HNB සහ ලිට්‍රෝ එක්ව ශ්‍රී ලංකාව පුරා ගෘහස්ථ ගෑස් බෙදා හැරීම සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයින්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයින්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය.

2025 අප්‍රේල් මාසයේදී අත්සන් කරන ලද මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ආරක්ෂිත, real-time ගනුදෙනු හරහා ඩිජිටල් පහසුව වැඩි දියුණු කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමයි.

මෙම හවුල්කාරිත්වය යටතේ HNB විසින් ලිට්‍රෝ නියෝජිතයින්ට සහ අලෙවිකරුවන්ට POS යන්ත්‍ර ලබා දෙනු ඇති අතර මෙමගින් පාරිභෝගිකයින්ට කාඩ්පත් හෝ LankaQR සමඟ අනුකූල apps භාවිතා කර පහසුවෙන් ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසයි. මෙම පියවර මගින් දෛනික ගනුදෙනුවලදී ගෙවීම් ආරක්ෂිතව සහ නිරීක්ෂණය කිරීම පහසු කරවන අතරම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ඉලක්කයට සහාය වෙයි.

මේ පිළිබඳව අදහහස් දක්වමින් HNB උප සභාපතිනි-කාඩ්පත් අංශය, ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවේ ‘’ගෘහස්ථ ගෑස් බෙදා හැරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් විකල්ප හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ විශාල පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. මෙරට ජනතාවට ගෑස් මිලදී ගැනීමේදී ආරක්ෂිත සහ සරල ගෙවීම් ක්‍රම ලබා දීම සඳහා ලිට්‍රෝ සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම ගැන අපි ආඩම්බර වනවා.’’ යනුවෙනි.

තවද මෙම හවුල්කාරිත්වය මගින් ලිට්‍රෝ සමාගමට සිය ඩිජිටල් සැලසුම් සමඟ ඉදිරියට යාමට උපකාරී වනු ඇත. එමඟින් ඔවුන්ගේ දෛනික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් ශ්‍රී ලංකාව පුරා සිටින ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් සහ අලෙවිකරුවන්ගෙන් ගෙවීම් එකතු කරන ආකාරය පැහැදිලිව නිරීක්ෂණය කිරීමත් පහසු කරනු ඇත.

“අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික ගෑස් අවශ්‍යතා සඳහා ගෙවීම් කටයුතු සිදු කරන ආකාරය තෝරා ගැනීමේදී වැඩි පහසුවක් සහ වැඩි ගෙවීම් විකල්ප ලබා දීමට HNB සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වනවා. එමෙන්ම මෙම හවුල්කාරීත්වය ඩිජිටල්කරණය සඳහා වන අපගේ පුළුල් සැලැස්ම සමඟ හොඳින් ගැලපෙන අතර අපගේ සේවා සැපයීමේදී පාරිභෝගික අත්දැකීම්, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා වන කැපවීම ද පෙන්නුම් කරනවා.”යනුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසුවේය.

මීට අමතරව මෙම හවුල්කාරීත්වය ලිට්රෝ අලෙවි නියෝජිතයින්ට සහ බෙදාහරින්නන්ට ගෙවීම් වාර්තා පිළිබඳව නිවැරදි සැසඳීම් සිදු කිරීමට, පියවීම් වේගවත් කිරීම සහ මුදල් හැසිරවීමේදී ඇතිවන අවදානම් සහ පිරිවැය අඩු කිරීමට ද සහාය වනු ඇත.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...