන් පිළිබඳව ද මව්වරුන් දැනුවත් කිරීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.

කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟම බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබා දෙමින් මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන සඳහා අරමුදල් සපයා දෙනු ලැබීය. HNB හි තිරසාර පදනම විසින් එය මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් මෙම වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

තවද මෙම වැඩසටහනේ කොටසක් ලෙස HNB, ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) හෘද රෝග ඒකකයට VDI mini computers පරිත්‍යාග කිරීම, පිළිකා රෝගීන්ට මූල්‍ය ආධාර ලබා දීම සහ රෝහල් වලට අවශ්‍ය නොයෙකුත් පරිත්‍යාග කිරීම ඇතුළු සමාජ සුබසාධන ව්‍යාපෘති කිහිපයක් ද ක‍්‍රියාත්මක කර ඇත.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...