HNB සිය පළමු වෙළෙඳ මධ්‍යස්ථානය පිටකොටුවේදී විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා එක් වූ අතර එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ එම කලාපයේ ගනුදෙනුකරුවන් රැසක්ද ඊට එක් විය.

මෙරට කාර්යබහුලත්වයෙන් වැඩිම වාණිජ දිස්ත්‍රික්කවලින් එකක පිහිටා ඇති HNB හි මෙම වෙළෙඳ මධ්‍යස්ථානය සම්මත බැංකු ශාඛා මෙහෙයුම්වලින් ඔබ්බට යමින් සෑම සතියේ දිනකම පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා දිගු වේලාවක් විවෘතව තිබීම විශේෂත්වයකි. මෙම පහසුකම තුලින් වෙළෙඳ ගනුදෙනුකරුවන් හට ණයවර ලිපි (LC) වැනි ලියකියවිලි ඉදිරිපත් කිරීමට හා සැකසීමට, උපදේශන සේවාවන් ලබා ගැනීමට මෙන්ම ඉහළ කාර්යක්ෂමතාවයක් යටතේ වෙළෙඳාමට අදාල ගනුදෙනු රැසක් පහසුවෙන් ඉටුකර ගැනීමට හැකියාව ඇත.
තවද HNB හි මෙම වෙළෙඳ මධ්‍යස්ථානය එහි පුළුල් උපායමාර්ගයන් මනාව පෙන්නුම් කරමින් විශේෂිත මූල්‍ය යටිතල පහසුකම්, වැඩිදියුණු කළ ආපසු හැරවීමේ කාලයන් සහ ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා සමඟින් ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙවැනි වෙළෙඳ මධ්‍යස්ථාන රට පුරා ප්‍රධාන නගරවල පිහිටුවීමට HNB සැලසුම් කර ඇති අතර මෙය එම පියවරෙහි පළමු අවස්ථාව ද වේ.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා සඳහන් කර සිටියේ “මෙම නවතම මධ්‍යස්ථානය මගින් කාර්යක්ෂම හා පාරිභෝගික පහසුව ඉහළ නැංවීම කෙරෙහි අපගේ කැපවීම පෙන්නුම් කරනවා. රටේ දියුණුවට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවනු ලබන ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් සඳහා වෙළෙඳ මූල්‍යකරණය ඉතා වැදගත්. එබැවින් මෙම නව වෙළෙඳ මධ්‍යස්ථානය හඳුන්වා දීම තුලින් වේගවත්, වඩාත් නම්‍යශීලී සහ පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන සේවා ආකෘතියක් හඳුන්වා දීමට අපට හැකි වුණා. අපගේ සේවාදායකයින් සඳහා අවශ්‍ය වේගවත් සැකසුම්, විශේෂඥ උපදෙස් සඳහා ප්‍රවේශය සහ වෙළඳ මූල්‍ය කටයුතු පහසුවෙන් හැසිරවීමට නිවැරදි යටිතල පහසුකම් මනාව සපුරාලන අපගේ තවත් එක් සුවිශේෂී සේවාවක් ලෙසද මෙය පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...