HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ සුවිසල් වෙනසක් වෙනුවෙන් UNIMO සමඟ එක් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි.

HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් විසින් අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අතර එම ගිවිසුම යටතේ ආයතන දෙකෙහිම ගනුදෙනුකරුවන් හට රථ වාහන මිලදී ගැනීමේදී තරඟකාරී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ ලබා දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “අපගේ ගනුදෙනුකරුවන් වෙත නව්‍යකරණ හා පහසු මූල්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන අප UNIMO සමඟ ඇති කර ගනු ලැබූ මෙම සහයෝගීතාව තුළින් රථ වාහන මිලදී ගන්නා අපගේ ගනුදෙනුකරුවන් වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීමට බලාපොරොත්තු වනවා. අපගේ ගනුදෙනුකරුවන් මෙම සුවිශේෂී ප්‍රතිලාභ සලසා ගැනීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇතැයි මා විශ්වාස කරනවා” යනුවෙනි.

සිය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය යටතේ ආකර්ෂණීය මූල්‍යකරණ විකල්ප රැසක් ඉදිරිපත් කර ඇති HNB කිසිඳු අමතර පොලියකින් තොරව වසර 5ක් දක්වා ලීසිං පොලී ගෙවීමේ හැකියාව පාරිභෝගිකයින්ට සලසා දීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

එසේම රථ වාහන නිෂ්පාදන, සේවා, අමතර කොටස්, ටයර්, බැටරි සහ ඒ හා සම්බන්ධ තවත් බොහෝ දේ මිලදී ගැනීමේදී සිය Prime credit කාඩ්පත් සඳහා සුවිශේෂී වට්ටම් හා දීමනා ලබා දීමට ද HNB මෙහිදී පියවර ගෙන ඇත. තවද HNB General Insurance වෙතින් රුපියල් මිලියන 4.5ක රක්ෂණාවරණයක් සහ ස්වභාවික මරණයකදී රුපියල් 600,000ක රක්ෂණාවරණයක් ද මේ තුළින් ප්‍රතිලාභ ලබන ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලනය හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් 2022 වසරේ “හොඳම ආයතනික පුරවැසියා” (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. තවද ආසියානු පැසිෆික් කලාපයේ ‘හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට’ හිමි සම්මානය HNB දිනා ගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් ද 14 වැනි වරටත් HNB ඇගයීමට ලක් කර තිබේ. මීට අමතරව 2023 වසර සඳහා Business Today සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරටත් HNB තේරී පත් වී ඇත.

තවද ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA), වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් HNB 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට ද ගෞරවයට පාත්‍ර කර ඇත. යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ ‘වෙළෙඳපොල ප්‍රමුඛයා’ සහ ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳම සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර වෙමින් HNB වෙළෙඳ මූල්‍ය සේවාවල සිය විශිෂ්ටත්වය පෙන්නුම් කළේය.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...