HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

Share

Share

Share

Share

Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. විදුලි වාහන වෙත මාරු වීමට කැමති පාරිභෝගිකයින්ට දැන් Browns EV මාදිලි මිලදී ගැනීම සඳහා විශේෂ ලීසිං සැලසුම් කිහිපයකින් තෝරා ගත හැකිය.

HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ මෙම හවුල්කාරිත්වය පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුවේ දැඩි කැපවීම පෙන්නුම් කරන බවයි. ‘’ශ්‍රී ලංකාව කාබන් විමෝචනය අවම ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා HNB කැපවී සිටිනවා. Browns EV සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා, අපි පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන දැරිය හැකි සහ නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟ නවීන, බලශක්ති කාර්යක්ෂම වාහන සඳහා ප්‍රවේශය ලබා දෙනවා.’’ යනුවෙනි.

Browns EV නගර සහ තදාසන්න ප්‍රදේශ යන දෙකටම සුදුසු විදුලි වාහන පරාසයක් ඉදිරිපත් කරයි. දැරිය හැකි මිල, ඉහළ කාර්ය සාධනය සහ ශුන්‍ය විමෝචන ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම වාහන පුද්ගල හා ව්‍යාපාර යන දෙඅංශය අතර ජනප්‍රිය වෙමින් පවතී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සහ ව්‍යාපාරවලට විදුලි වාහන වෙත පුළුල් ප්‍රවේශයක් ලබා දීම සහ ඒවායේ මූල්‍ය හා පාරිසරික ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Browns EV අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා පැවසුවේ ‘’ශ්‍රී ලංකාවේ විදුලි වාහන සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා HNB සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම ගැන අපි ඉතා සතුටු වෙනවා. Browns EV හි අප පරිසර හිතකාමී සහ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ විදුලි වාහන ලබා දීමට කැපවී සිටිනවා. HNB හි නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟින් වැඩි පාරිභෝගිකයින් පිරිසකට විදුලි වාහන වෙත මාරු වීමට සහ අපේ රටට පරිසර හිතකාමී, හරිත අනාගතයක් සඳහා දායක වීම අපගේ බලාපොරොත්තුවයි.’’ යනුවෙනි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...