HNB සහ Plantchem හවුල්කාරීත්වයෙන් Lovol ට්‍රැක්ටර්ස් සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.

කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ Plantchem එක්ව කටයුතු කර ඇත. මේ හරහා ගොවීන්ට සහ කෘෂි ව්‍යවසායකයින්ට පහසු සහ දැරිය හැකි මෙන්ම තරඟකාරී ලීසිං සැලසුම් භාවිතා කරමින් Lovol ට්‍රැක්ටර්ස් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. තවද ගොවීන්ට ඉක්මනින් හා කාර්යක්ෂමව වැඩ කිරීමට, වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සහ දිගු කාලීනව ගොවිතැන් කර්මාන්තය ශක්තිමත් සහ තිරසාර කිරීමට උපකාර කිරීම මෙහි ඉලක්කයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමට සහාය වීමට බැංකුව කැපවී සිටින බවයි. “ගොවීන්ට දැරිය හැකි සහ විශ්වාසදායක යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රවේශය ලබා දීම ඔවුන්ගේ ආදායම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා. Plantchem සමඟ අපගේ හවුල්කාරිත්වය හරහා, ගොවීන්ට ඔවුන්ගේ අනාගතය සඳහා ආයෝජනය කිරීමට සහ වඩාත් කාර්යක්ෂම හා තිරසාර ගොවිතැන් ක්‍රම අනුගමනය කිරීමට උපකාරී වන ආකර්ෂණීය මූල්‍ය විසඳුම් ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ Lovol ට්‍රැක්ටර්ස් බෙදාහරින එකම සමාගම වන Plantchem විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවක් සහිත ශක්තිමත්, ඉහළ කාර්යසාධනයක් සහිත යන්ත්‍රෝපකරණ සැපයීම සඳහා ප්‍රසිද්ධයක් උසුලයි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඩීමෝ සමූහය යටතේ ක්‍රියාත්මක වේ.

“HNB සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට නව අවස්ථා රැසක් නිර්මාණය කරනු ඇති. Lovol ට්‍රැක්ටර්ස් විවිධ කෘෂිකාර්මික කාර්යයන් ඵලදායීව සහ පහසුවෙන් ඉටු කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. අපගේ නිෂ්පාදන ගුණාත්මකභාවය සමඟින් HNB හි පුළුල් ශාඛා ජාලය සහ මූල්‍ය විශේෂඥතාව ඒකාබද්ධ කිරීමෙන් දිවයින පුරා සිටින ගොවීන් වැඩි පිරිසකට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ වෙත ප්‍රවේශය ලබා දීමට අපට හැකියාව ලැබෙනවා.’’ යනුවෙන් Plantchem හි ප්‍රධාන විධායක නිළධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

HNB සහ Plantchem අතර ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ග්‍රාමීය සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා මෙම ආයතන දෙකෙහිම ඒකායන අරමුණ පෙන්නුම් කරයි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...