HNB, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස TAB Global ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයක් හිමිකර ගනියි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස TAB Global විසින් නම් කර ඇත. TAB Global හි ලොව විශාලතම සහ ශක්තිමත්ම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාව නිකුත් කිරීමෙන් පසු HNB මෙසේ පිළිගැනීමට ලක් වූ බව බැංකුව විසින් නිවේදනය කරන ලදී.

ලොව පුරා නියාමකයින්, විශ්ලේෂකයින් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අනුගමනය කරන ඉහළ මිනුම් සලකුණක් ලෙස සලකනු ලබන TAB Global ශක්තිමත් බැංකු ශ්‍රේණිගත කිරීම, බැංකු සහ මූල්‍ය සමාගම්වල ස්ථාවරත්වය හා කාර්යසාධනයට අදාල ප්‍රධාන දර්ශක සහ වාර්තා ඇගයීම තුලින් සිදු කරනු ලබයි. 2025 වසරේ ඇගයීම පරිමාණය කිරීමේ හැකියාව, ශේෂ පත්‍ර වර්ධනය, අවදානම, ලාභදායීතාව, වත්කම්වල ගුණාත්මකභාවය සහ ද්‍රවශීලතාවය යන අංශවල මිනුම් 14ක් මත පදනම්ව සිදු විය. ජාත්‍යන්තර වාර්තාකරණ රාමුවලට ගැලපෙන පරිදි මාර්තු මස සිට අගෝස්තු මාසය දක්වා මෙම පර්යේෂණය සිදු කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “මෙම පිළිගැනීම තුලින් බැංකුවේ තිරසාර මූල්‍ය ශක්තිය සහ උපායමාර්ගික ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඇති නොසැලෙන කැපවීම මනාව අවධාරණය කරනවා. අපගේ කණ්ඩායමේ විනය හා වගවීම මෙම පිළිගැනීම සඳහා සුවිසල් පිටිවහලක් වුණු අතර ගනුදෙනුකරුවන්, ආයෝජකයින් සහ හවුල්කරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය එමගින් තහවුරු වනවා. ඒවගේම ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් ලෙස අපගේ දැක්ම තවදුරටත් ශක්තිමත් කිරීමටද මේ තුලින් හැකි වනවා.

අපි ඉදිරියේදීත් අඛණ්ඩව මෙරට ආර්ථික දියුණුව වෙනුවෙන් දායක වෙමින් අපගේ ශක්තිය ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.
2025 වසරේ ශක්තිමත්ම බැංකුව ලෙස පිළිගැනීමට ලක් වූයේ මෙම වසරේ TAB Global ශ්‍රේණිගත කිරීම්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මේ මඟින් HNB හි ශේෂ පත්‍රයේ ගුණාත්මකභාවය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ අභියෝගාත්මක ආර්ථක තත්වයන් යටතේ ස්ථාවරව පවත්වා ගැනීමේ හැකියාව ද පිළිබිඹු කරයි. තවද තිරසාර හැකියාව, ආයතනික විශ්වසනීයත්වය සහ බාහිර අභියෝගයන් දරා ගැනීමේ හැකියාව සහිත පිළිගත් ගෝලීය මූල්‍ය ආයතනයක් බවට පත්වීමටද මේ තුලින් HNB සමත්ව සිටී.

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...