HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගා සිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොලට පිවිසීමට අදහස් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යාපාර බැංකු ගනුදෙනුකරුවන් ඉලක්ක කොටගත් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට HNB කටයුතු කළේය. DEVPRO සහ HNB එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන දින දෙකක් පුරා පැවැත්වුණු අතර ඊට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 40කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා ක්ෂුද්‍ර මූල්‍ය රජීව් දිසානයක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මධ්‍යස්ථාන ප‍්‍රධානී යසුර සමරකෝන්, DEVPRO හි විධායක අධ්‍යක්ෂ තිලක් කරුණාරත්න සහ DEVPRO හි වැඩසටහන් කළමනාකාර මොහමඞ් ෂරීෆ් යන මහත්වරුන් ද එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා ක්ෂුද්‍ර මූල්‍ය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රජීව් දිසානයක මහතා ‘’ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන් සතු හැකියාවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මෙම වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වනවා. වත්මන් ඩිජිටල්කරණ තාක්ෂණයත් සමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට ගෝලීය වෙළෙඳපොල සමඟ කාර්යක්ෂමව සම්බන්ධ වීමට හැකියි. ඉහළ යන තාක්ෂණික ක‍්‍රමෝපායන් හා සන්නිවේදන වියදම් අවම වීම, සියලූ ප‍්‍රමාණයේ ව්‍යාපාරයන් වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය වීම තුළින් මේ සඳහා වන අවස්ථා තව දුරටත් ව්‍යාප්ත වී ඇති බවත් දැකිය හැකියි. වඩාත් තිරසාර හා දියුණු ආර්ථිකයක් වෙනුවෙන් වන අපගේ දැක්ම සමඟ මනාව ගැලපෙන මෙම වැඩසටහන තුළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගෝලීය වෙළෙඳපොල වෙත සම්බන්ධ වීමේ වැදගත්කම, ව්‍යාපාර ආකෘතීන් වැඩිදියුණු කිරීම හා පාරිසරික හා සමාජීය වගකීම් සහිත ව්‍යාපාරකරණය අනුගමනය කිරීම පිළිබඳව දැනුවත් කිරීම විශේෂත්වයක් ලෙස දැක්විය හැකියි. මේ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් වන අතරම ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා ශ‍්‍රී ලාංකේය ආර්ථිකයටද සුවිසල් ශක්තියක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යනුවෙන් පැවසුවේය.

HNB හි වෙළෙඳ ප‍්‍රධානී රොසෑන් ඩි අල්මේදා, විදේශ විනිමය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වජිර අබේසුන්දර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන හා සබඳතා ප‍්‍රධානී එන්. කේතීෂ්වරන්, ප‍්‍රතිමූල්‍යකරණ යෝජනා ක‍්‍රම හා ණය සේවා ප‍්‍රධානී බණ්ඩාර රැකෝගම, ගෙවීම් හා මූල්‍ය කළමනාකරණ – විසඳුම් කළමනාකාර – ප‍්‍රසන්න සිල්වා සහ ව්‍යාපාර බැංකුකරණ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජූඞ් පිල්ලෙයි යන මහත්ම මහත්මීන් මෙහි සංවාද මණ්ඩලයට එක් විය.

මෙහිදී උපුල් දිසානායක මහතා විසින් මෙහෙවන ලද වැඩසටහන තුළින් උපාය මාර්ගික වර්ධනයන් අරමුණු කොටගත් පුළුල් සාකච්ඡුා හා විශ්ලේෂණයන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ඉදිරිපත් කළ අතර කුළු බඩු, පොල්, කොකෝවා, බෑග් නිෂ්පාදන, බුරුසු නිෂ්පාදන, මුහුදු ආහාර, තේ සහ බතික් වැනි ව්‍යාපාර සිදු කරන ව්‍යවසායකයින් හට එය ඉමහත් මග පෙන්වීමක් විය.

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...